Wednesday, April 8, 2009

අද අප්‍රේල් 8 - උන්ගේ වරිගෙම නසන කාළකන්නියා....

දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා පිරිබාහරන් තමන්ගේ ජාතියම නසන්නට තරම් කෘර වෙලා. අද ඒ පැත්තෙ ඉදන් නිදහස හොයාගෙන එන අහිංසක මිනිස්සු පිරිසකට වෙඩිතියලා. අවුරුදු 45 ක පියයි,අවුරුදු හතරක නොදරුවෙකුයි වෙඩිවැඩිලා මියගිහින්. අහිංස බිරිදට තමන්ගෙ ස්වාමියා,දරුවන්ට පියා,අම්මට තමන්ගෙ කිරි දරුවා කලපුවේ අත්හැරලා එන්න තරම් අහිංසක මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද. අඩුමතරමේ මිනියවත් අන්තිම මොහොතේ දැකගන්න නැහැ අපි හැමෝම ලේ,මස්,ඇට,නහර වලින් හැදිච්ච මිනිස්සු. සිංහල උනත් දෙමල උනත් හැමෝම මිනිස්සු. ඒ බිරිදගේ,දරුවන්ගේ ඇස් වලින් බිමට වැටෙන කදුලු බිංදුවක් ගානේ අර කාළකන්නියාට ශාප වෙනවා.
''තොපි සිංහලයෝ මැරුවද?
නැහැ උන් අපිව වට කරලා
කෝ අපේ දෙමලු
උන් දැන් එහා පැත්තට පැනලා යනවා
එහෙනම් දෙමලු මරපිය
ඒත් උන් අපේ එවුන්නෙ
යකෝ උන් ගියොත් අපි බේරෙන්නෙ කොහොමද
ඒත් අපි කොහොමද අපේ උන් මරන්නේ
කොහොමහරි මරපිය...මරපිය...මරපිය...
මට බැහැ ඒක කරන්න
ඉදා එහෙනම් උඹටත්......''
[තවත් උන්ගෙ එකෙක් උන් අතින්ම ඝාතනය වු වගයි]

2 comments:

  1. ඔබේ කථාව හරියටම හරිය.ත්‍රස්තවාදයට හොද නරක,ජාති ආගම් ආදි කිසිවක් වටින්නේ නැත.මොවුන් කාගේවත් විමුක්තිය ලගාකර දෙන්නන් නොවන බව දැන්වත් හොදින් අවබෝධ කරගතයුතු කලක සමහරැන් මොවුන්ට තවමත් කඩේ යන්නේ ඇයි දැයි මට නම් නොහැගේ.
    මමත් මේ පිලිබදව ලිපි කිහිපයක්ම ලියා ඇත.www.adaheraya.co.cc

    ReplyDelete
  2. හරියට හරි සහෝදරයා දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා අර කාළකන්නියාට තවත් තියෙන්නෙ පැය ගානක් විතරයි. ඌ වෙනුවෙන් කඩේ යන් ගොන් දෙශපාලකයොන්ටත්,ජඩ මාධ‍ය වලටත්, අපේ ජනතාව පාඩමක් උගන්නන්න ඕනේ.

    ReplyDelete