Monday, July 5, 2010

කාටහරි පුලුවන්නම් මට මේ උදව්ව කරන්න බොහොම පිං...

මට පොඩි රූපවාහිනි වැඩසටහනක් පටිගත කරගන්න ඕනේ.
මට අත්යාවශම එකක්. කවෘහරි මට උදව් කරන්න. වැඩසටහන යන්නේ අගහරුවාදා හවස 6ට.කාට හරි පුලුවන්ද මට මේ උදව්ව කරන්න. කරන්නම දෙයක් නැතිතැන තමයි මේ දැම්මේ.

මම සල්ලි හරි දෙන්නම්.මට මේ උදව්ව කරල දෙන්න.බොහොම පිං.

අපේ බ්ලොග් සංසදයේ ලොකු අයියාකෙනෙක් හරි මට මේ උදව්ව කරන්න

Thursday, March 25, 2010

''හෘද සාක්ෂියේ මාලිමාව''

විමල් වීරවංශ නම් සැබෑ දේශප්‍රේමියා නැතොත් විමල් නැමැති සුන්දර මිනිසා විසින් රචිත ''හෘද සාක්ෂියේ මාලිමාව'' නම් කෘතිය ඊයේ සවස මහරගම ජාතික තරුනසේවා සභාවේදී එලිදැක්විය.අප මාතෘභූමිය ගොඩනගන්නේ කෙසේද යන්න මනාව මෙම කෘතියෙන් අවධාරනය කරයි.සභාව ඇමතූ ගුණදාස අමරසේකර ශූරීන් පැවසුවේ මෙය මහින්ද චින්තනයේ තවත් දිගුවක් බවයි.මෙම උලෙලට සිරිල් වික්‍රමගේ,සෝමරත්න දිසානායක,රේනුකා බාලසූරිය,ලලිත් ද සිල්වා,සුදර්මන් රදලියගොඩ,සිරිල් එඩේර මුල්ල,ජාතික නිදහස් පෙරමුනේ අචල ජාගොඩ සහ රොජර් සෙනෙවිරත්න ඇතුලු ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් එක්විය.

Wednesday, February 24, 2010

''ගරු කථානායකතුමනි''

විමල් වීරවංශ මහතා රට වෙනුවෙන් පාරලිමේන්තුවේදී කරන ලද කතා ඇතුලත් ''ගරු කථානායකතුමනි'' කෘතිය ඊයේ සවස අරලියගහමන්දිරයේදී ජනාධිපතිතුමන්වෙත් පිරිනමනු ලැබීය.විශාල ජනකායක් ඇමතූ ජනාධිපතිතුමා කියාසිටියේ පහුගිය කාල වකවානුවලදී විමල් වීරවන්ශ මහතා තමන් වෙනුවෙන් විශාල කැපවීමක් කළ බවයි.කෘතිය ජනාධිපතිතුමන්ටත්,විමල් වීරවංශ මහතාගේ කුඩාකල අකුරු කෙරූ තම ගුරු මෑනියන්ටත් හැගුම්බරව පිරිනමනු ලැබීය.අනතුරුව බෙංගමුවේ නාලක ස්වාමින්වහන්සේට,ආචාර්ය ගුණදාස අමරසේකර ශුරීන්ට මෙන්ම සුනිල් මාධව පේමතිලක මහතාටද කෘතිය පිරිනමනු ලැබීය.

බැසිල් රාජපක්ශ මහතා,ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මහතා මෙන්ම මැති ඇමතිවරු විශාල පිරිසක්ද,කලාකරුවෝ මෙන්ම විශාල ජනකායක්ද මෙම උත්සවයට සහභාගි විය.

මේ සමගම විමල් වීරවංශ මැතිතුමන්ගේ වෙබ් අඩවියද ජනතා අයිතියට පත් කෙරිනි.
WWW.WW.LK

Wednesday, January 27, 2010

''යුතුකම් ඉටුකල ඔබ සැමට ස්තුතියි....''

තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් යුතුකම් ඉටුකළ දයාබර ඔබ සැමට ස්තුතියි.නේක බාධා මැද වුවත් ඉතිහාසයේ වැඩිම චන්ද ලබාගත් නායකයා ලෙස නැවතත් මහින්ද රාජපක්ශ මැතිතුමා මේ ලක් පොලොවේ අභිමානවත්ව ලාබාගත් මේ ජයග්‍රහනය ඔබෙත් මගෙත් ජයග්‍රහනයක් වෙනවා නිසකයි.

අද ඉදන් සුභ අනාගතයක් වෙනුවෙන් අපි සැවොම එක් වෙමු.මේ අපේ රට මේ රට වෙනුවෙන් යමක් කරලා මැරිලාගියත් අපේ නම් හැමදාම අමරණීයවෙයි.මට හෙට මැරුනත් දුකක් නැහැ.මොකද මේ රට වෙනුවෙන් පහුගියකාලේ හුගාක් මහන්සි උන හින්දා.

