Sunday, June 19, 2011

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]

ජීවිතේ වැදගත්ම මොහොතක රැකගන්න ජීවිතය උදව් උන් දයාබර මිනිසුන් සදාකල් මතකයේම රැදේ...[දයාබර මාරයා ඔබට පිං]

මේ සටහන මම ලියන්නේ බොහොම සතුටින්.ඒත් ඒ සතුට එක සුළු මොහොතකින් නැතිවෙන්න තිබුනා.කොටින්ම කියනවනම් මම වලට ගිහින් නැවත ගොඩ ආවා...
කාරනය අතිශයින්ම  පුද්ගලික කාරනයක් උනත් මේ සටහන් නොලියම බැහැ.

මම බොහම ලස්සනට මගේ ජීවිතේ ගොඩනගාගෙන හුගාක සතුටින් ජීවත් උනා.නමුත් මගේ සුන්දර ලෝකෙට එක පාරට මහා කුණාටුවක් හැමුවේ මංවත් නොසිතූ මොහොතකයි.කොටින්ම එක දිනයකින් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරුනා.හුගාක් ආසාවෙන් එකතුකරගත්ත හැමදේම එකපාරටම සුනු විසුනු වෙලා ගියා වගෙයි මට දැනුනේ..

මම හුගාක් අසරන උනා.හැඩි දැඩි පිරිමියෙක් උනත් එක මොහොතකින් ආත්මය පාලාගිය හිස් ශරීරයක් කරන්න කොයි තරම් ලේසිද කියලා මට හිතුනා.
අසරණවෙලා කර කියාගන්න දෙයක් නැතුව උන්මත්තකයෙක් වගේ හිටපු මට එකවරම දෙයක් මතකෙට ආවා..

මේ ප්‍රශ්ණය නිසා මම දින ගනනාවක් දුක් වින්දා,ඒ දින ගනනාවම මම පරිඝනකයට අතවත් තිබ්බේ නැහැ.එක් වරම මට ආපු මතකයත් එක්ක වෙව්ලන දෑතින් මම පරිඝනකය ඔන් කලා...

මේ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ මම කලා..
''මාරයා'' ඔව් එයයි නිවැරදිම දේ..
මම මාරයාගේ බ්ලොග් අඩවියට ගියා.මාරයා අයියා අන්තිමට දාලා තිබ්බ පෝස්ට් එකට මට උදව් ඉල්ලලා කමෙන්ටුවක් දැම්මේ බොහොම ඉක්මනට මේකට උත්තරයක් ඕනෙම නිසයි.

''අනේ මරාය අයියේ මම ලොකු ප්‍රශ්නෙක අනේ මට ඔයාට කතා කරන්න ඕනේ''
පැය භාගයක යන්නත් කලින් මට දුරකතන ඇමතුමක් ආවා.බ්ලොග් අවකාශයේ තවත් සහෝදරයෙක්ගෙන්

''මල්ලි ඉන්න මම මාරයට කියන්නම් ඔයාට ගන්න කියල''

තවත් මිනිත්තු කිහිපයක් ගත උනා..
''මල්ලි දසුන් මම මාරයා මොකක්ද අවුල''
මරායා මා ඇමතුවා..
මම මගේ ගැටලුව කිව්වා.ඒ මොහොතේ මාරයා අයියගේ උපදෙස් වලින් පොඩ්ඩක් ප්‍රශ්නේ විසදුනා.

ඇත්තටම ඒ මොහොතේ මට ඒ කරපු උදව්ව කවදාවත් අමතක වෙන එකක් නැහැ..
දයාබර මාරයා අයියේ ඔබට බොහොම පිං.තමන්ට පුද්ගලික වාසියක් නැතත් මං වෙනුවෙන් මේ ප්‍රශ්නෙ විසදගන්න මහන්සි උනාට.ඇත්තටම මාරයාට කිව්වා විතරයි බොහොම ඉක්මනට හුගක උනන්දුවෙන් මට උදව්කලා.මං වෙනුවෙන් ඒ ගතකල විනාඩි කිහිපයට බොහොම ස්තුත්යි.

