Saturday, April 4, 2009

අද අප්‍රේල් 4 - ''පිනි වැස්ස සැපයි ගිනි අව්ව දුකයි දන්නේ බොල් සුලග තමයි''

අදත් හොදටම වැස්ස කම්මැලිකමෙන් ඉන්න ගමන් රේඩියෝ එක දැම්මා අහන්න කියලා. නියම සින්දුවක් ගියා. අලුත් එකක් අදමයි ඇහුවෙ. සින්දුව කියන්නේ වේරලියද්ද අපේ කාලේ වීරයෝ ගැන කියන්නේ. අමාරුවෙන් ලියගත්තා. සින්දුවනම් මගෙ හිතට හොදටම වැදුනා.සින්දුවේ පදෙන් පදේට මාර තෙරුමක් තියෙන්නේ.

''පිනි වැස්ස සැපයි
ගිනි අව්ව දුකයි
දන්නේ බොල් සුලග තමයි
මුර මැස්ස කැපයි
නිදි සුව ඇකපයි
ඉන්නේ සීරුවෙන් තමයි
සෙබලානනේ සංග්‍රාමයේ ජය පැරදුම දෙකම එකයි
සුහදානයේ සුභසාමයේ තීරකයා ඔබම තමයි........

තුන්යම හිටගෙන සමහර විට එක පිම්මේ
වෙඩි සැර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියෙවෙන රණ ගී මදනල පමනයි දන්නේ
කදුලෙන් හිනහී සටනේ උණුසුම රැකගන්නෙ

රුධිරය පුදා දිවියෙන් දිවි ලැබගන්න
සතුරන් පරදා නිරතුරු දිවි රැක ගන්න
ඉදිරියටම තැබු පය පස්සට යලි නොගන්න
රස්සාවට නාවත් නොබියව යුද්ධ කරන්න

සුහදානනේ සංග්‍රාමයෙන් තොර ලෝකය තනනු මැන
සෙබලානනේ සුභ සාමයේ සන්දේශය ලියනු මැන''

3 comments:

  1. මේක අලුත්ම සින්දුවක් නම් නෙමෙයි. මට මතක විදිහට 2000 වසරේදී විතර වේරලියැද්ද නිකුත් කරපු කැසට් එකක තමයී මේක තිබුනෙ. කැසට් එක නිකුත් වුන දවසෙම මම ඕක අරගෙන රස වින්ද. පලමු වර ඇසූ පමනින්ම මගේ හිත් ගත් ගීතයක්.

    දැන් පවතින යුධ වාතාවරනය නිසා ආයෙත් මේ ගීත කරලියට ඇවිල්ල. යුද්දෙ තියන කාලෙට විතරක් අපේ මිනිස්සුන්ට මේව මතක් වෙන එක ගැන තමයි කනගාටුව.

    ඉන්ටනෙට් එකෙන් අහනවනම් මෙතන තියනව සින්දුව
    http://seethalawap3.xtgem.com/mp37jgjmjtmjtmjmjmwjtajpgjmpmkmt/jmjtmjadmjtph.amtwjtjamdjtjpgjmt/jmjtmjmpjmemalgpaktmdtkgpgmtjmtj/569_SEETHALAWAP.GPRS.LT_Sebalanane.mp3

    ReplyDelete
  2. හැබෑද ? ලින්කයනම් වැඩ නැහැ. සින්දුව බාගන්න තැනක් නැත්ද?

    ReplyDelete
  3. මමත් සිදුව අහලා තිබුණා. ඒකේ වචන ටික මෙහෙම ලියපු එක හොඳයි. ඒ නිසා නාහපු අයත් ඒක අහන්න යොමුවෙනවා.

    ReplyDelete