Monday, December 7, 2009

ආදරේ දැනෙන කොට...

මම මුලින්ම එයාත් එක්ක කතාකරන කොට
එයා මාත් එක්ක පිස්සුවෙන් වගේ කතාකලා........

පස්සෙ මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොට
එයා මට එක දිගටම හුගාක් වෛරකලා.......

අන්තිමට මම එයාට වෛර කරන කොට
එයා මට හුගාක් ආදරේ කරන්න පටන් අරන්........

ආදරේ දැනෙන කොට.......ආදරේ දුක දැනෙන කොට......
අවංකව ආදරේ කරන්න හිතෙනවා ඇති.....

Sunday, December 6, 2009

මුහුදු රළ වගේ....

ඇය මගේ ලගින්ම....
ඔව්....

ඉස්සර මම ලංවෙන්න ලංවෙන්න
ඇය මගෙන් ඈතට ගියා....
පස්සේ
බැරිම තැනඅමාරුවෙන් උනත්....
ඇය ලග ඉන්න බැරි හින්දා
මම ඇගෙන් ඈතට ගියා....

මම ඇගෙන් ඈතට යන්න යන්න
ඇය මගේ ලගට ආවා....

මාරයි....
පුදුමයි....

ආදරේ එහෙම වෙන්නැති....
මුහුදු රළ වගේ....
දැන් නිතරෝම ඇය මගේ ලග...
හරියට රළ අයිස් වෙලා වගේ....

Thursday, December 3, 2009

සත්‍යම සත්‍ය කථාවක්...



දිනය - හීනියට පොද වැටුන ඊයේ රෑ...
වෙලාව - හරියටම වෙලාව අටට විතර ඇති...
තැන - සිහිල් සුළන් හමන වෙල් යාය අද්දර...



''සුදූ...''

''හ්ම්...''

''ඔයා මට ඇත්තටම ආදරේද?....''

''ඔයාට මාව විශ්වාස නැත්ද...''

''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''

''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''

''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''

''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''

''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''

''මමත් ඔයාට ආදරෙයි අයියේ...''

''කොච්චරක්ද?...''

''ගොඩාක්....''

''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''

''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''

''මමත් එහෙමයි සුදූ.....''

''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''

''හ්ම්.....''

''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''

''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''

''ඔව් අය්යේ....''

''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''

''මම දන්නවා අය්යේ.....''

''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''

''ඇයි?....''

''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''

''මං හින්දා නේද?''

''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''

''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...''
[ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....]

''සුදූ.....''

''හ්ම්.....''

''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''

''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''

''අපිට වරදින්නැහැ සුදූ.....''
[මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා]

''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''

''මමත්....''

''මචෝ.....දැන් යමුද රෑ වෙලා''
[මගේ අතිජාත මිතුරු කැල......මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......]

''යමල්ලා... යමල්ලා...''

''අපි යනවා රත්තරන්....''

ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....

ආදරේ මොනතරම් සුන්දරද....ආදරේ ජීවිතේ නිවනවා....එනගමන් මට සිතුනා.....

[ සත්‍යම සත්‍ය කථාවක් ]

Wednesday, November 25, 2009

Tuesday, November 17, 2009

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වශයෙන් එහි නිල නිවෙදනය මෙහි පලකරමි.

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී.

සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

Friday, November 13, 2009

''විජේවීරව විකුනගෙන කෑම...''

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහන විජේවීර සහෝදරයා සමරමින් ඉල් මහා විරු සමරුව ඊයේ දිනයේදී පැවැත්වුනා.ඊයේ දිනයේ පැවතියේ විරු සමරුවක් නොව මහපොළ වැනි වෙළද ප්‍රදර්ශනයක් සහ අලෙවිපොලක් බවයි එයට සහභාගීවූ මගේ මිතුරෙක් බොහොම ආවේගයෙන් පැවසුවේ.එයට හේතුව ඉල් මහා විරු සමරුපොලේදී විජේවීරව ජනතා විමුක්ති පෙරමුන විකුනගෙන කෑ බවයි ඔහුගේ අදහස.

ලෙනින්ලගේ,චේලගේ දැවැන්ත පෝස්ටර අදටත් ලෝකේ පුරාම මිනිස්සු අරගන්නෙ සිහිවටන විදිහට තබාගන්න.ඒවා විකුනන්නෙත් මුදල් මුල්කරගෙන නෙමේයි.සමාජ සුභසාදනය සදහා.

නමුත් ඊයේ විරුසමරු බිම පුරාම විජේවීරව වික්කේ මුදල් හම්බකරන්න.විජේවීරගේ රුව රැගත් පෝස්ටර්,විජේවීරගේ රුව රැගත් 2010 දිනදර්ශන,කුඩා පොකට් දින දර්ශන වගේම සාමාජීකයන් අතරේ සීමිතව හුවමාරු වු දින පොත් වගේම නොදැක්ක තව හුගක් දේවල් විශාල වටිනාකම් වලට විකුනන්න තරම් ජනතා විමුක්ති පෙරමුන බංකොලොත් වෙලා.

ඊයේ විරුසමරුවට සහභාගීවූ කිහිප දෙනෙක්ම තමන්ගේ නායකයා විකීනීම සම්බන්දව දැඩි කලකීරීමකින් කතාකලා.සිහිවටන වශයෙන් තබාගැනීම කියන අරමුනෙන් තොරව මුදල් හම්බකීරීම කියන අරමුනෙන් මේ විකිනීම් කල බවයි ඔවුන්ගේ මතය.

මේ වෙළද ආර්ථික ක්‍රමයත් එක්ක තම මව් පියන්වත් විකුනන්න උත්සහකරන සමාජෙක ජනතා විමුක්ති පෙරමුණට තමන්ගෙ පියාවන් විජේවීර විකුනගෙනකෑම එක අතකට පුදුමයට කරුනක් නෙමෙයි.

''හැබැයි එකදෙයක් මතක තියාගනිල්ලා.ඔය කාපුවා වමාරන කොට නොකාහිටියනම් හොදයි කියලා හිතෙයි.හැබැයි එතකොට හුගාක් පරක්කුවෙලා තියෙයි.''

Thursday, November 5, 2009

ඔන්න මම අලුත්ම වැඩක් පටන්ගත්තා
ඇවිල්ලම බලන්න......



http://www.dasungedasun.blogspot.com/




Sunday, October 25, 2009

එදා සහ අද.....

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....

Wednesday, October 14, 2009

''සතුට'' ශ්‍රී ලාංකිය අභිමානය සහ කොන්ඩම්...

ටිකක් අසම්මත කතාවක් වුනත් කතා කොකර ඉන්නම බැරි තැන මේක ලියන්න හිතුනේ.
පහුගිය සතිය පුරාම රූපවාහිනියේ[ශ්‍රී ලාංකිය අභිමානය නාලිකාවෙ] ප්‍රචාරනය වෙන හිරිකිත වෙලදදැන්වීමක් නිසා සමහර දෙමව්පියන් ගොඩක් අපහසු තාවයකට පත්වෙලා.

කොන්ඩම් කියන්නේ උපත් පාලන ආයුධයක්.ඒක එක අතකට සැගවිය යුතු දෙයක් නොවුනත් කොන්ඩම් සදහා වෙලද දැන්වීම් ප්‍රචාරනය කිරීම සදාචාර නැහැ කියන දෙයයි මගේ හැගීම.

ඇයි දැන් කොන්ඩම් විකිනෙන් නැද්ද?ඕනම භාන්ඩයක අලෙවිය පහත වැටුනම දැන්වීම් දාලා ප්‍රචාරනයක් දෙන එක ඇත්ත.....