දයාබර අයියේ ජීවිතේ කියන්නේ හරි පරිස්සම් කරගන්න ඕනෙ දෙයක්.ඒ ජීවිතේ සතුට රැකගන්න කරපු කැපවීමට බොහොම පිං අයියේ.ඒ වගෙම මාරයා අයියව සම්බන්ද කරගන්න උදව් කරපු සනත් අයියටත් බොහොම පින්.

''ජීවිතේ කටුක තැන්වලදී හමුවන සොදුරු මිනිසුන්ගේ හඩින් යලි මා ජීවත් කරවයි''

දයාබර මාරයා,දයාබර සනත් අයියේ බොහොම පිං.....

අන්තිමට මට උනේ හොදක්.මං මුලින්ම කිව්වේ මම එකපාරටම වලට ගියා කියලා අපායටම ගියා කියලා.එතන ඉදන් දැන්මට ඩබල් ප්‍රමෝශන් වැදුනා කෙලින්ම ආයිත් මනුස්ස ලෝකෙට නෙමෙයි දිව්ය ලෝකෙටම...

''මාරයා අයියේ අන්තිමට මට තිබ්බටත් වඩා හොද උනා''

Thursday, May 19, 2011

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දයාබර අහිංසකයා යන්න ගිය වගයි !

දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර  උනා....

ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......

 දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !

Monday, July 5, 2010

කාටහරි පුලුවන්නම් මට මේ උදව්ව කරන්න බොහොම පිං...

මට පොඩි රූපවාහිනි වැඩසටහනක් පටිගත කරගන්න ඕනේ.
මට අත්යාවශම එකක්. කවෘහරි මට උදව් කරන්න. වැඩසටහන යන්නේ අගහරුවාදා හවස 6ට.කාට හරි පුලුවන්ද මට මේ උදව්ව කරන්න. කරන්නම දෙයක් නැතිතැන තමයි මේ දැම්මේ.

මම සල්ලි හරි දෙන්නම්.මට මේ උදව්ව කරල දෙන්න.බොහොම පිං.

අපේ බ්ලොග් සංසදයේ ලොකු අයියාකෙනෙක් හරි මට මේ උදව්ව කරන්න

Thursday, March 25, 2010

''හෘද සාක්ෂියේ මාලිමාව''

විමල් වීරවංශ නම් සැබෑ දේශප්‍රේමියා නැතොත් විමල් නැමැති සුන්දර මිනිසා විසින් රචිත ''හෘද සාක්ෂියේ මාලිමාව'' නම් කෘතිය ඊයේ සවස මහරගම ජාතික තරුනසේවා සභාවේදී එලිදැක්විය.අප මාතෘභූමිය ගොඩනගන්නේ කෙසේද යන්න මනාව මෙම කෘතියෙන් අවධාරනය කරයි.සභාව ඇමතූ ගුණදාස අමරසේකර ශූරීන් පැවසුවේ මෙය මහින්ද චින්තනයේ තවත් දිගුවක් බවයි.මෙම උලෙලට සිරිල් වික්‍රමගේ,සෝමරත්න දිසානායක,රේනුකා බාලසූරිය,ලලිත් ද සිල්වා,සුදර්මන් රදලියගොඩ,සිරිල් එඩේර මුල්ල,ජාතික නිදහස් පෙරමුනේ අචල ජාගොඩ සහ රොජර් සෙනෙවිරත්න ඇතුලු ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් එක්විය.

Wednesday, February 24, 2010

''ගරු කථානායකතුමනි''

