Saturday, June 27, 2009

මයිකල් ජැක්සන් සහ දුෂ්‍යන්තගේ හොටු........

මයිකල් ජැක්සන් මැරුණා. නමුත් ඒ නම තව ගොඩක් කාලයක් තියේයි මොකද මිනිහා තමන්ගේ ස්වෞත්සහයෙන් ඉගෙන ගත්ත ගායනය සහ නර්තනය නිසා. මමත් මයිකල් ජැක්සන්ට ඒ තරම් කැමති කෙනෙක් නෙමේ. නමුත් කාලයක් මතක හිටින්න යමක් කරපු කෙනෙක් නැති උනම පොඩි වේදනාවක් තියනවා. මුලු ලෝකෙම ජැක්සන් වෙනුවෙන් අඩත්දි පුංචි දුකක් දැනෙන එක ඇත්ත. හැබැයි මෙහෙම දෙයක් තියනවා ජැක්සන් කලේ තමන්ගේ දේවල් තමන්ගේ ගායනය,නර්තනය ඒ හින්දා ඔහු අමතක නොවන චරිතයක්. නමුත් ඔහුව කොපි කරන එකෙකුටවත් ජැක්සන් කෙනෙක් වෙන්න බැහැ. මොකද උන් කොපි කරන හොරු හින්දා. එහෙම කොපි කරන අපේ රටෙ ඉන්න මහ හොරට ගොඩක් දුක හිතිලා. මිනිහට දුක හිතෙන එක සාදාරනයි කියමු නමුත් මිනිහා එදා ''හදරැදිපැයට'' ඇවිත් පෙන්නූවේ සෝබනයක් කෙලින්ම කියනවනම් මිනිහට ඕනේ උනේ ඇඩ් එකක් වෙන්න. කොහොම හරි උනා කියමුකො.

පහුගියකාලේ අපේ කොල්ලො යුද්ද කරත්දි උන් එකා දෙන්නා මැරෙද්දි මේ සුදුජන්තුවට ඇඩුනද දන්නේ නැහැ? අපේ කේමදාස මාස්ටර් වගේ රටක් වටින මිනිස්සු මැරෙද්දි ඇඩුනද දන්නේ නැහැ? කොහොම හරි කමක් නැහැ අපිටනම් මේ ගැන තියෙන්නේ ලොකු කලකිරිමක්..........

හැබැයි එකක් මතක තිය ගනින් හැමදාම මිනිස්සු රවට්ටන්න බැහැ. ඔය ඇදන් ඉන්න සුදු රෙදි ගැලවුන දවසට ගහන්නේ එලව එලව...........

[මේ ගැන දුෂ්‍යන්තට හෝ දුෂ්‍යන්තගේ පින්තූරවලට පවා වදින බුරුවන්ගේ හිත රිදුනනම් සමාවෙන්න..]

මොනවා කරන්නද කටට ඉතින් බ්‍රෙක් නැහැනේ.......


Wednesday, June 17, 2009

උඹ ගැනම හිතලා .......

උඹ ගැනම
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
හිතලා
මගේ හිත ගෙවිලා.......

Monday, June 15, 2009

මගේ යැයි සිතාසිටි බොහෝදේ.......

මගේ යැයි
සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....

Friday, June 12, 2009

ද්විකෝටික, චතුස්කෝටික හා ඉන් ඔබ්බට [ තවත් අදහසක් ]

මම අන්තිමට ලියලා තිබ්බ ''පුලුවන්නම් තේරුමගනිං'' කියන නිරමාණයේ අදහස මහගෙදර ගොඩක් අයට තේරුම් ගන්න ආමරුයි. ඒ අදහසේ තියන වචන දිහා විතරක් බලන අයට ඒක තේරුම් ගන්න අමාරු ඒකයි. ඒකේ තියෙන්නෙ තර්කනයක්. බලන්න ඒක හොදට පැහැදිලි කරලා තියනවා ජීවන්ත තමන්ගේ බොලොග් එකේදි. මමත් තවත් දේවල් දැන ගත්තා ඒකෙන්. කියවලම බලන්න.


