Sunday, October 25, 2009

එදා සහ අද.....

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....

Wednesday, October 14, 2009

''සතුට'' ශ්‍රී ලාංකිය අභිමානය සහ කොන්ඩම්...

ටිකක් අසම්මත කතාවක් වුනත් කතා කොකර ඉන්නම බැරි තැන මේක ලියන්න හිතුනේ.
පහුගිය සතිය පුරාම රූපවාහිනියේ[ශ්‍රී ලාංකිය අභිමානය නාලිකාවෙ] ප්‍රචාරනය වෙන හිරිකිත වෙලදදැන්වීමක් නිසා සමහර දෙමව්පියන් ගොඩක් අපහසු තාවයකට පත්වෙලා.

කොන්ඩම් කියන්නේ උපත් පාලන ආයුධයක්.ඒක එක අතකට සැගවිය යුතු දෙයක් නොවුනත් කොන්ඩම් සදහා වෙලද දැන්වීම් ප්‍රචාරනය කිරීම සදාචාර නැහැ කියන දෙයයි මගේ හැගීම.

ඇයි දැන් කොන්ඩම් විකිනෙන් නැද්ද?ඕනම භාන්ඩයක අලෙවිය පහත වැටුනම දැන්වීම් දාලා ප්‍රචාරනයක් දෙන එක ඇත්ත.....

ඇත්තටම දැන් කොන්ඩම් විකිනෙන් නැද්ද?
ඒ වගේ දෙයක් වෙනුවෙන් දෙනෝ දාහක් නරඹන රූපවාහිනියේ දැන්වීමක් දාන්න තරම් සදාචාරය පිරිහිලාද.....

මම තාම ඒ දැන්වීම දැක්කේ ස්වර්නවාහිනියේ විතරයි.ඒක ප්‍රචාරනය කරන්න ඔවුන් යොදාගෙන තිබුනෙත් බොහොම කැතම වෙලාවක්.පහුගිය සතියපුරාම ඔවුන් ඒ දැන්වීම ප්‍රචාරනය කලේ රටම නරඹන,කුඩා දරුවන්,දෙමව්පියෝ එකට වාඩිවී නරඹන රියැලටි වැඩසටහන් පෙළ අතරතුර.ඒ වෙලාවටම දෙවරක් ඒ දැන්වීම ප්‍රචාරනය කිරීම ''සතුට'' කොන්ඩම් වෙලෙන්දාගේ උවමනාවට සැලසුම් කර ප්‍රචාරනය කිරිමක්.
මේ දැන්වීම නැරඹු කුඩා දරුවනුත් සතුට ලබාගන්න දෙමව්පියන්ගෙන් තමන්ටද ඒකක් ගෙනත්දෙනලෙස ඉල්ලා ඇත...

රටකට උපත් පාලනය අවශය වුවත් රූපවාහිනියක කොන්ඩම් සදහා දැන්වීමක් ප්‍රචාරනය කිරීම මාධය සදාචාරයට පටහැනි ක්‍රියාවක් යන්නයි මගේ හැගීම....

ඔබේ දරුවා,ඔබේ මුනුපුරා,ඔබේ සහෝදරයා බෙන් ඇහුවොත් ඒ මොනවද කියලා. ඔබට කිව්වොත් මටත් ඒකක් ගෙනත් දෙන්න කියලා.මොනවද ඔබ දෙන උත්තර......

අපේ මාධය ඇමතිවරු දෙදෙනාත්,සංස්කෘතික ඇමතිවරු දෙදෙනාත් ශ්‍රී ලාංකිය අභිමානයේ සෝමා එදිරිසිංහ මැතිනියත් මේ ගැන අවධානය යොමුකල යුතුය.

Monday, October 5, 2009

මගේ පොත් සවාරිය.....

පහුගිය දවස් වල තිබ්බ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මමත් ගියා.පොත් ගොඩකුත් ගත්තා.පහුගිය දවස්වල වැඩ කටයුතු අධික වෙලා තිබ්බ නිසා ඒ ගැන විස්තරයක්වත් දාන්න බැරිවුනා. මේ තමයි මම ගෙනාපු පොත් ටික........තවත් ගන්නනම් පොත් ගොඩක් තිබ්බා.....එත් ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් අවුල්......කොහොම උනත් ගොඩක් වටින පොත් ගොඩක් මගේ කරගන්න ලැබුන එකට සතුටුයි.


Thursday, October 1, 2009

රිදවන්නට මා ......

''ජීවිතේ කළකිරුනු බොහෝ අවස්ථාවලදී සොදුරු මිනිසුන්ගේ හඩින් යළි මා ජීවත් කරවයි''

පහුගිය කාලේ එහෙම මාත් එක්ක කතාකරපු කෙනෙක් තමයි මහගෙදර කසුන් මල්ලි. ඔහුගේ නිර්මාණයන් අතරින් ගොඩක් හිතට දැනුන මේ නිර්මාණය පළකලයුතුමයි මට සිතුනා......
රිදවන්නට මා ........