විමල් වීරවංශ මහතා රට වෙනුවෙන් පාරලිමේන්තුවේදී කරන ලද කතා ඇතුලත් ''ගරු කථානායකතුමනි'' කෘතිය ඊයේ සවස අරලියගහමන්දිරයේදී ජනාධිපතිතුමන්වෙත් පිරිනමනු ලැබීය.විශාල ජනකායක් ඇමතූ ජනාධිපතිතුමා කියාසිටියේ පහුගිය කාල වකවානුවලදී විමල් වීරවන්ශ මහතා තමන් වෙනුවෙන් විශාල කැපවීමක් කළ බවයි.කෘතිය ජනාධිපතිතුමන්ටත්,විමල් වීරවංශ මහතාගේ කුඩාකල අකුරු කෙරූ තම ගුරු මෑනියන්ටත් හැගුම්බරව පිරිනමනු ලැබීය.අනතුරුව බෙංගමුවේ නාලක ස්වාමින්වහන්සේට,ආචාර්ය ගුණදාස අමරසේකර ශුරීන්ට මෙන්ම සුනිල් මාධව පේමතිලක මහතාටද කෘතිය පිරිනමනු ලැබීය.

බැසිල් රාජපක්ශ මහතා,ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ මහතා මෙන්ම මැති ඇමතිවරු විශාල පිරිසක්ද,කලාකරුවෝ මෙන්ම විශාල ජනකායක්ද මෙම උත්සවයට සහභාගි විය.

මේ සමගම විමල් වීරවංශ මැතිතුමන්ගේ වෙබ් අඩවියද ජනතා අයිතියට පත් කෙරිනි.
WWW.WW.LK

Wednesday, January 27, 2010

''යුතුකම් ඉටුකල ඔබ සැමට ස්තුතියි....''

තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් යුතුකම් ඉටුකළ දයාබර ඔබ සැමට ස්තුතියි.නේක බාධා මැද වුවත් ඉතිහාසයේ වැඩිම චන්ද ලබාගත් නායකයා ලෙස නැවතත් මහින්ද රාජපක්ශ මැතිතුමා මේ ලක් පොලොවේ අභිමානවත්ව ලාබාගත් මේ ජයග්‍රහනය ඔබෙත් මගෙත් ජයග්‍රහනයක් වෙනවා නිසකයි.

අද ඉදන් සුභ අනාගතයක් වෙනුවෙන් අපි සැවොම එක් වෙමු.මේ අපේ රට මේ රට වෙනුවෙන් යමක් කරලා මැරිලාගියත් අපේ නම් හැමදාම අමරණීයවෙයි.මට හෙට මැරුනත් දුකක් නැහැ.මොකද මේ රට වෙනුවෙන් පහුගියකාලේ හුගාක් මහන්සි උන හින්දා.

''එන්න දැන් අපි රට හදමු,අනාගත පරපුර වෙනුවෙන්''

''සැවොම එක් වෙමු එක්ව නැගිටිමු
මහා බලයක් විහිදුවාලමු
අපේ රට හෙට එකම එක සුරපුරයක්''

යුතුකම් ඉටුකල ඔබ සැමට ස්තුතියි.
''සුබ අනාගතයක්''

Thursday, January 21, 2010

ඔට්ටුවක් දාගන්න කෙනෙක් හෙවීම හෙවත් කලුනික හෙවීම..

කලුනික කියන්නේ හොයාගන්න බොහොම අමාරු බෙහෙතක්නේ.ඒ වගේ තමයි මේ දවස් වල ජෙනරාල් උතුමානන් හෙවත් කළවැද්දා දිනනවා කියන අයත් එක්ක ඔට්ටුවක් දාන එක.කොහිද මහ ලොකුවට පොර ටෝක් දුන්නට සමහරු දන්නවා මේ පාර ඇපත් නැතුව ජෙනරාල් පරදින බව.ඉතින් ඔට්ටුවකට එන්න බයයි. කොහිද ඔය ජෙනරාල්මයි ජනාධිපති වෙන්නේ කියලා කියන කාටහරි කිව්වොත් ඔට්ටුවක් දාමුද කියලා ලස්සනට ලිස්සලා යනව.ඇයි ඉතින් හීනෙන්වත් දිනන්න බැහැ කියල ඔවුන්ම දන්න නිසා.හෙව්වා හෙව්වා කෝ කවුරුත් නැහැ.

