Wednesday, February 24, 2010

''ගරු කථානායකතුමනි''

විමල් වීරවංශ මහතා රට වෙනුවෙන් පාරලිමේන්තුවේදී කරන ලද කතා ඇතුලත් ''ගරු කථානායකතුමනි'' කෘතිය ඊයේ සවස අරලියගහමන්දිරයේදී ජනාධිපතිතුමන්වෙත් පිරිනමනු ලැබීය.විශාල ජනකායක් ඇමතූ ජනාධිපතිතුමා කියාසිටියේ පහුගිය කාල වකවානුවලදී විමල් වීරවන්ශ මහතා තමන් වෙනුවෙන් විශාල කැපවීමක් කළ බවයි.කෘතිය ජනාධිපතිතුමන්ටත්,විමල් වීරවංශ මහතාගේ කුඩාකල අකුරු කෙරූ තම ගුරු මෑනියන්ටත් හැගුම්බරව පිරිනමනු ලැබීය.අනතුරුව බෙංගමුවේ නාලක ස්වාමින්වහන්සේට,ආචාර්ය ගුණදාස අමරසේකර ශුරීන්ට මෙන්ම සුනිල් මාධව පේමතිලක මහතාටද කෘතිය පිරිනමනු ලැබීය.

බැසිල් රාජපක්ශ මහතා,ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මහතා මෙන්ම මැති ඇමතිවරු විශාල පිරිසක්ද,කලාකරුවෝ මෙන්ම විශාල ජනකායක්ද මෙම උත්සවයට සහභාගි විය.

මේ සමගම විමල් වීරවංශ මැතිතුමන්ගේ වෙබ් අඩවියද ජනතා අයිතියට පත් කෙරිනි.
WWW.WW.LK

4 comments:

  1. සුනිල් මාධවට ගිය කාලයක්.

    ඕනෙම රොකට් එකකට දහන කාලයක් තියෙනවනේ. දැන් සුනිල් අයින් වෙන්න ඕනෙ කාලෙ තවත් පචායුධේ වගේ එවුන් එක්ක කිච වෙන්න නැතුව.

    ReplyDelete
  2. අනේ මන්ද.... හැබැයි මේ මනුස්සය දවසක රටේ ජනාධිපති උනත් පුදුමයක් නැහැ ඒක එයාගෙ දක්ෂකමට වඩා මිනිස්සුන්ගෙ........ කම.

    ReplyDelete
  3. සුනිල් මාදව එක කාලෙක තමන්ගේ මුලු ශක්තියම යොදවලා සටන් කරපු මිනිහෙක්. අද ඉන්නෙ පරාජය වෙලා, රැවටිල, වෙහෙසවෙලා, අවසනයෙ තමන්ගෙ පවුල තුලට කොටු උන මාදව කෙනෙක්. එ දෙය ලොකේ ගොඩක් ප්‍රගතිශීලින්ට උනා. ඉතින් ඒ මිනිහට බැනල තෙරුමක් නෑ.
    අනික එයා තරුන කලෙ කරපු දෙවලින් සීයෙන් එකක් වත් එයට බනින අය කරල තියෙනවද?

    ReplyDelete
  4. යකො දැන් වෙබ්සිට් හිටන් ජනතා අයිතියට පත්කරනවා, අම්මපා! පුදුම ජනතා වාදී ආන්ඩුවක් ,

    ReplyDelete