ද්විකෝටික, චතුස්කෝටික හා ඉන් ඔබ්බට…

එදිනෙදා ජීවිතයේදී අපි විවිධ කරුණු උදෙසා තර්ක (argue) කරමු. නිවසේදී, මගතොටේදී, පාසලේදී, කාර්යාලයේදී අපි විවිධ දේ සඳහා විවිධ අයුරින් තර්ක කරමු. නමුත් අප ඒ ඒ කරුණු සඳහා තර්ක කරන්නේ යම් යම් පදනම් වල සිටය. ඒවා අප න්‍යාය (logic) ලෙස හඳුන්වමු. තර්කණයේදී අප යොදාගන්නා මේ න්‍යායන් ගැන අපි දැන් කතා කරමු.මූලික වශයෙන් අප තර්කණයේදී පදනම් කර ගන්නේ ද්විකෝටික න්‍යාය හා චතුස්කොටික න්‍යායයි. මෙයින් වඩා සරල වූ ද්විකෝටිකය ගැන අප මුලින් සලකා බලමු. A නම් ප්‍රකාශයක් සලකන්න. (මෙය “මල්ලී බත් කයි”, “සුළඟ හමයි” ආදී වශයෙන් වූ ඕනෑම ප්‍රකාශයක් විය හැක.) දැන් ද්විකෝටිකයට අනුව කරුණු 2ක් විය හැක.

1. A සත්‍ය වේ. (මෙම ප්‍රකාශය අප B ලෙස ගනිමු.)
2. A අසත්‍ය වේ. (මෙම ප්‍රකාශය අප ~B ලෙස ගනිමු.)

උදාහරණයක් ලෙස එක්කෝ මල්ලි බත් කයි
නැතිනම් බත් නොකයි.

එදිනෙදා අපට හමුවන සිද්ධි ඇසුරෙන් මෙය පහසුවෙන් තේරුම් ගත හැක. දැන් අප ඉහත සඳහන් කෙරුණු B හා ~B යන ප්‍රකාශ 2 මත ද්විකෝටිකය නැවත යොදමු. එවිට අපට නව ප්‍රකාශන 2 බැගින් අඩංගු වූ ගොඩවල් 2ක් ලැබේ.B මත යෙදූ විට… ~B මත යෙදූ විට…

1. B සත්‍ය වේ.
1. ~B සත්‍ය වේ.
2. B අසත්‍ය වේ.
2. ~B අසත්‍ය වේ.
දැන් අපට මේ ප්‍රකාශන ගොඩවල් දෙකෙන්ම වරකට එක බැගින් ගෙන සංයෝජනයෙන් නව ප්‍රකාශන 4ක් ගොඩනැගිය හැක.

