Wednesday, April 1, 2009

අද අප්‍රේල් 1 - උපන්දින දෙකක්

කව්ද දන්නේ නැහැ අද මෝඩයගේ දවස කියල මුලින්ම කිවුව මෝඩයා. අනේ මන්දා මටනම් ඒකේ විශේෂත්වයක් නැහැ. සමහරු අනුන්ට ලණු දීලා තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශනය කරනවා. කොහොමහරි අද උදෙන්ම උපන්දින දෙකක් ගැන අහන්න ලබුනා.

එක

විශ්ව සාහිතයට මහගු සේවයක් කල ලේඛකයකුගේ උපන්දිනය අද. හරියටම 1809 අද වගෙ දවසක තමයි රුසියාවේ ශේෂ්ඨ නවකතා,කෙටිකතා කරුවෙකුවු නිකොලෝයි ගොගොල් උපත ලැබුවේ. ඔහු අතින් ලියවුනු පොත් ප්‍රමාණය අති විශාලයි. ඒ අතරින් විශේෂම පොත හැටියට පිලිගන්නේ ''dead souls''හෙවත් ''මළ මිනිස්සු'' නම් පොතයි. මිනිස්සුන්ගේ ජීවිත ගැන, ගැහැණිය සහ පිරිමියා අතර වෙනසගැන මළ මිනිස්සු නම් කෘතියෙන් ඔහු කතාකලා. අද ඒ වගේ හොඳ පොතක් ලියවෙන්නෙ කලාතුරකින්. කියවන්න පුලුවන්නම් හොඳ පොතක්.

දෙක

අපෙ සුසීට ඊයේ රෑ පුතෙක් හම්බ වෙලා. පව් සුසීට හරි සතුටු ඇති. මෙච්චරකල් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා අපිට ජයග්‍රහන ගෙනත්දීලා දැන් තමයි තමන් වෙනුවෙන් දෙයක් කලේ. පුංචි හුරතල් කොලු පැට්ටෙක්. පුතේ කවදාහරි දවසක අම්මා වගේම රටට වැඩක් කරන, අම්මගේ නමත් බබළවන කෙනෙක් වේයන්.

6 comments:

  1. WOW...GOOD IDIA AYYA...I WISH U ALL THE BEST..!!

    ReplyDelete
  2. ස්තුතියි ඔබේ අදහස් මට ගොඩක් වටිනවා

    ReplyDelete
  3. මමත් කියෙව්වා මළ මිනිස්සු හැබැයි දවස් 3ක් විතර ගියා. 8 හරි 9 වසරෙදි හරි කියෙව්වේ.

    ReplyDelete
  4. පොත හොයාගෙන කියවන්නම්. ස්තූතියි

    ReplyDelete