ඇත්තටම දැන් කොන්ඩම් විකිනෙන් නැද්ද?
ඒ වගේ දෙයක් වෙනුවෙන් දෙනෝ දාහක් නරඹන රූපවාහිනියේ දැන්වීමක් දාන්න තරම් සදාචාරය පිරිහිලාද.....

මම තාම ඒ දැන්වීම දැක්කේ ස්වර්නවාහිනියේ විතරයි.ඒක ප්‍රචාරනය කරන්න ඔවුන් යොදාගෙන තිබුනෙත් බොහොම කැතම වෙලාවක්.පහුගිය සතියපුරාම ඔවුන් ඒ දැන්වීම ප්‍රචාරනය කලේ රටම නරඹන,කුඩා දරුවන්,දෙමව්පියෝ එකට වාඩිවී නරඹන රියැලටි වැඩසටහන් පෙළ අතරතුර.ඒ වෙලාවටම දෙවරක් ඒ දැන්වීම ප්‍රචාරනය කිරීම ''සතුට'' කොන්ඩම් වෙලෙන්දාගේ උවමනාවට සැලසුම් කර ප්‍රචාරනය කිරිමක්.
මේ දැන්වීම නැරඹු කුඩා දරුවනුත් සතුට ලබාගන්න දෙමව්පියන්ගෙන් තමන්ටද ඒකක් ගෙනත්දෙනලෙස ඉල්ලා ඇත...

රටකට උපත් පාලනය අවශය වුවත් රූපවාහිනියක කොන්ඩම් සදහා දැන්වීමක් ප්‍රචාරනය කිරීම මාධය සදාචාරයට පටහැනි ක්‍රියාවක් යන්නයි මගේ හැගීම....

ඔබේ දරුවා,ඔබේ මුනුපුරා,ඔබේ සහෝදරයා බෙන් ඇහුවොත් ඒ මොනවද කියලා. ඔබට කිව්වොත් මටත් ඒකක් ගෙනත් දෙන්න කියලා.මොනවද ඔබ දෙන උත්තර......

අපේ මාධය ඇමතිවරු දෙදෙනාත්,සංස්කෘතික ඇමතිවරු දෙදෙනාත් ශ්‍රී ලාංකිය අභිමානයේ සෝමා එදිරිසිංහ මැතිනියත් මේ ගැන අවධානය යොමුකල යුතුය.

Monday, October 5, 2009

මගේ පොත් සවාරිය.....

පහුගිය දවස් වල තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මමත් ගියා.පොත් ගොඩකුත් ගත්තා.පහුගිය දවස්වල වැඩ කටයුතු අධික වෙලා තිබ්බ නිසා ඒ ගැන විස්තරයක්වත් දාන්න බැරිවුනා. මේ තමයි මම ගෙනාපු පොත් ටික........තවත් ගන්නනම් පොත් ගොඩක් තිබ්බා.....එත් ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් අවුල්......කොහොම උනත් ගොඩක් වටින පොත් ගොඩක් මගේ කරගන්න ලැබුන එකට සතුටුයි.


Thursday, October 1, 2009

රිදවන්නට මා ......

''ජීවිතේ කළකිරුනු බොහෝ අවස්ථාවලදී සොදුරු මිනිසුන්ගේ හඩින් යළි මා ජීවත් කරවයි''

පහුගිය කාලේ එහෙම මාත් එක්ක කතාකරපු කෙනෙක් තමයි මහගෙදර කසුන් මල්ලි. ඔහුගේ නිර්මාණයන් අතරින් ගොඩක් හිතට දැනුන මේ නිර්මාණය පළකලයුතුමයි මට සිතුනා......
රිදවන්නට මා ........



මාගේ කනට කර මිමිනූ
ආදරණීය වදන්
දෙසවන් තුල තවමත්
එහෙට මෙහෙට
දොංකාර දෙනවා මිසක
ඇසෙන්නේ නැත
කිසිවෙකු පවසනා යමක්
මුලු ලෝකයම අන්ධකාරයෙන්
කිසිවෙක් නොපෙනේ මට
එකම එක දෙයක් හැරෙන්නට
නුඔගේ රුව මා දෑස් ඉදිරිපිට
එක් වචනයක් ඇති
රිදවන්නට මා සිතනු
ද ඒ බව දැන සිටියා නිසැකවම
ඇයිද දැන් හැරදමා ,
මා කල වරද නම් කවරක්ද
ඉවසන්නේ කෙලෙසකද ,
තවත් නම්
හඬනාවා මහා හයියෙන්
ඇසෙන්නට මුලු ලෝකයාටම
සත්තමයි තව මොහොතකින්.....

Tuesday, September 29, 2009

අලුත් ඇරඹුමක්.......

ජීවිතේ මහා පුදුමාකාරයි සිනහව පිරිලා ඉතිරිලා යන වෙලාවට,හිනා වෙලා හිනා වෙලා ඇස් වලින් කදුළු එන වෙලාවට එක පාරටම ඒ හිනාව මහා ගින්දරක් උනාම. ඒ ජීවිතවලට මහා ගින්දරක් එක්ක ජීවිතේ එපාවෙලා අරමුණක් නැතිව වේදනාවෙන් පිච්චෙන කොට, හිතෙන් අනන්තවත් ඇඬුවත් ඒක හංගගෙන අමාරුවෙන් හරි ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න වෙනවා...........

එහෙම ඉන්න කාලෙක අලුත් වැඩක් පටන් ගන්නයි මේ හදන්නේ.
ජායාරූපයක් කියන්නේ ජායාරූපශිල්පියගේ හිතේ කැකෑරෙන,පුපුරලා එලියට එන්න දගලන අදහසක් තෙවනි ඇහැකින් ඒ කියන්නේ කැමරා කාචයකින් ලෝකයට පෙන්වීමයි.

ඉතින් මේ උත්සහයත් ඒකට.
මම ප්‍රවීණ ජායාරූප ශිල්පියෙක් නෙමෙයි.නමුත් පහුගිය කාලේ මගේ කැමරා කාචයට අහුවුන සුන්දර ජායාරූපවල ලොකු කාථාවල් තියනවා.......

ඒ වගේ කථාත් එක්ක ජායාරූපයක් ජායාරූපයත් එක්ක කථාවත් එකතු කිරීමයි මේ උත්සහය.........

ඉතින් හෙට ඒ කියන්නේ 1 වෙනිදා ඉදන් අපි ජායාරූපයක් එක්ක කාථාකරමු.

මාත් එක්ක මේ ගමන යන්න ඔයගොල්ලොත් එයි කියලා ලොකු බලාපොරොතුවකින් මම මේ ගමන පටන් ගන්නවා.ඔයගොල්ලන්ගෙ අදහස් වලින් තමයි යන දුර තිරණය වෙන්නේ.
මේ අහස යට කොයි තරම් දේවල් වෙනවා ඇත්ද?කොයි තරම් දේවල් තියනවා ඇත්ද?අපි තෙවෙනි ඇසකින් ඒ සුන්දරත්වය දකිමු...

ඉතින් සුන්දර හෙට දවසේදී අපි මේ අහසයට හමුවෙමු.කාටවත් තහනමක් නැහැ එන්න සුන්දරත්වය විදින්න.........


මෙන්න එන්න ඕනේ තැන. http://www.meahasayata.blogspot.com/

Thursday, September 17, 2009

සංවේදී වු මොහොතක........

ජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

පෙම් කවක්..............

[ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ.නිරන්ජන්ගේ බ්ලොග් එකේ දාලා තිබ්බ සටහන දැකලා මට මේක ලියන්න හිතුනා. ගීතයේ පද ටික ගත්තේ නිරන්ජන් ගේ බ්ලොග් එකෙන්.නිතරම අහන ගීතය නිසා සටහනක් ලියන්න හිතුනා]

මෙන්න අහනවනම් ගීතය - http://www.mediafire.com/?wjiygymymte

Wednesday, August 12, 2009

මං හිතන්නේ මම දැන් මැරිලා.........

සතුටින් කල් ගෙවුන
අවංකව සිනාවුන
බලාපොරොත්තු පොදි බැන්ද
සතුට වැඩිකමට ඇඩුන
සුන්දරම සුන්දර කාලය
නොසිතූ මොහොතක
නිම විය......
ආයේමත් මම
පෙරසේම හදවතින් අඩමින්
බොරුවට සිනාසෙන මළ කදකි.....

සත්තකින්ම මා මියගොසින්...
කයෙන් නොවුවත් හදවතින්...
නැවත ඉපදීමක් මට එපා.....
මට එපා......
මට එපා......

දරන්නට බැහැ
මහා දුක් වේදනා තවත්
ඉවසුවා
එක් වරක්
දෙවරක්
තුන්වරක්
බැහැ ආයෙමත්.......

තව වරක් ඒ දුකම විදින්නට උනොත්......
පපුව පැලී මියයනවා සත්තයි....
කයෙනුත්.....

අදුර දුරුකොට
එලිය දී
නැවත් හෙලුවා අදුරේම...

මම දැන් එලියට බයයි....
හුගක් බයයි
කලුවරේම ඉන්නම් හැමදාම.......

මම මැරිලා
ඔව් මගේ හදවත ඉස්සර වගේ වැඩ කරන් නෑ.....
මට පිස්සු
ඔව් මගේ මොලේ ඉස්සර වගේ වැඩ කරන් නෑ......

කෝ මම නෑ.....
මම නැතිවෙලා.....
ඔව් මම නැතිවෙලා....
මට මාවම නැතිවෙලා.....
අනේ මට මං ගැනම දුකයි......

අයේමත් කවමදාවත් එපා මට එලිය
මට හොදයි මේ මූසල කලුවර..........

මම මැරිලද?
අනේ මන්දා මටම තේරෙන්නේ නෑ..........
මං හිතන්නේ මම දැන් මැරිලා.........

Monday, July 27, 2009

ඔබත් ඔබේ කොටස අවංකව ඉටුකරන්න..........


අද ලංකාදීපේ තිබ්බ මේ විස්තරය දැකලා හිතට පුංචි සතුටක් වගේම දුකකුත් දැනුනා. වසර 30ක් වදදීපු කාළකන්නි ත්‍රස්තවාදය අවසන් වෙලා නිදහස් නිවහල් රටක අලුතෙන් හුස්මගන්න වාසනාව ලැබිලා තියන මොහොතක ජාතිවාදය කියන සර්පයා රෙද්ද අස්සේ දාගේන දගලපු සහ තාමත් දගලන සමහරුන්ටනම් මේක තේරෙන එකක් නැහැ. අපි මෙච්චරකල් බෙදිලා වෙන්වෙලා ජාතිවාදය අවුස්සගෙන හිටිය අතීතය ඉවරකරන්න,අමතක කරන්න අද වෙත්දී හොද අවස්ථාවක් හැමෝටම ලැබිලා.

සිංහලද,දෙමළද කියලා බෙදීම ඇති වුනේ මේ භාෂා ප්‍රශ්නය නිසයි. අපි දෙමළ දන්නේ නැහැ,දෙමළ අය සිංහල දන්නේ නැහැ. ඉතින් කොහොමද සුහදත්වයක් ඇතිවෙන්නේ. එක අතකට ඒක අපේ අධ‍ය්‍යාපන ක්‍රමයෙත් වැරැද්දක්. පාසලේදි 8-9 වසර වෙනක්ම් නිකන් දෙමළ වචන දෙක තුනක් කියලා දුන්නට හරියන්නේ නැහැ. අනික අර ජාතිවාදය කියන නපුංසකයා ඇග ඇතුලේ ඉන්න පෙරේතයෝ කොහොමත් ඒකට අකුල් හෙලනවා.

කොහොම හරි දැන් අපි මේ දේවල් වෙනස් කරන්න ඕනේ අන්න ඒකට සිංහල අපිටත් ඉස්සෙල්ලා උවමනාව තියෙන්නේ සහෝදර දෙමළ ජනතාවට. එක අතකට අපි ලැජ්ජ වෙන්න ඕනේ. පත්තරේ තිබ්බ මේ විස්තරය දැක්කම හිතට සතුටක් වගේම දුකක් දැනුනා කිව්වේ ඒක නිසයි.

කොහොමහරි අන්තිමට අපේ පැත්තට මනුස්සකමේ අත් දික්වෙලා තියන වෙලාවක කුහක නොවී අත දෙන්න පුලුවන්නම් එතන තමයි නියම සිංහලයා ඉන්න ඕනේ තැන. අපිට පුලුවන්නම් අපේ අනාගත පරපුරට මේ ප්‍රශ්නනෙට විසදුම කියලා දෙන්න ඒක තමයි ගොඩක් වටින්නේ. හෙට අලුත් දවසක් ඒ දවස බෙදීම් නැති අවංක මනුස්සකම පුරෝගත්ත මිනිස්සුන්ගෙන් පිරිච්ච ලස්සන රටක් නිර්මාණය කරන්න හැමෝම එකතු වියයුතුයි. ඔබත් ඔබේ කොටස අවංකව ඉටුකරන්න.

Monday, July 20, 2009

අම්මා සහ ආදරය.....

අනේ මන්දා මේ දවස්වල ජීවිතේට මහා අමුත්තක් දැනෙනවා...හේතුව පස්සේ කියන්නම්කෝ.

කොහොම හරි ඊයේ රෑ හිතුනා අම්මට කියල බත් කටක් කවාගන්න..වෙසක් පෝය දවසේ ඉදන් මස්,මාළු කන එක නැවැත්තුව හින්දා දැන් බත් කන එකත් එච්චර උවමනාවක් නැහැ.ඊයේ රෑත් කන්නැතුව පනින්නයි හැදුවේ.කොහෙද අම්මගෙන් හොදවයෙන් දෙකක් අහගෙන අන්තිමට වාඩිවෙන්න උනා.ඉස්සර මම එළවලු කනවා හරි අඩුයි[තාමත් එහෙමයි].එළවලු නොකන නිසාමයි බත් නොකා ඉන්න හැදුවේ.අම්මා බත් එකත් අරගෙන ලගට අවාහම මම බත් පිගාන දිහාවත් බැලුවේ නැහැ.[මොකද කන්න ආසම නැති දේවල් ඒකෙ තියන බව දන්න නිසා]. අන්තිමට ඉතින් අමාරුවෙන් හරි කන්න ඔනේ කියලා පටන්ගත්තා.
එක කටක්,දෙකක්,තුනක්......අවුලක් නැහැ වගේ.
කොහොම හරි ටික ටික බත් පිගාන හිස් උනා. ඇත්තට හරිම රසයි.ඒ අම්මගෙ අතින් කාපු නිසා...මොන දේවල් උයලා තිබ්බත් අම්මා කවන කොට තියන රස...කියල වැඩක් නැහැ. ඒ අම්මගේ අත් ගුනේ නිසා වෙන්නැති....බත් එකට අම්මගේ ආදරයත් එකතු උනාම..........