1. B සත්‍ය වේ; ~B අසත්‍ය වේ.
2. B අසත්‍ය වේ; ~B සත්‍ය වේ.
3. B සත්‍ය වේ; ~B සත්‍ය වේ.
4. B අසත්‍ය වේ; ~B අසත්‍ය වේ.

මෙය අප චතුස්කෝටිකය ලෙස හඳුනා ගනිමු. මෙම න්‍යාය යොදාගෙන තර්ක කිරීමේදී මල්ලීට බත් කෑම හෝ නොකෑම සිදුකිරීමට අමතරව බත් කෑම හා නොකෑම එකවිට සිදුකිරීමටත්, ඒ දෙකම එකවිට සිදුනොකිරීමටත් හැකිය! නමුත් මෙය අප එදිනෙදා අත්විඳින සාමාන්‍ය සිදුවීම් සමග එතරම් ගැලපීමක් නොපෙන්වයි. නමුත් එනිසාම චතුස්කෝටිකය ප්‍රතික්ෂේප නොවේ. සාමාන්‍ය ජීවිතයේ හමුවන වස්තු වලට වඩා වෙනස් වස්තු ගැන හදාරන ක්වොන්ටම් භෞතිකයේ මෙන්ම බුදුදහමේද මේ චතුස්කෝටිකය, ද්විකෝටිකයෙන් පැහැදිලි කල නොහැකි කරුණු අරබයා යොදා ගැනේ. (තර්කණයේදී චතුස්කෝටිකය යොදා ගත්තද බුදුදහම හා ක්වොන්ටම් භෞතිකය සම මට්ටමේ ලා සැලකිය නොහැකි බවද අවධාරණය කරමි; ඒවා වෙනස්ම ක්ෂේත්‍ර වේ.)දැන් අපි චතුස්කෝටිකයෙන්ද නොනවතිමු. චතුස්කෝටිකය මත නැවත ද්විකෝටිකය යොදා පෙර පරිදි ගැනීමෙන් සොළොස්(16) කෝටිකයක් නිර්මාණය කරගත හැක. එමෙන්ම මෙලෙස නැවත නැවතත් ද්විකෝටිකය යෙදීමෙන් අති විශාල තර්කණ අවස්ථා (2, 4, 16, 256,...) ඇති න්‍යායන් නිර්මාණය කරගත හැක. නමුත් ඇතැම් විටෙක යමෙකුට මේවායේ ඇති අවශ්‍යතාවය හෝ සත්‍යතාවය පිළිබඳ ගැටළුවක් ඇතිවිය හැක. නමුත් අවශ්‍යතාවය කෙසේ වෙතත් සත්‍යතාවය ගැන නම් ගැටළුවක් ඇති විය නොහැක. කිමද මේ සියළු දේ මිනිසුන් වන අපගේ නිර්මාණයන්ම වන නිසාත් ද්විකෝටික, චතුස්කෝටික ආදී සියල්ල අපගේ අවශ්‍යතාවයන් අනුව ඒ ඒ අවස්ථාවන්හීදී සත්‍යය ලෙස ගන්නා නිසාත්ය. එමෙන්ම මෙවන් න්‍යායන්ගේ සෘජු අවශ්‍යතාවයන් ගැන මාහට දැනට වැටහීමක් නොමැති අතර සමහර විට මිනිසුන්ගේ දැනුම හා බුද්ධි මට්ටම වර්ධනය වූ මතු දිනෙක මෙවන් විශාල තර්කන අවස්ථා ඇති න්‍යායන් භාවිතා කිරීමට අවශ්‍යතාවයන්ද නිර්මාණය වනු ඇත. කිමද සෑම විටම අවශ්‍යතාවය අනුව දැනුම නිර්මාණය වනවා පමණක් නොව දැනුම අනුව අවශ්‍යතාවයන්ද නිර්මාණය වන හෙයිනි.නමුත් මෙවන් න්‍යායන් නිර්මාණයෙන්ද අප නොනවතිමු. ඉහත දක්වා ඇති සියලු න්‍යායන් සලකා බැලීමේදී පෙනී යන කරුණක් නම් අප මූලිකවම හඳුනා ගන්නේ පූර්ණ වශයෙන් ප්‍රභින්න අවස්ථා දෙකක් පමණක් බවයි. අනෙක් අවස්ථාවන් සියල්ල එහි විස්තීරණයන් වේ. මෙය සමහර විට අප අනාදිමත් කාලයක සිට පුරුදු පුහුණු වී ඇති ආකාරය නිසාම වීමටත් ඉඩ ඇත. කිමද අප අතීතයේ සිටම කුඩාකල සිටම පුහුණු වන්නේ/පුහුණු කරන්නේ පූර්ණව ප්‍රභින්නව පවතින හොඳ/නරක, වම/දකුණ, සුදු/කළු ආදී වූ ද්විත්වයන් දැකීමටය. නමුත් මා හට ඇතිවූ ගැටළුව නම් ද්විත්වයන්ට අමතරව අපට පූර්ණව ප්‍රභින්නව හඳුනාගත හැකි ත්‍රිත්වයන්, චතුර්තකයන් ආදී වූ අවස්ථා නිර්මාණය කරගත නොහැකිද යන්නය. නමුත් මෙවන් ත්‍රිත්වයන්ට හා චතුර්තකයන්ට ත්‍රිකෝටිකය හා චතුස්කෝටිකය උදාහරණ නොවන්නේ ඒවා පෙර සඳහන් අයුරින් ද්විත්වයේ විස්තීරණයන් නිසාය; ත්‍රිකෝටිකය යනු චතුස්කෝටිකයේ තේරුම් ගැනීමට අපහසු සිව්වන අවස්ථාව ඉවත්කර නිර්මාණය කර තර්කණයකි. අප මේ ගැන සංවාදයක් ගොඩ නගමු; එය අපගේ මානසික සීමාවන් පුළුල් කිරීමට හේතු වනු ඇත.

