Thursday, April 2, 2009

අද අප්‍රේල් 2 - අතීතය සිහිනයක් පමණයි..

අද දවසම වැස්ස ඒ අස්සේ කරන්ට් එකත් නැහැ කිසිම වැඩක් කරන්න විදිහක් නැහැ. කම්මැලිකමට පරණ පොත් ටිකක් ඇවිස්සුවා. දැන් හිතෙනවා එහෙම කරපු එක අපරාදේ කියලා. පරණ දේවල් එක්ක මතකය අලුත් වෙනවා. හිනාවෙන්න බැරි මතකයන් මතක් වෙනකොට...........

පොත් අතරේ තිබිලා පරණ නිසදැස්,කවි පොතක් හම්බ උනා. ඒ ජීවිතේ සුන්දරම කාලයේ අවසානයෙත් අසුන්දර කාලයේ ආරම්භයෙත් ලිවුව ඒවා. සමහර ඒවට උත්තර ලියල තිබුනා. සමහර ඒවට අදටත් උත්තර නැහැ......

පොතේ තිබ්බ අන්තිම කවිය තාම හොදට මතකයි.

'' බුර බුරා නැගෙන හදවතේ ගින්දරයි
දෙනෙත් පුපුරා ගලන කදුළු හරි සුන්දරයි
ජීවිතේ හැමදාම ආදරේ දුර තමයි
මා ඔබෙන් සමුගනිමි ඉතින් මට අවසරයි...''

3 comments:

  1. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ...
    ඔබ එපා කිව්ත් ඔබ එපා වෙන්නේ නෑ...
    යලි එතැයි කියා සිතුවත් ඔබ යලි එන්නේ නෑ
    හිත පුරා ආදරේ කරන්න මට දැන් කවුරුත් නෑ...

    මචෝ, මාත් තව කට්ටියකුත් ඔයා වගේම එකම බොට්ටුවේ.

    ReplyDelete
  2. හ්ම්...ගනන් ගන්න එපා මචෝ...

    ReplyDelete
  3. "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ" මේ මම ආසම සින්දුවක් අහල බලන්න ඇඬෙනවා. ඒත් අතීතය මෙනෙහි කරන එකත් හරි සුන්දර දෙයක් මල්ලි.

    ReplyDelete