''එන්න දැන් අපි රට හදමු,අනාගත පරපුර වෙනුවෙන්''

''සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
මහා බලයක් විහිදුවාලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්''

යුතුකම් ඉටුකල ඔබ සැමට ස්තුතියි.
''සුබ අනාගතයක්''

Thursday, January 21, 2010

ඔට්ටුවක් දාගන්න කෙනෙක් හෙවීම හෙවත් කලුනික හෙවීම..

කලුනික කියන්නේ හොයාගන්න බොහොම අමාරු බෙහෙතක්නේ.ඒ වගේ තමයි මේ දවස් වල ජෙනරාල් උතුමානන් හෙවත් කළවැද්දා දිනනවා කියන අයත් එක්ක ඔට්ටුවක් දාන එක.කොහිද මහ ලොකුවට පොර ටෝක් දුන්නට සමහරු දන්නවා මේ පාර ඇපත් නැතුව ජෙනරාල් පරදින බව.ඉතින් ඔට්ටුවකට එන්න බයයි. කොහිද ඔය ජෙනරාල්මයි ජනාධිපති වෙන්නේ කියලා කියන කාටහරි කිව්වොත් ඔට්ටුවක් දාමුද කියලා ලස්සනට ලිස්සලා යනව.ඇයි ඉතින් හීනෙන්වත් දිනන්න බැහැ කියල ඔවුන්ම දන්න නිසා.හෙව්වා හෙව්වා කෝ කවුරුත් නැහැ.

හරි ෂෝක් වැඩේ කියන්නේ ජෙනරාල් දිනවන්න කෑ ගහන අයටවත් විශ්වාසයක් නැහැ.රූපවාහිනී වැඩසටහනකදි උදය ගම්මන්පිල සුජීව සේනසිංහට අභියෝග කලා තමන්ගේ අපේක්ශකයා පැරදුනොත් දේශපාලනයෙන් අයින් වෙනවා කියලා.කොහිද සුජිව ලිස්සලා ගියා.ඔච්චරටම තමන්ගේ අපේක්ශකයා දිනයි කියල විශ්වාසනම් අල්ලන්න තිබ්බනේ ඔට්ටුව.

දායාසිරිටත් රතු ඉරේදී අභියෝගකලා දේශපාලනයෙන් සමුගන්නවා කියලා.කොහිද මිනිහත් ලස්සනට ලිස්සලා ගියා අදාවගේ කොහොමත් ඉතින් මිනිහා ලිස්සලායන්න හොදට දන්නවනේ මතකනේ අර ප්‍රසිද්ධ විවාදෙන් ලිස්සුව හැටි.කොහොමහරි එයත් මාරු උනා.මට මතකයි මහින්දානන්දත් අභියෝගකලා.පවිත්‍රා වන්නිආරච්චි ඇමති තුමියත් කිව්වා කෝ මගේ මන්තී පට්ටම ඔට්ටු අල්ලනවා ජනාධිපති තුමා දිනනවා කියලා.කවුරුත් නැහැ
ජනාධිපති තුමා ජය ගන්නවා කියලා ඒ තරම් විශ්වාසයක් ඔවුන්ට තියනවා.කෝ ජේ.ආර් වත් පරද්දනවා කියන ජෙනරාල්තුමාගේ ජයග්‍රහනය අනුගාමිකයෝ කාටවත් විශ්වාස නැහැ.විශ්වාසනම් ඉතින් දාගන්න බැරියෑ ඔට්ටුවක්.ඔවුන්ට ඇත්තට මුහුන දෙන්න වෙනවා.ඔවුනුත් දන්නවා පරාජය නියත බව.නිකන් ජනතාව මුලාකරකර බොරු කිය කිය ඇවිදිනවා,මඩ ගහනවා.

තව මරුම වැඩේ කියන්නේ එ.ජා.ප නිල වෙබ් අඩවියෙන් දාලා තිබ්බා ජනාදිපතිවරයා තෝරාගන්න සමීක්ශනයක් ඒකෙත් ජය මහින්ද රාජපක්ශ ජනපති තුමන්ට.ඔවුන් එක දවසින් ඒ පූල් එක අයින් කර ගත්තා.මරු වැඩේ.

කොහොම හරි මම මේ දවස් හතරෙවත් උත්සහකරනවා ඔට්ටුවක් දාගන්න කෙනෙක් හොයන්න.කවුරු හරි කලවැද්දෙක් ඉන්න්වනම් කියන්න හොදේ.හැබැයි කලුනික හොයන එක ඊටත් වඩා ලේසියි කියලා දැන් තේරෙනවා.