හරි ෂෝක් වැඩේ කියන්නේ ජෙනරාල් දිනවන්න කෑ ගහන අයටවත් විශ්වාසයක් නැහැ.රූපවාහිනී වැඩසටහනකදි උදය ගම්මන්පිල සුජීව සේනසිංහට අභියෝග කලා තමන්ගේ අපේක්ශකයා පැරදුනොත් දේශපාලනයෙන් අයින් වෙනවා කියලා.කොහිද සුජිව ලිස්සලා ගියා.ඔච්චරටම තමන්ගේ අපේක්ශකයා දිනයි කියල විශ්වාසනම් අල්ලන්න තිබ්බනේ ඔට්ටුව.

දායාසිරිටත් රතු ඉරේදී අභියෝගකලා දේශපාලනයෙන් සමුගන්නවා කියලා.කොහිද මිනිහත් ලස්සනට ලිස්සලා ගියා අදාවගේ කොහොමත් ඉතින් මිනිහා ලිස්සලායන්න හොදට දන්නවනේ මතකනේ අර ප්‍රසිද්ධ විවාදෙන් ලිස්සුව හැටි.කොහොමහරි එයත් මාරු උනා.මට මතකයි මහින්දානන්දත් අභියෝගකලා.පවිත්‍රා වන්නිආරච්චි ඇමති තුමියත් කිව්වා කෝ මගේ මන්තී පට්ටම ඔට්ටු අල්ලනවා ජනාධිපති තුමා දිනනවා කියලා.කවුරුත් නැහැ
ජනාධිපති තුමා ජය ගන්නවා කියලා ඒ තරම් විශ්වාසයක් ඔවුන්ට තියනවා.කෝ ජේ.ආර් වත් පරද්දනවා කියන ජෙනරාල්තුමාගේ ජයග්‍රහනය අනුගාමිකයෝ කාටවත් විශ්වාස නැහැ.විශ්වාසනම් ඉතින් දාගන්න බැරියෑ ඔට්ටුවක්.ඔවුන්ට ඇත්තට මුහුන දෙන්න වෙනවා.ඔවුනුත් දන්නවා පරාජය නියත බව.නිකන් ජනතාව මුලාකරකර බොරු කිය කිය ඇවිදිනවා,මඩ ගහනවා.

තව මරුම වැඩේ කියන්නේ එ.ජා.ප නිල වෙබ් අඩවියෙන් දාලා තිබ්බා ජනාදිපතිවරයා තෝරාගන්න සමීක්ශනයක් ඒකෙත් ජය මහින්ද රාජපක්ශ ජනපති තුමන්ට.ඔවුන් එක දවසින් ඒ පූල් එක අයින් කර ගත්තා.මරු වැඩේ.

කොහොම හරි මම මේ දවස් හතරෙවත් උත්සහකරනවා ඔට්ටුවක් දාගන්න කෙනෙක් හොයන්න.කවුරු හරි කලවැද්දෙක් ඉන්න්වනම් කියන්න හොදේ.හැබැයි කලුනික හොයන එක ඊටත් වඩා ලේසියි කියලා දැන් තේරෙනවා.

Tuesday, January 19, 2010

කළගුන සැලකීම නම් උතුම ගුනාංගය.....

හුග දවසකට පස්සේ අද උදේ වරුව ගෙදර ඉන්න ලැබුනා.පහුගිය කාලය පුරාම ජානාධිපතවරනය වෙනුවෙන් රට වටේම ගියා.හුගක් මහන්සි උනා.මගෙන් මේ මව් පොලොවට විය යුතු යුතුකමක් හැටියටත්,කළගුන සැලකීම නම් උතුම ගුනාංගය බොහොම හොදින් හදුනන කෙනෙක් හැටියටත් මෙවර හුගක් සතුටින් හුගක් කැමැත්තෙන් හදවතින්ම මහන්සි වෙනවා.අද නෙමෙයි මේ මහන්සියේ ප්‍රතිපල දකින දවට හුගක් සතුටු වෙන්න පුලුවන් වෙයි.නිවැරදිම පැත්තේ හිටගත්තා කියලා හදවතින්ම සතුටුවෙන්න පුලුවන් වෙයි.

පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.හැම දිනකම රැස්වීම් සහ ප්‍රචාරන කටයුතු සාරතකව සිදුකලා.පහුගිය ඉරිදා උදේ වරුව ප්‍රචාරන කටයුතු වලට මහන්සි උනා.හවස රැස්වීම් තුනක් සංවිදානය කාලා.බොහොම සාර්තකයි.ජනතාව හදවතින්ම මහන්සි වෙලා ඒ කටයුතු වලට සහභාගිඋනා.ලංකාව වටේම යත්දි ඇස් දෙකෙන්ම දැක්කා ජනතා කොයි තරම් උනන්දුද කියලා කළගුන සලකන්න.
කොයි තරම් මහන්සි උනත් මගේ ප්‍රදේශයේ ජනතාව සමග මට පැවරුනු වැඩකටයුතු නියම ආකාරයට ඉටුකලා.කොචචර කාර්යබහුල උනත් ප්‍රදේශයේ ජනතාවසමග නියමින කටයුතු කලා.මට ලබාදුන් වගකීම් කොටස අඩුපාඩුවක් නොවෙන්න සාර්තකව ඉටුකලා.රාතියට පොස්ටර් ගහන්න යන්න බොහොම උනන්දුවෙන් ඔවුන් සහහාගි උනා.පුද්ගලික වාසි කිසිවක් බලාගෙන නෙමෙයි.අපිට සමීප අපේ නායක මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා දිනවන්න.වතුර උගුරක්වත් නැතුව ඔවුන් විශාල මෙහෙයක් ඉටු කලා.පාන්දර 3 පමන වනතුරු ඔවුනුත් මමත් මහන්සි උනා.නැවත පාන්දර 5 වෙනකොට මට අනෙක් සංවිධාන කටයුතුවලට,රැස්වීම් වලට යන්න සිද්ද වෙනවා.පහුගිය සති 3 නම එහෙමයි.නින්ද බොහොම ටිකයි.හුගක් මහන්සියි. ලංකාව වටේම ගිහින් රැස්වීම් ඉවරවෙලා එනකොට හැමදාම රාතී 12 පමණ වෙලා.නමුත් නැවතත් මගේ කොටිටාශයේ සංවිදාන කටයුතු වලට යන්න සිද්ද වෙනවා.හුගක් කාර්ය බහුලයි,හන්සියි
නමුත් සතුටින් තමයි හැමදේම
කරන්නේ.ඊයෙත් මහරගම රැස්වීමට සහභාගි උනා.බොහොම සාර්තකයි.අද දවල්ට නැවතත් යනවා.මේ සතියනම් බොහොම කාරයබහුල වෙයි.ජනතාවත් එහෙමයි.මේ වෙන මහන්සියේ ප්‍රතිපල තියෙයි.ඇත්තටම දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමාගේ ජයග්‍රහනය ස්තිරයි.හැම ගමක් ගමක් ගානේ යන අපිටයි ඒක තේරෙන්නේ.ජනයාගේ ප්‍රතිචාරය තේරෙන්න පාරට බහින්න ඕනේ.සමහරු අන්තර්ජාලය හරහා කරන දෙවල් පුස්සක් බව අපිටයි තේරෙන්නේ.

ඉතින් කල්පනාවෙන් වැඩකරන්න.ජනාධිපතිතුමා දිනන එක ස්තිරයි.ඒක වෙනස් වෙන්නෙ නැහැ.කවුරු කොහොම බලපෑම් කලත් ජනතාව තමන්ගේ හදවතින් තීරනයක් ගනී.

ජය !

ඔබ සැමට සුබ අනාගතයක් !

Monday, December 7, 2009

ආදරේ දැනෙන කොට...

මම මුලින්ම එයාත් එක්ක කතාකරන කොට
එයා මාත් එක්ක පිස්සුවෙන් වගේ කතාකලා........

පස්සෙ මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන කොට
එයා මට එක දිගටම හුගාක් වෛරකලා.......

අන්තිමට මම එයාට වෛර කරන කොට
එයා මට හුගාක් ආදරේ කරන්න පටන් අරන්........

ආදරේ දැනෙන කොට.......ආදරේ දුක දැනෙන කොට......
අවංකව ආදරේ කරන්න හිතෙනවා ඇති.....

