අද යාලුවෝ කට්ටියත් එක්ක ඇදුමක් ගන්න කියල මහරගම ගියා. මොන ඇදුමක් ගන්න තියා ඇවිදගන්නවත් ඉඩ නැහැ. කොහොමහරි අමාරුවෙන් ඇදුම් කඩේකට ගියා. ඇදුම්වල ගනන් දැක්කම හිතෙනව මොකට ලොකුවුනාද කියලා. හැමදාම පොඩියට හිටියනම් පොඩි ඇදුමක් ගන්න තිබ්බා දැන් ඒකත් බැහැ. පොඩිකාලේ බලබල හිටියේ කවදා ලොකුවෙයිද කියල දැන් තමයි ඒකෙ තියන අමාරුකම තේරෙන්නෙ.
ඒ අස්සෙ සතියක් විතර රැවූල කැපුවෙ නැහැ. පොඩිකාලේ කවදා රැවූල එයිද කියල ඇගිලි ගැන ගැන ඉන්නේ. දැන් ඒකත් වදයක් වෙලා. කොච්චර කැපුවත් වැවෙනවා. ඒ නිසා නොකපා ඉන්නවා.
දවසින් දවස අපි වයසට යනවා. වගකීම් වැඩිවෙනවා.
අනේ ඉස්සරවගේ නිදහසේ ඉන්න තියනවනම්..........!
Tuesday, April 7, 2009
Subscribe to:
Post Comments (Atom)
ඒකනම් කියලා වැඩක් නැහැ. හැමදාම 9,10 පන්තියෙම ඉන්න තිබ්බ නම් මරු
ReplyDeleteහැබැයි පොඩි අයගේ ඇඳුම් කියලත් එච්චරම ලාබ නැහැ
ඇදුම් නම් හරි ගනන් තමා. ආර්ථිකේ එන්න එන්න වෙනස්වෙනවනෙ.මම නං කලින්ම ඇදුම් ගත්තා.
ReplyDeleteඒක ඇත්ත බං..හැමදාම පොඩියට ඉන්න තියෙනව නම් කොච්චර දෙයක්ද..ඇදුම් ප‍්රශ්ණෙ කෙසේ වෙතත් වගකීම් වලින් නිදහස් වෙලා ඉන්න තියෙනව නම් කොච්චර සතුටක්ද...
ReplyDelete