මාගේ කනට කර මිමිනූ
ආදරණීය වදන්
දෙසවන් තුල තවමත්
එහෙට මෙහෙට
දොංකාර දෙනවා මිසක
ඇසෙන්නේ නැත
කිසිවෙකු පවසනා යමක්
මුලු ලෝකයම අන්ධකාරයෙන්
කිසිවෙක් නොපෙනේ මට
එකම එක දෙයක් හැරෙන්නට
නුඔගේ රුව මා දෑස් ඉදිරිපිට
එක් වචනයක් ඇති
රිදවන්නට මා සිතනු
ද ඒ බව දැන සිටියා නිසැකවම
ඇයිද දැන් හැරදමා ,
මා කල වරද නම් කවරක්ද
ඉවසන්නේ කෙලෙසකද ,
තවත් නම්
හඬනාවා මහා හයියෙන්
ඇසෙන්නට මුලු ලෝකයාටම
සත්තමයි තව මොහොතකින්.....

Tuesday, September 29, 2009

අලුත් ඇරඹුමක්.......

ජීවිතේ මහා පුදුමාකාරයි සිනහව පිරිලා ඉතිරිලා යන වෙලාවට,හිනා වෙලා හිනා වෙලා ඇස් වලින් කදුළු එන වෙලාවට එක පාරටම ඒ හිනාව මහා ගින්දරක් උනාම. ඒ ජීවිතවලට මහා ගින්දරක් එක්ක ජීවිතේ එපාවෙලා අරමුණක් නැතිව වේදනාවෙන් පිච්චෙන කොට, හිතෙන් අනන්තවත් ඇඬුවත් ඒක හංගගෙන අමාරුවෙන් හරි ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න වෙනවා...........

එහෙම ඉන්න කාලෙක අලුත් වැඩක් පටන් ගන්නයි මේ හදන්නේ.
ජායාරූපයක් කියන්නේ ජායාරූපශිල්පියගේ හිතේ කැකෑරෙන,පුපුරලා එලියට එන්න දගලන අදහසක් තෙවනි ඇහැකින් ඒ කියන්නේ කැමරා කාචයකින් ලෝකයට පෙන්වීමයි.

ඉතින් මේ උත්සහයත් ඒකට.
මම ප්‍රවීණ ජායාරූප ශිල්පියෙක් නෙමෙයි.නමුත් පහුගිය කාලේ මගේ කැමරා කාචයට අහුවුන සුන්දර ජායාරූපවල ලොකු කාථාවල් තියනවා.......

ඒ වගේ කථාත් එක්ක ජායාරූපයක් ජායාරූපයත් එක්ක කථාවත් එකතු කිරීමයි මේ උත්සහය.........

ඉතින් හෙට ඒ කියන්නේ 1 වෙනිදා ඉදන් අපි ජායාරූපයක් එක්ක කාථාකරමු.

මාත් එක්ක මේ ගමන යන්න ඔයගොල්ලොත් එයි කියලා ලොකු බලාපොරොතුවකින් මම මේ ගමන පටන් ගන්නවා.ඔයගොල්ලන්ගෙ අදහස් වලින් තමයි යන දුර තිරණය වෙන්නේ.
මේ අහස යට කොයි තරම් දේවල් වෙනවා ඇත්ද?කොයි තරම් දේවල් තියනවා ඇත්ද?අපි තෙවෙනි ඇසකින් ඒ සුන්දරත්වය දකිමු...

ඉතින් සුන්දර හෙට දවසේදී අපි මේ අහසයට හමුවෙමු.කාටවත් තහනමක් නැහැ එන්න සුන්දරත්වය විදින්න.........


මෙන්න එන්න ඕනේ තැන. http://www.meahasayata.blogspot.com/

Thursday, September 17, 2009

සංවේදී වු මොහොතක........

ජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

පෙම් කවක්..............

[ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ.නිරන්ජන්ගේ බ්ලොග් එකේ දාලා තිබ්බ සටහන දැකලා මට මේක ලියන්න හිතුනා. ගීතයේ පද ටික ගත්තේ නිරන්ජන් ගේ බ්ලොග් එකෙන්.නිතරම අහන ගීතය නිසා සටහනක් ලියන්න හිතුනා]

මෙන්න අහනවනම් ගීතය - http://www.mediafire.com/?wjiygymymte

Wednesday, August 12, 2009

මං හිතන්නේ මම දැන් මැරිලා.........

සතුටින් කල් ගෙවුන
අවංකව සිනාවුන
බලාපොරොත්තු පොදි බැන්ද
සතුට වැඩිකමට ඇඩුන
සුන්දරම සුන්දර කාලය
නොසිතූ මොහොතක
නිම විය......
ආයේමත් මම
පෙරසේම හදවතින් අඩමින්
බොරුවට සිනාසෙන මළ කදකි.....