Thursday, June 11, 2009

පුලුවන්නම් තේරුම්ගනින්.........

ඊයේ මගේ හොදම යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා.

''මචං උඹ අර හිටවපු රෝස පැලේ පැලවෙලාද?''

''තාම ඒ රෝස පැලේ මැරිලා නම් නැහැ''


''නැහැ බං මම ඇහුවේ රෝස පැලේ දැන් පැලවෙලාද කියලා''

''ඒක තමයි මමත් කිව්වෙ තාමනම් ඒ රෝස පැලේ මැරිලා නැහැ''

යාලුවා උඹට ඒක තේරුම් ගන්න ගොඩක් කල්යයි.

''හැබැයි ඒ රෝස ගහ මැරිච්ච දවසට මම මුලින්ම කියන්නෙ උඹට''

පුලුවන්නම් තේරුම්ගනින්.........

Sunday, June 7, 2009

''පිනි වැස්ස සැපයි ගිනි අව්ව දුකයි දන්නේ බොල් සුලග තමයි ''

මම ගොඩක් කල් හොය හොය හිටපු සින්දුවක් අද ලැබුනා.බොහොම සංතෝෂයි. සින්දුව හොයලා දුන්න අපේ මහගෙදර SK143 මල්ලියට ගොඩක් ස්තුතියි. සින්දුව කියන්නේ වේරලියද්ද අපේ කාලේ වීරයෝ ගැන කියන්නේ. කීපදෙනෙක්ම මගෙන් ඔය සින්දුව ඉල්ලුව. ඔන්න අහන්න කැමති අයට සින්දුව.

''පිනි වැස්ස සැපයි
ගිනි අව්ව දුකයි
දන්නේ බොල් සුලග තමයි
මුර මැස්ස කැපයි
නිදි සුව ඇකපයි
ඉන්නේ සීරුවෙන් තමයි
සෙබලානනේ සංග්‍රාමයේ
ජය පැරදුම දෙකම එකයි
සුහදානයේ සුභසාමයේ
තීරකයා ඔබම තමයි........

තුන්යම හිටගෙන සමහර විට එක පිම්මේ
වෙඩි සැර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියෙවෙන රණ ගී මදනල පමනයි දන්නේ
කදුලෙන් හිනහී සටනේ උණුසුම රැකගන්නෙ

රුධිරය පුදා දිවියෙන් දිවි ලැබගන්න
සතුරන් පරදා නිරතුරු දිවි රැක ගන්න
ඉදිරියටම තැබු පය පස්සට යලි නොගන්න
රස්සාවට නාවත් නොබියව යුද්ධ කරන්න

සුහදානනේ සංග්‍රාමයෙන් තොර ලෝකය තනනු මැන
සෙබලානනේ සුභ සාමයේ සන්දේශය ලියනු මැන''

http://www.mediafire.com/?lm0tzdny1z0

Thursday, June 4, 2009

ප්‍රේමයේ මළඟම !


ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
මගේ දිහා බලන්නැතුව හිටපන්
මාත් එක්ක කථානොකර හිටපන්
මාත් එක්ක හිනානොවී හිටපන්
ඇති තරම් මාව අඩවපන්
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
ඒත් මට
උඹදිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

[මේ දවස් වල මම අවංකවම කියන දෙයක් මේක.බොහොම සංවෙදී කාරනයක්]