ඉස්සර
වගේම
අම්මගේ
අතින්
කවන
බත්කට
කොයි තරම
රසද?
මොනවා
තිබ්බත්
රසම රස
වෙන්නේ
අම්මගේ
අත්ගුනේ නිසා
වෙන්නැති.....

Sunday, July 12, 2009

සඳ...

නපුරු වූ
වළාකුළු
අතර හිඳ
වරින් වර
පෙනි පෙනී
නොපෙනි යන
සඳ...

Saturday, July 4, 2009

Saturday, June 27, 2009

මයිකල් ජැක්සන් සහ දුෂ්‍යන්තගේ හොටු........

මයිකල් ජැක්සන් මැරුණා. නමුත් ඒ නම තව ගොඩක් කාලයක් තියේයි මොකද මිනිහා තමන්ගේ ස්වෞත්සහයෙන් ඉගෙන ගත්ත ගායනය සහ නර්තනය නිසා. මමත් මයිකල් ජැක්සන්ට ඒ තරම් කැමති කෙනෙක් නෙමේ. නමුත් කාලයක් මතක හිටින්න යමක් කරපු කෙනෙක් නැති උනම පොඩි වේදනාවක් තියනවා. මුලු ලෝකෙම ජැක්සන් වෙනුවෙන් අඩත්දි පුංචි දුකක් දැනෙන එක ඇත්ත. හැබැයි මෙහෙම දෙයක් තියනවා ජැක්සන් කලේ තමන්ගේ දේවල් තමන්ගේ ගායනය,නර්තනය ඒ හින්දා ඔහු අමතක නොවන චරිතයක්. නමුත් ඔහුව කොපි කරන එකෙකුටවත් ජැක්සන් කෙනෙක් වෙන්න බැහැ. මොකද උන් කොපි කරන හොරු හින්දා. එහෙම කොපි කරන අපේ රටෙ ඉන්න මහ හොරට ගොඩක් දුක හිතිලා. මිනිහට දුක හිතෙන එක සාදාරනයි කියමු නමුත් මිනිහා එදා ''හදරැදිපැයට'' ඇවිත් පෙන්නූවේ සෝබනයක් කෙලින්ම කියනවනම් මිනිහට ඕනේ උනේ ඇඩ් එකක් වෙන්න. කොහොම හරි උනා කියමුකො.

පහුගියකාලේ අපේ කොල්ලො යුද්ද කරත්දි උන් එකා දෙන්නා මැරෙද්දි මේ සුදුජන්තුවට ඇඩුනද දන්නේ නැහැ? අපේ කේමදාස මාස්ටර් වගේ රටක් වටින මිනිස්සු මැරෙද්දි ඇඩුනද දන්නේ නැහැ? කොහොම හරි කමක් නැහැ අපිටනම් මේ ගැන තියෙන්නේ ලොකු කලකිරිමක්..........

හැබැයි එකක් මතක තිය ගනින් හැමදාම මිනිස්සු රවට්ටන්න බැහැ. ඔය ඇදන් ඉන්න සුදු රෙදි ගැලවුන දවසට ගහන්නේ එලව එලව...........

[මේ ගැන දුෂ්‍යන්තට හෝ දුෂ්‍යන්තගේ පින්තූරවලට පවා වදින බුරුවන්ගේ හිත රිදුනනම් සමාවෙන්න..]

මොනවා කරන්නද කටට ඉතින් බ්‍රෙක් නැහැනේ.......


Wednesday, June 17, 2009

උඹ ගැනම හිතලා .......

උඹ ගැනම
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
මගේ හිත ගෙවිලා.......

Monday, June 15, 2009

මගේ යැයි සිතාසිටි බොහෝදේ.......

මගේ යැයි
සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....

Friday, June 12, 2009

ද්විකෝටික, චතුස්කෝටික හා ඉන් ඔබ්බට [ තවත් අදහසක් ]

මම අන්තිමට ලියලා තිබ්බ ''පුලුවන්නම් තේරුමගනිං'' කියන නිරමාණයේ අදහස මහගෙදර ගොඩක් අයට තේරුම් ගන්න ආමරුයි. ඒ අදහසේ තියන වචන දිහා විතරක් බලන අයට ඒක තේරුම් ගන්න අමාරු ඒකයි. ඒකේ තියෙන්නෙ තර්කනයක්. බලන්න ඒක හොදට පැහැදිලි කරලා තියනවා ජීවන්ත තමන්ගේ බොලොග් එකේදි. මමත් තවත් දේවල් දැන ගත්තා ඒකෙන්. කියවලම බලන්න.


ද්විකෝටික, චතුස්කෝටික හා ඉන් ඔබ්බට…

එදිනෙදා ජීවිතයේදී අපි විවිධ කරුණු උදෙසා තර්ක (argue) කරමු. නිවසේදී, මගතොටේදී, පාසලේදී, කාර්යාලයේදී අපි විවිධ දේ සඳහා විවිධ අයුරින් තර්ක කරමු. නමුත් අප ඒ ඒ කරුණු සඳහා තර්ක කරන්නේ යම් යම් පදනම් වල සිටය. ඒවා අප න්‍යාය (logic) ලෙස හඳුන්වමු. තර්කණයේදී අප යොදාගන්නා මේ න්‍යායන් ගැන අපි දැන් කතා කරමු.මූලික වශයෙන් අප තර්කණයේදී පදනම් කර ගන්නේ ද්විකෝටික න්‍යාය හා චතුස්කොටික න්‍යායයි. මෙයින් වඩා සරල වූ ද්විකෝටිකය ගැන අප මුලින් සලකා බලමු. A නම් ප්‍රකාශයක් සලකන්න. (මෙය “මල්ලී බත් කයි”, “සුළඟ හමයි” ආදී වශයෙන් වූ ඕනෑම ප්‍රකාශයක් විය හැක.) දැන් ද්විකෝටිකයට අනුව කරුණු 2ක් විය හැක.

1. A සත්‍ය වේ. (මෙම ප්‍රකාශය අප B ලෙස ගනිමු.)
2. A අසත්‍ය වේ. (මෙම ප්‍රකාශය අප ~B ලෙස ගනිමු.)

උදාහරණයක් ලෙස එක්කෝ මල්ලි බත් කයි
නැතිනම් බත් නොකයි.

එදිනෙදා අපට හමුවන සිද්ධි ඇසුරෙන් මෙය පහසුවෙන් තේරුම් ගත හැක. දැන් අප ඉහත සඳහන් කෙරුණු B හා ~B යන ප්‍රකාශ 2 මත ද්විකෝටිකය නැවත යොදමු. එවිට අපට නව ප්‍රකාශන 2 බැගින් අඩංගු වූ ගොඩවල් 2ක් ලැබේ.B මත යෙදූ විට… ~B මත යෙදූ විට…

1. B සත්‍ය වේ.
1. ~B සත්‍ය වේ.
2. B අසත්‍ය වේ.
2. ~B අසත්‍ය වේ.
දැන් අපට මේ ප්‍රකාශන ගොඩවල් දෙකෙන්ම වරකට එක බැගින් ගෙන සංයෝජනයෙන් නව ප්‍රකාශන 4ක් ගොඩනැගිය හැක.