සත්තකින්ම මා මියගොසින්...
කයෙන් නොවුවත් හදවතින්...
නැවත ඉපදීමක් මට එපා.....
මට එපා......
මට එපා......

දරන්නට බැහැ
මහා දුක් වේදනා තවත්
ඉවසුවා
එක් වරක්
දෙවරක්
තුන්වරක්
බැහැ ආයෙමත්.......

තව වරක් ඒ දුකම විදින්නට උනොත්......
පපුව පැලී මියයනවා සත්තයි....
කයෙනුත්.....

අදුර දුරුකොට
එලිය දී
නැවත් හෙලුවා අදුරේම...

මම දැන් එලියට බයයි....
හුගක් බයයි
කලුවරේම ඉන්නම් හැමදාම.......

මම මැරිලා
ඔව් මගේ හදවත ඉස්සර වගේ වැඩ කරන් නෑ.....
මට පිස්සු
ඔව් මගේ මොලේ ඉස්සර වගේ වැඩ කරන් නෑ......

කෝ මම නෑ.....
මම නැතිවෙලා.....
ඔව් මම නැතිවෙලා....
මට මාවම නැතිවෙලා.....
අනේ මට මං ගැනම දුකයි......

අයේමත් කවමදාවත් එපා මට එලිය
මට හොදයි මේ මූසල කලුවර..........

මම මැරිලද?
අනේ මන්දා මටම තේරෙන්නේ නෑ..........
මං හිතන්නේ මම දැන් මැරිලා.........

Monday, July 27, 2009

ඔබත් ඔබේ කොටස අවංකව ඉටුකරන්න..........


අද ලංකාදීපේ තිබ්බ මේ විස්තරය දැකලා හිතට පුංචි සතුටක් වගේම දුකකුත් දැනුනා. වසර 30ක් වදදීපු කාළකන්නි ත්‍රස්තවාදය අවසන් වෙලා නිදහස් නිවහල් රටක අලුතෙන් හුස්මගන්න වාසනාව ලැබිලා තියන මොහොතක ජාතිවාදය කියන සර්පයා රෙද්ද අස්සේ දාගේන දගලපු සහ තාමත් දගලන සමහරුන්ටනම් මේක තේරෙන එකක් නැහැ. අපි මෙච්චරකල් බෙදිලා වෙන්වෙලා ජාතිවාදය අවුස්සගෙන හිටිය අතීතය ඉවරකරන්න,අමතක කරන්න අද වෙත්දී හොද අවස්ථාවක් හැමෝටම ලැබිලා.

සිංහලද,දෙමළද කියලා බෙදීම ඇති වුනේ මේ භාෂා ප්‍රශ්නය නිසයි. අපි දෙමළ දන්නේ නැහැ,දෙමළ අය සිංහල දන්නේ නැහැ. ඉතින් කොහොමද සුහදත්වයක් ඇතිවෙන්නේ. එක අතකට ඒක අපේ අධ‍ය්‍යාපන ක්‍රමයෙත් වැරැද්දක්. පාසලේදි 8-9 වසර වෙනක්ම් නිකන් දෙමළ වචන දෙක තුනක් කියලා දුන්නට හරියන්නේ නැහැ. අනික අර ජාතිවාදය කියන නපුංසකයා ඇග ඇතුලේ ඉන්න පෙරේතයෝ කොහොමත් ඒකට අකුල් හෙලනවා.

කොහොම හරි දැන් අපි මේ දේවල් වෙනස් කරන්න ඕනේ අන්න ඒකට සිංහල අපිටත් ඉස්සෙල්ලා උවමනාව තියෙන්නේ සහෝදර දෙමළ ජනතාවට. එක අතකට අපි ලැජ්ජ වෙන්න ඕනේ. පත්තරේ තිබ්බ මේ විස්තරය දැක්කම හිතට සතුටක් වගේම දුකක් දැනුනා කිව්වේ ඒක නිසයි.

කොහොමහරි අන්තිමට අපේ පැත්තට මනුස්සකමේ අත් දික්වෙලා තියන වෙලාවක කුහක නොවී අත දෙන්න පුලුවන්නම් එතන තමයි නියම සිංහලයා ඉන්න ඕනේ තැන. අපිට පුලුවන්නම් අපේ අනාගත පරපුරට මේ ප්‍රශ්නනෙට විසදුම කියලා දෙන්න ඒක තමයි ගොඩක් වටින්නේ. හෙට අලුත් දවසක් ඒ දවස බෙදීම් නැති අවංක මනුස්සකම පුරෝගත්ත මිනිස්සුන්ගෙන් පිරිච්ච ලස්සන රටක් නිර්මාණය කරන්න හැමෝම එකතු වියයුතුයි. ඔබත් ඔබේ කොටස අවංකව ඉටුකරන්න.