Tuesday, January 19, 2010

කළගුන සැලකීම නම් උතුම ගුනාංගය.....

හුග දවසකට පස්සේ අද උදේ වරුව ගෙදර ඉන්න ලැබුනා.පහුගිය කාලය පුරාම ජානාධිපතවරනය වෙනුවෙන් රට වටේම ගියා.හුගක් මහන්සි උනා.මගෙන් මේ මව් පොලොවට විය යුතු යුතුකමක් හැටියටත්,කළගුන සැලකීම නම් උතුම ගුනාංගය බොහොම හොදින් හදුනන කෙනෙක් හැටියටත් මෙවර හුගක් සතුටින් හුගක් කැමැත්තෙන් හදවතින්ම මහන්සි වෙනවා.අද නෙමෙයි මේ මහන්සියේ ප්‍රතිපල දකින දවට හුගක් සතුටු වෙන්න පුලුවන් වෙයි.නිවැරදිම පැත්තේ හිටගත්තා කියලා හදවතින්ම සතුටුවෙන්න පුලුවන් වෙයි.

පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.හැම දිනකම රැස්වීම් සහ ප්‍රචාරන කටයුතු සාරතකව සිදුකලා.පහුගිය ඉරිදා උදේ වරුව ප්‍රචාරන කටයුතු වලට මහන්සි උනා.හවස රැස්වීම් තුනක් සංවිදානය කාලා.බොහොම සාර්තකයි.ජනතාව හදවතින්ම මහන්සි වෙලා ඒ කටයුතු වලට සහභාගිඋනා.ලංකාව වටේම යත්දි ඇස් දෙකෙන්ම දැක්කා ජනතා කොයි තරම් උනන්දුද කියලා කළගුන සලකන්න.
කොයි තරම් මහන්සි උනත් මගේ ප්‍රදේශයේ ජනතාව සමග මට පැවරුනු වැඩකටයුතු නියම ආකාරයට ඉටුකලා.කොචචර කාර්යබහුල උනත් ප්‍රදේශයේ ජනතාවසමග නියමින කටයුතු කලා.මට ලබාදුන් වගකීම් කොටස අඩුපාඩුවක් නොවෙන්න සාර්තකව ඉටුකලා.රාතියට පොස්ටර් ගහන්න යන්න බොහොම උනන්දුවෙන් ඔවුන් සහහාගි උනා.පුද්ගලික වාසි කිසිවක් බලාගෙන නෙමෙයි.අපිට සමීප අපේ නායක මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා දිනවන්න.වතුර උගුරක්වත් නැතුව ඔවුන් විශාල මෙහෙයක් ඉටු කලා.පාන්දර 3 පමන වනතුරු ඔවුනුත් මමත් මහන්සි උනා.නැවත පාන්දර 5 වෙනකොට මට අනෙක් සංවිධාන කටයුතුවලට,රැස්වීම් වලට යන්න සිද්ද වෙනවා.පහුගිය සති 3 නම එහෙමයි.නින්ද බොහොම ටිකයි.හුගක් මහන්සියි. ලංකාව වටේම ගිහින් රැස්වීම් ඉවරවෙලා එනකොට හැමදාම රාතී 12 පමණ වෙලා.නමුත් නැවතත් මගේ කොටිටාශයේ සංවිදාන කටයුතු වලට යන්න සිද්ද වෙනවා.හුගක් කාර්ය බහුලයි,හන්සියි
නමුත් සතුටින් තමයි හැමදේම
කරන්නේ.ඊයෙත් මහරගම රැස්වීමට සහභාගි උනා.බොහොම සාර්තකයි.අද දවල්ට නැවතත් යනවා.මේ සතියනම් බොහොම කාරයබහුල වෙයි.ජනතාවත් එහෙමයි.මේ වෙන මහන්සියේ ප්‍රතිපල තියෙයි.ඇත්තටම දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමාගේ ජයග්‍රහනය ස්තිරයි.හැම ගමක් ගමක් ගානේ යන අපිටයි ඒක තේරෙන්නේ.ජනයාගේ ප්‍රතිචාරය තේරෙන්න පාරට බහින්න ඕනේ.සමහරු අන්තර්ජාලය හරහා කරන දෙවල් පුස්සක් බව අපිටයි තේරෙන්නේ.

ඉතින් කල්පනාවෙන් වැඩකරන්න.ජනාධිපතිතුමා දිනන එක ස්තිරයි.ඒක වෙනස් වෙන්නෙ නැහැ.කවුරු කොහොම බලපෑම් කලත් ජනතාව තමන්ගේ හදවතින් තීරනයක් ගනී.

ජය !

ඔබ සැමට සුබ අනාගතයක් !