1. B සත්‍ය වේ; ~B අසත්‍ය වේ.
2. B අසත්‍ය වේ; ~B සත්‍ය වේ.
3. B සත්‍ය වේ; ~B සත්‍ය වේ.
4. B අසත්‍ය වේ; ~B අසත්‍ය වේ.

මෙය අප චතුස්කෝටිකය ලෙස හඳුනා ගනිමු. මෙම න්‍යාය යොදාගෙන තර්ක කිරීමේදී මල්ලීට බත් කෑම හෝ නොකෑම සිදුකිරීමට අමතරව බත් කෑම හා නොකෑම එකවිට සිදුකිරීමටත්, ඒ දෙකම එකවිට සිදුනොකිරීමටත් හැකිය! නමුත් මෙය අප එදිනෙදා අත්විඳින සාමාන්‍ය සිදුවීම් සමග එතරම් ගැලපීමක් නොපෙන්වයි. නමුත් එනිසාම චතුස්කෝටිකය ප්‍රතික්ෂේප නොවේ. සාමාන්‍ය ජීවිතයේ හමුවන වස්තු වලට වඩා වෙනස් වස්තු ගැන හදාරන ක්වොන්ටම් භෞතිකයේ මෙන්ම බුදුදහමේද මේ චතුස්කෝටිකය, ද්විකෝටිකයෙන් පැහැදිලි කල නොහැකි කරුණු අරබයා යොදා ගැනේ. (තර්කණයේදී චතුස්කෝටිකය යොදා ගත්තද බුදුදහම හා ක්වොන්ටම් භෞතිකය සම මට්ටමේ ලා සැලකිය නොහැකි බවද අවධාරණය කරමි; ඒවා වෙනස්ම ක්ෂේත්‍ර වේ.)දැන් අපි චතුස්කෝටිකයෙන්ද නොනවතිමු. චතුස්කෝටිකය මත නැවත ද්විකෝටිකය යොදා පෙර පරිදි ගැනීමෙන් සොළොස්(16) කෝටිකයක් නිර්මාණය කරගත හැක. එමෙන්ම මෙලෙස නැවත නැවතත් ද්විකෝටිකය යෙදීමෙන් අති විශාල තර්කණ අවස්ථා (2, 4, 16, 256,...) ඇති න්‍යායන් නිර්මාණය කරගත හැක. නමුත් ඇතැම් විටෙක යමෙකුට මේවායේ ඇති අවශ්‍යතාවය හෝ සත්‍යතාවය පිළිබඳ ගැටළුවක් ඇතිවිය හැක. නමුත් අවශ්‍යතාවය කෙසේ වෙතත් සත්‍යතාවය ගැන නම් ගැටළුවක් ඇති විය නොහැක. කිමද මේ සියළු දේ මිනිසුන් වන අපගේ නිර්මාණයන්ම වන නිසාත් ද්විකෝටික, චතුස්කෝටික ආදී සියල්ල අපගේ අවශ්‍යතාවයන් අනුව ඒ ඒ අවස්ථාවන්හීදී සත්‍යය ලෙස ගන්නා නිසාත්ය. එමෙන්ම මෙවන් න්‍යායන්ගේ සෘජු අවශ්‍යතාවයන් ගැන මාහට දැනට වැටහීමක් නොමැති අතර සමහර විට මිනිසුන්ගේ දැනුම හා බුද්ධි මට්ටම වර්ධනය වූ මතු දිනෙක මෙවන් විශාල තර්කන අවස්ථා ඇති න්‍යායන් භාවිතා කිරීමට අවශ්‍යතාවයන්ද නිර්මාණය වනු ඇත. කිමද සෑම විටම අවශ්‍යතාවය අනුව දැනුම නිර්මාණය වනවා පමණක් නොව දැනුම අනුව අවශ්‍යතාවයන්ද නිර්මාණය වන හෙයිනි.නමුත් මෙවන් න්‍යායන් නිර්මාණයෙන්ද අප නොනවතිමු. ඉහත දක්වා ඇති සියලු න්‍යායන් සලකා බැලීමේදී පෙනී යන කරුණක් නම් අප මූලිකවම හඳුනා ගන්නේ පූර්ණ වශයෙන් ප්‍රභින්න අවස්ථා දෙකක් පමණක් බවයි. අනෙක් අවස්ථාවන් සියල්ල එහි විස්තීරණයන් වේ. මෙය සමහර විට අප අනාදිමත් කාලයක සිට පුරුදු පුහුණු වී ඇති ආකාරය නිසාම වීමටත් ඉඩ ඇත. කිමද අප අතීතයේ සිටම කුඩාකල සිටම පුහුණු වන්නේ/පුහුණු කරන්නේ පූර්ණව ප්‍රභින්නව පවතින හොඳ/නරක, වම/දකුණ, සුදු/කළු ආදී වූ ද්විත්වයන් දැකීමටය. නමුත් මා හට ඇතිවූ ගැටළුව නම් ද්විත්වයන්ට අමතරව අපට පූර්ණව ප්‍රභින්නව හඳුනාගත හැකි ත්‍රිත්වයන්, චතුර්තකයන් ආදී වූ අවස්ථා නිර්මාණය කරගත නොහැකිද යන්නය. නමුත් මෙවන් ත්‍රිත්වයන්ට හා චතුර්තකයන්ට ත්‍රිකෝටිකය හා චතුස්කෝටිකය උදාහරණ නොවන්නේ ඒවා පෙර සඳහන් අයුරින් ද්විත්වයේ විස්තීරණයන් නිසාය; ත්‍රිකෝටිකය යනු චතුස්කෝටිකයේ තේරුම් ගැනීමට අපහසු සිව්වන අවස්ථාව ඉවත්කර නිර්මාණය කර තර්කණයකි. අප මේ ගැන සංවාදයක් ගොඩ නගමු; එය අපගේ මානසික සීමාවන් පුළුල් කිරීමට හේතු වනු ඇත.

Thursday, June 11, 2009

පුලුවන්නම් තේරුම්ගනින්.........

ඊයේ මගේ හොදම යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා.

''මචං උඹ අර හිටවපු රෝස පැලේ පැලවෙලාද?''

''තාම ඒ රෝස පැලේ මැරිලා නම් නැහැ''


''නැහැ බං මම ඇහුවේ රෝස පැලේ දැන් පැලවෙලාද කියලා''

''ඒක තමයි මමත් කිව්වෙ තාමනම් ඒ රෝස පැලේ මැරිලා නැහැ''

යාලුවා උඹට ඒක තේරුම් ගන්න ගොඩක් කල්යයි.

''හැබැයි ඒ රෝස ගහ මැරිච්ච දවසට මම මුලින්ම කියන්නෙ උඹට''

පුලුවන්නම් තේරුම්ගනින්.........

Sunday, June 7, 2009

''පිනි වැස්ස සැපයි ගිනි අව්ව දුකයි දන්නේ බොල් සුලග තමයි ''

මම ගොඩක් කල් හොය හොය හිටපු සින්දුවක් අද ලැබුනා.බොහොම සංතෝෂයි. සින්දුව හොයලා දුන්න අපේ මහගෙදර SK143 මල්ලියට ගොඩක් ස්තුතියි. සින්දුව කියන්නේ වේරලියද්ද අපේ කාලේ වීරයෝ ගැන කියන්නේ. කීපදෙනෙක්ම මගෙන් ඔය සින්දුව ඉල්ලුව. ඔන්න අහන්න කැමති අයට සින්දුව.

''පිනි වැස්ස සැපයි
ගිනි අව්ව දුකයි
දන්නේ බොල් සුලග තමයි
මුර මැස්ස කැපයි
නිදි සුව ඇකපයි
ඉන්නේ සීරුවෙන් තමයි
සෙබලානනේ සංග්‍රාමයේ
ජය පැරදුම දෙකම එකයි
සුහදානයේ සුභසාමයේ
තීරකයා ඔබම තමයි........

තුන්යම හිටගෙන සමහර විට එක පිම්මේ
වෙඩි සැර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියෙවෙන රණ ගී මදනල පමනයි දන්නේ
කදුලෙන් හිනහී සටනේ උණුසුම රැකගන්නෙ

රුධිරය පුදා දිවියෙන් දිවි ලැබගන්න
සතුරන් පරදා නිරතුරු දිවි රැක ගන්න
ඉදිරියටම තැබු පය පස්සට යලි නොගන්න
රස්සාවට නාවත් නොබියව යුද්ධ කරන්න

සුහදානනේ සංග්‍රාමයෙන් තොර ලෝකය තනනු මැන
සෙබලානනේ සුභ සාමයේ සන්දේශය ලියනු මැන''

http://www.mediafire.com/?lm0tzdny1z0

Thursday, June 4, 2009

ප්‍රේමයේ මළඟම !


ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
මගේ දිහා බලන්නැතුව හිටපන්
මාත් එක්ක කථානොකර හිටපන්
මාත් එක්ක හිනානොවී හිටපන්
ඇති තරම් මාව අඩවපන්
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
ඒත් මට
උඹදිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

[මේ දවස් වල මම අවංකවම කියන දෙයක් මේක.බොහොම සංවෙදී කාරනයක්]

Monday, May 25, 2009

ශී‍්‍ර ලාංකිකයන් ගේ කශේරුකාව

ශී‍්‍ර ලාංකිකයන් ගේ කශේරුකාව දුර්වල නැති බවත්, ස්නායු පද්ධතිය නිසි ලෙස කි‍්‍රයාත්මක වන බවත් පසුගිය සිකුරාදා ප‍්‍රත්‍යක්ෂ විය. ජාතික කොඩි රැගත් ඔව්හු රට බේරාගත් ජනපතිට හා රණවිරුවනට පින් දෙමින් ඓතිහාසික දියවන්නාව දෙසට පියවර තැබූහ. කෙනෙක් මහලු වෙති. තව කෙනෙක් තළතුනා වෙති. අයෙක් තරුණ වෙති. තව අයෙක් බාලවෙති. සමහරුන් සිංහල ය. සමහරුන් දෙමළ ය. තවත් සමහරුන් මුස්ලිම් ය. කිසිදු බේදයක් නැත. සියල්ලන් අත ම සිංහ කොඩි ලෙළ දේ. ආබාධිතයෝ පවා කිසිවකු ගේ ආධාරයෙන් තොරව සිංහ කොඩි වනති. කලකට පෙර කොන්ද බිඳගත් ජාතියක් යළි නැඟී සිටින හැටි!

නිදහසෙහි පහස ලත් මිනිසුන් ගේ නහරවැල් පුරා නැවුම් රුධිරය ගලා යන බවක් දක්නට ලැබිණි. ඔවුන් ගේ ඇට – මිදුලු අතරින් නැඟෙන උණුසුම් හැඟුම් සමුදායක් එළියට පනින්නට ඔන්න - මෙන්න ය. පුදුමයෙකි! එහෙත් ඇත්තෙකි. ලෝක බලවතා හෙවත් ඇමෙරිකාව ත‍්‍රස්තවාදී සටනෙන් පරාද ය. තම ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීම සඳහා අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ණය ඉල්ලා සිටින ශී‍්‍ර ලංකාව ත‍්‍රස්තවාදයට එරෙහි සටනින් දිනුම් ය.නිව්යෝර්ක් හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය බිමට සමතලා කළ බින් ලාඩන් තව ම ජීවතුන් අතර ය. ශී‍්‍ර ලංකාවේ මහ බැංකුවට ප‍්‍රහාරයක් එල්ල කළ වේළුපිල්ලේ පිරිබාහරන් දැන් පරලොව ය. ඔහු ගේ මිනී අළු පවා මුහුදේ පාකර අවසන් බව කියැ වේ.මේ වනා හී සැමැරිය යුතු ජයග‍්‍රහණයක් නො වේද? මුළු මහත් ජාතිය ම නැඟී සිටිය යුතු අවස්ථාවක් නො වේ ද? ත‍්‍රස්තවාදයේ පරාජය වෙනුවෙන් වචනයකින් හෝ සතුට පළකළ නො හැකි මනුෂ්‍යයා මේ පොළොවට බරක් වූ කාලකන්නියෙකි. ලැබූ නිදහස වෙනුවෙන් සිංහ කොඩියක් ඔසවන්නට බැරි එකා මව් බිම ගැන හැඟීමක් නැති කල්ලතෝනියෙකි.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ යුද්ධයට එරෙහි ව කේලාම් කීම සඳහා යුරෝපයට ගිය බව කියති. ඔහු හදිසියේ ම පෙරළා මව් බිමට එන විට “කේලමා පල!” යනුවෙන් “පෝස්ටරයක්” වැදී තිබිණි. මංගල සමරවීර මීට මාස කිහිපයකට පෙර කියා සිටියේ යුද්ධය මහා බොරුවක් බව ය. රවී කරුණානායක ගේ අදහස් පළ කොට සමාජයේ කෝපය අවුළුවන්නට අප කැමැති නැත.ආණ්ඩුව යුද්ධය දිනුවොත් තමන් ආගම වෙනස් කරන්නේ යැයි තවත් පුද්ගලයෙක් කී ය. ඔහු ට දැන් ආගම මාරු කළ හැකි ය. ලක්ෂ්මන් ඛ්රඇල්ල කියා සිටියේ ඕනෑ ම ගොනෙකුට යුද්ධ කළ හැකි බව ය. අපට ප‍්‍රශ්නයක් වී ඇත්තේ එතුමා ගේ කාලයේ ගොන්නු යුද්ධ නො කළේ මන්ද යන්න ය.මේ වනවිට සියලු ජාති ද්‍රෝහීන් ගේ කටවල්වලට ඉබ් යතුරු වැටී ඇතත් මීට මාස කිහිපයකට පෙරද ජනාධිපතිවරයාට ආණ්ඩුවට, ආරක්ෂක ලේකම්වරයාට හා ති‍්‍රවිධ හමුදාපතිලාට එරෙහි ව කි‍්‍රයාත්මක වූ කුමන්ත‍්‍රණ සුළු පටු නැත. වාසනාවකට මෙන් මේ රටේ පොදු ජනතාව යථාර්ථය දැනගෙන උන්හ. දෙවන නිදහස් අරගලයේ ජයග‍්‍රහණය සැමරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අගනුවරට ගලා ආයේ ඒ හේතුව නිසා ය.

දියවන්නා ඔය අසබඩ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගනය සිංහ කොඩිවලින් හා මිනිස් ඔළුගෙඩිවලින් වැසී තිබිණි. එබඳු ජන සන්නිපාතයක් ඉතිහාසයේ කිසිදු දේශපාලන රැස්වීමකට පැමිණ නැත. පසුගිය කාලයේ කොළඹට ලක්ෂ දහයක් ගෙනෙමි යි වහසි බස් දෙඩූ එක්සත් ජාතික පක්ෂයට විසි දහසක් සොයා ගැනීමත් දුෂ්කර විය.අප ඉතිහාසය ලියන්නේ ද්වේෂයකින් නො වේ. දැන්වත් අප ගේ දේශපාලකයන් තම ජාතික වගකීම තේරුම් ගත යුතු ය. දේශපාලකයන් හැරුණුකොට සාමය සඳහා යැයි කියමින් කොටි සංවිධානයට කඩේ ගිය සිවිල් සංවිධාන ද ඒ බව තේරුම් ගත යුතු ය. සැබෑ සාමයට අපි මල් මාලා පළඳවමු. ව්‍යාජ සාමයට අපි ගල් පහර දී එළවමු.

දියවන්නාව අසබඩ පැවැති රණවිරු ප‍්‍රණාම මහා උලෙළ දෙස බලන්න! එහි පැමිණි මහා ජනකාය අතර සිටි වයස්ගත මවක් සෙනඟ පීරාගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියා ය. ඈ නාවල ප‍්‍රදේශයේ කාන්තාවකි. තමන් අවුරුදු දොළහේ්සිට ඒකරාශී කරගත් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ජනාධිපති වරයාට බාර දුන්නා ය.ඒ මව ගේ අවංක ප‍්‍රාර්ථනය එය විය. වයස අවුරුදු අසූ දෙකක් වූ ඒ මාතාව කියා සිටියේ දැන් අපට දුටුගැමුණු මහරජු පහළ වී ඇති බව ය. ඇයට ප‍්‍රසිද්ධියක් අවශ්‍ය නැත. කීර්ති නාමයක් හෝ සම්මාන ප‍්‍රසාදයක් අවශ්‍ය නැත. ඈ සිය වස්තුව පූජා කළේ රට වෙනුවෙන් ය. හෙවත් මාතෘභූමිය වෙනුවෙන් ය.ඉදිරි දින කිහිපය තුළ මෙබඳු ආදර්ශවත් චරිත තව - තව කරලියට එනු ඇත. අප ගේ ඥානයට අනුව මේ වනා හී රටේ අනාගතය සම්බන්ධ ඉතා වැදගත් සන්ධිස්ථානයෙකි. මෙතැන් සිට අප කළ යුත්තේ රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා අප‍්‍රමාණ ලෙස වැඩ කිරීම ය. පිරිබාහිරන් නමැති ජන ඝාතකයා මරා දැම්මේ කෙසේ දැ’යි ප‍්‍රශ්න කිරීම දැන් වැඩක් නැත.ඝාතකයා අවසන් බවත් ත‍්‍රස්තවාදය අවසන් බවත් පැහැදිලි ය. එහෙත් ඉන් කියැවෙන්නේ සියලු ආරක්ෂක කපොලු වසා දැමිය යුතු බව නො වේ. වෙනදා ට වඩා වැඩි ආරක්ෂාවක් දැන් අවශ්‍ය වේ. සෝදිසියක්ද අවශ්‍ය වේ. ඒ සඳහා ති‍්‍රවිධ හමුදාව හා පොලිසිය සීරුවෙන් සිටිය යුතු ය. මහජනයා අනෙක් වගකීම් හා යුතුකම් ඉටු කළ යුතු ය.

Thursday, April 9, 2009

අද අප්‍රේල් 9 - යථාර්තය අවබෝධ වීම හෙවත් කාළකන්ණියා ප්‍රතික්ෂේප කිරීම

උතුරේ කාළකන්ණියාගෙන් මිදිලා දැන් හමුදා පාලන ප්‍රදේශයේ ඉන්න අසරන ජනතාව බලන්න අපේ දකුනෙන් කදමලු බැදගෙන නෑගම් ගිහින් කියල රූපවාහිනියේ දැක්කා අපි ජාතිවාදීන් නෙමෙයි.
අපි හැමෝම මේ රටේ මිනිස්සු. එහේ ඉන්න පුංචි දරුවෝ ඇදලා තිබ්බ චිත්‍ර වගයක් දැක්කා. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා පිරිබාහරන් ප්‍රතික්ශේප කරලා ඒදරුවෝ චිත්‍ර ඇදලා තිබ්බා.
එක චිත්‍රයක් තිබ්බා කොටිත්‍රස්තවාදියෙක් බිම වැට්ලා ඉදිද්දි දෙමළ දරුවෙක් හමුදා සෙබලෙකුගේ අතින් අල්ලගෙන නිදහසේ ඇවිදිනවා.තවත් චිත්‍ර ගොඩක දරුවෝ කොටි කොඩිය කුරුටු ගාලා ප්‍රතික්ශේප කරලා. ඒ දරුවන්ට දැන් නිදහස්, නිවහල් නැවුම් සුළගේ වටිනාකම තේරෙනවා.
තව ටික දවසකින් අපිත් එනවා උඹලා එක්ක සතුටු වෙන්න.
ඒ දවස වැඩි ඈතක නැහැ..........

Wednesday, April 8, 2009

අද අප්‍රේල් 8 - උන්ගේ වරිගෙම නසන කාළකන්නියා....

දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා පිරිබාහරන් තමන්ගේ ජාතියම නසන්නට තරම් කෘර වෙලා. අද ඒ පැත්තෙ ඉදන් නිදහස හොයාගෙන එන අහිංසක මිනිස්සු පිරිසකට වෙඩිතියලා. අවුරුදු 45 ක පියයි,අවුරුදු හතරක නොදරුවෙකුයි වෙඩිවැඩිලා මියගිහින්. අහිංස බිරිදට තමන්ගෙ ස්වාමියා,දරුවන්ට පියා,අම්මට තමන්ගෙ කිරි දරුවා කලපුවේ අත්හැරලා එන්න තරම් අහිංසක මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද. අඩුමතරමේ මිනියවත් අන්තිම මොහොතේ දැකගන්න නැහැ අපි හැමෝම ලේ,මස්,ඇට,නහර වලින් හැදිච්ච මිනිස්සු. සිංහල උනත් දෙමල උනත් හැමෝම මිනිස්සු. ඒ බිරිදගේ,දරුවන්ගේ ඇස් වලින් බිමට වැටෙන කදුලු බිංදුවක් ගානේ අර කාළකන්නියාට ශාප වෙනවා.
''තොපි සිංහලයෝ මැරුවද?
නැහැ උන් අපිව වට කරලා
කෝ අපේ දෙමලු
උන් දැන් එහා පැත්තට පැනලා යනවා
එහෙනම් දෙමලු මරපිය
ඒත් උන් අපේ එවුන්නෙ
යකෝ උන් ගියොත් අපි බේරෙන්නෙ කොහොමද
ඒත් අපි කොහොමද අපේ උන් මරන්නේ
කොහොමහරි මරපිය...මරපිය...මරපිය...
මට බැහැ ඒක කරන්න
ඉදා එහෙනම් උඹටත්......''
[තවත් උන්ගෙ එකෙක් උන් අතින්ම ඝාතනය වු වගයි]

Tuesday, April 7, 2009

අද අප්‍රේල් 7 - අනේ ඉස්සරවගේ නිදහසේ ඉන්න තියනවනම්...!

අද යාලුවෝ කට්ටියත් එක්ක ඇදුමක් ගන්න කියල මහරගම ගියා. මොන ඇදුමක් ගන්න තියා ඇවිදගන්නවත් ඉඩ නැහැ. කොහොමහරි අමාරුවෙන් ඇදුම් කඩේකට ගියා. ඇදුම්වල ගනන් දැක්කම හිතෙනව මොකට ලොකුවුනාද කියලා. හැමදාම පොඩියට හිටියනම් පොඩි ඇදුමක් ගන්න තිබ්බා දැන් ඒකත් බැහැ. පොඩිකාලේ බලබල හිටියේ කවදා ලොකුවෙයිද කියල දැන් තමයි ඒකෙ තියන අමාරුකම තේරෙන්නෙ.
ඒ අස්සෙ සතියක් විතර රැවූල කැපුවෙ නැහැ. පොඩිකාලේ කවදා රැවූල එයිද කියල ඇගිලි ගැන ගැන ඉන්නේ. දැන් ඒකත් වදයක් වෙලා. කොච්චර කැපුවත් වැවෙනවා. ඒ නිසා නොකපා ඉන්නවා.
දවසින් දවස අපි වයසට යනවා. වගකීම් වැඩිවෙනවා.
අනේ ඉස්සරවගේ නිදහසේ ඉන්න තියනවනම්..........!

Monday, April 6, 2009

අද අප්‍රේල් 6 -''දේව කාරියට වඩා රාජකාරිය උතුම්''

''දේව කාරියට වඩා රාජකාරිය උතුම්'' කියල හිතපු කෙනෙක් අද ලංකාවට ආව. ඒ තමයි ලාහෝර් ප්‍රහාරයෙදි ලංකාවේ කන්ඩායම බේරගත්ත බස් රථයේ රියදුරු කලීල්.
අපෙ අය කලීල් උනුසුම් විදිහට පිලිගත්තා.
කලීල් එදා ඔබ නොහිටියානම්...........
ස්තුතියි කලීල්..............


Sunday, April 5, 2009

අද අප්‍රේල් 5 - අවංක ආදරය සදාකාලිකයි....

ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්,පුදුමාකාර හැගීමක් අවංක ආදරය කියන්නේ සදාකාලික බැදීමක් ඒකට හොදම උදාහරනය වෙන පින්තූර වගයක් මට හම්බවුනා.
මේ කාන්තාව හදිස්සි අනතුරකට ලක්වෙලා ඉනෙන් පහල ඉවත්කරලා. නමුත් දයාබර ස්වාමියා ඇයව අතහැරලා ගිහින් නැහැ. බොහොම සංවේදී පින්තූර ටිකක්. හොදින් බලන්න ඔවුන් කොච්චර සතුටින් ඉන්නවද............
අවංක ආදරය සදාකාලිකයි කියන්න තවත් උදාහරන ඕනෙද?

Saturday, April 4, 2009

අද අප්‍රේල් 4 - ''පිනි වැස්ස සැපයි ගිනි අව්ව දුකයි දන්නේ බොල් සුලග තමයි''

අදත් හොදටම වැස්ස කම්මැලිකමෙන් ඉන්න ගමන් රේඩියෝ එක දැම්මා අහන්න කියලා. නියම සින්දුවක් ගියා. අලුත් එකක් අදමයි ඇහුවෙ. සින්දුව කියන්නේ වේරලියද්ද අපේ කාලේ වීරයෝ ගැන කියන්නේ. අමාරුවෙන් ලියගත්තා. සින්දුවනම් මගෙ හිතට හොදටම වැදුනා.සින්දුවේ පදෙන් පදේට මාර තෙරුමක් තියෙන්නේ.

''පිනි වැස්ස සැපයි
ගිනි අව්ව දුකයි
දන්නේ බොල් සුලග තමයි
මුර මැස්ස කැපයි
නිදි සුව ඇකපයි
ඉන්නේ සීරුවෙන් තමයි
සෙබලානනේ සංග්‍රාමයේ ජය පැරදුම දෙකම එකයි
සුහදානයේ සුභසාමයේ තීරකයා ඔබම තමයි........

තුන්යම හිටගෙන සමහර විට එක පිම්මේ
වෙඩි සැර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියෙවෙන රණ ගී මදනල පමනයි දන්නේ
කදුලෙන් හිනහී සටනේ උණුසුම රැකගන්නෙ

රුධිරය පුදා දිවියෙන් දිවි ලැබගන්න
සතුරන් පරදා නිරතුරු දිවි රැක ගන්න
ඉදිරියටම තැබු පය පස්සට යලි නොගන්න
රස්සාවට නාවත් නොබියව යුද්ධ කරන්න

සුහදානනේ සංග්‍රාමයෙන් තොර ලෝකය තනනු මැන
සෙබලානනේ සුභ සාමයේ සන්දේශය ලියනු මැන''

Thursday, April 2, 2009

අද අප්‍රේල් 2 - අතීතය සිහිනයක් පමණයි..

අද දවසම වැස්ස ඒ අස්සේ කරන්ට් එකත් නැහැ කිසිම වැඩක් කරන්න විදිහක් නැහැ. කම්මැලිකමට පරණ පොත් ටිකක් ඇවිස්සුවා. දැන් හිතෙනවා එහෙම කරපු එක අපරාදේ කියලා. පරණ දේවල් එක්ක මතකය අලුත් වෙනවා. හිනාවෙන්න බැරි මතකයන් මතක් වෙනකොට...........

පොත් අතරේ තිබිලා පරණ නිසදැස්,කවි පොතක් හම්බ උනා. ඒ ජීවිතේ සුන්දරම කාලයේ අවසානයෙත් අසුන්දර කාලයේ ආරම්භයෙත් ලිවුව ඒවා. සමහර ඒවට උත්තර ලියල තිබුනා. සමහර ඒවට අදටත් උත්තර නැහැ......

පොතේ තිබ්බ අන්තිම කවිය තාම හොදට මතකයි.

'' බුර බුරා නැගෙන හදවතේ ගින්දරයි
දෙනෙත් පුපුරා ගලන කදුළු හරි සුන්දරයි
ජීවිතේ හැමදාම ආදරේ දුර තමයි
මා ඔබෙන් සමුගනිමි ඉතින් මට අවසරයි...''

Wednesday, April 1, 2009

අද අප්‍රේල් 1 - උපන්දින දෙකක්

කව්ද දන්නේ නැහැ අද මෝඩයගේ දවස කියල මුලින්ම කිවුව මෝඩයා. අනේ මන්දා මටනම් ඒකේ විශේෂත්වයක් නැහැ. සමහරු අනුන්ට ලණු දීලා තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශනය කරනවා. කොහොමහරි අද උදෙන්ම උපන්දින දෙකක් ගැන අහන්න ලබුනා.

එක

විශ්ව සාහිතයට මහගු සේවයක් කල ලේඛකයකුගේ උපන්දිනය අද. හරියටම 1809 අද වගෙ දවසක තමයි රුසියාවේ ශේෂ්ඨ නවකතා,කෙටිකතා කරුවෙකුවු නිකොලෝයි ගොගොල් උපත ලැබුවේ. ඔහු අතින් ලියවුනු පොත් ප්‍රමාණය අති විශාලයි. ඒ අතරින් විශේෂම පොත හැටියට පිලිගන්නේ ''dead souls''හෙවත් ''මළ මිනිස්සු'' නම් පොතයි. මිනිස්සුන්ගේ ජීවිත ගැන, ගැහැණිය සහ පිරිමියා අතර වෙනසගැන මළ මිනිස්සු නම් කෘතියෙන් ඔහු කතාකලා. අද ඒ වගේ හොඳ පොතක් ලියවෙන්නෙ කලාතුරකින්. කියවන්න පුලුවන්නම් හොඳ පොතක්.

දෙක

අපෙ සුසීට ඊයේ රෑ පුතෙක් හම්බ වෙලා. පව් සුසීට හරි සතුටු ඇති. මෙච්චරකල් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා අපිට ජයග්‍රහන ගෙනත්දීලා දැන් තමයි තමන් වෙනුවෙන් දෙයක් කලේ. පුංචි හුරතල් කොලු පැට්ටෙක්. පුතේ කවදාහරි දවසක අම්මා වගේම රටට වැඩක් කරන, අම්මගේ නමත් බබළවන කෙනෙක් වේයන්.