Sunday, December 6, 2009

මුහුදු රළ වගේ....

ඇය මගේ ලගින්ම....
ඔව්....

ඉස්සර මම ලංවෙන්න ලංවෙන්න
ඇය මගෙන් ඈතට ගියා....
පස්සේ
බැරිම තැනඅමාරුවෙන් උනත්....
ඇය ලග ඉන්න බැරි හින්දා
මම ඇගෙන් ඈතට ගියා....

මම ඇගෙන් ඈතට යන්න යන්න
ඇය මගේ ලගට ආවා....

මාරයි....
පුදුමයි....

ආදරේ එහෙම වෙන්නැති....
මුහුදු රළ වගේ....
දැන් නිතරෝම ඇය මගේ ලග...
හරියට රළ අයිස් වෙලා වගේ....

Thursday, December 3, 2009

සත්‍යම සත්‍ය කථාවක්...



දිනය - හීනියට පොද වැටුන ඊයේ රෑ...
වෙලාව - හරියටම වෙලාව අටට විතර ඇති...
තැන - සිහිල් සුළන් හමන වෙල් යාය අද්දර...



''සුදූ...''

''හ්ම්...''

''ඔයා මට ඇත්තටම ආදරේද?....''

''ඔයාට මාව විශ්වාස නැත්ද...''

''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''

''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''

''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''

''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''

''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''

''මමත් ඔයාට ආදරෙයි අයියේ...''

''කොච්චරක්ද?...''

''ගොඩාක්....''

''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''

''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''

''මමත් එහෙමයි සුදූ.....''

''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''

''හ්ම්.....''

''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''

''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''

''ඔව් අය්යේ....''

''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''

''මම දන්නවා අය්යේ.....''

''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''

''ඇයි?....''

''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''

''මං හින්දා නේද?''

''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''

''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...''
[ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....]

''සුදූ.....''

''හ්ම්.....''

''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''

''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''

''අපිට වරදින්නැහැ සුදූ.....''
[මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා]

''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''

''මමත්....''

''මචෝ.....දැන් යමුද රෑ වෙලා''
[මගේ අතිජාත මිතුරු කැල......මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......]

''යමල්ලා... යමල්ලා...''

''අපි යනවා රත්තරන්....''

ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....

ආදරේ මොනතරම් සුන්දරද....ආදරේ ජීවිතේ නිවනවා....එනගමන් මට සිතුනා.....

[ සත්‍යම සත්‍ය කථාවක් ]

Wednesday, November 25, 2009

Tuesday, November 17, 2009

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වශයෙන් එහි නිල නිවෙදනය මෙහි පලකරමි.

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී.

සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

Friday, November 13, 2009

''විජේවීරව විකුනගෙන කෑම...''

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහන විජේවීර සහෝදරයා සමරමින් ඉල් මහා විරු සමරුව ඊයේ දිනයේදී පැවැත්වුනා.ඊයේ දිනයේ පැවතියේ විරු සමරුවක් නොව මහපොළ වැනි වෙළද ප්‍රදර්ශනයක් සහ අලෙවිපොලක් බවයි එයට සහභාගීවූ මගේ මිතුරෙක් බොහොම ආවේගයෙන් පැවසුවේ.එයට හේතුව ඉල් මහා විරු සමරුපොලේදී විජේවීරව ජනතා විමුක්ති පෙරමුන විකුනගෙන කෑ බවයි ඔහුගේ අදහස.

ලෙනින්ලගේ,චේලගේ දැවැන්ත පෝස්ටර අදටත් ලෝකේ පුරාම මිනිස්සු අරගන්නෙ සිහිවටන විදිහට තබාගන්න.ඒවා විකුනන්නෙත් මුදල් මුල්කරගෙන නෙමේයි.සමාජ සුභසාදනය සදහා.

නමුත් ඊයේ විරුසමරු බිම පුරාම විජේවීරව වික්කේ මුදල් හම්බකරන්න.විජේවීරගේ රුව රැගත් පෝස්ටර්,විජේවීරගේ රුව රැගත් 2010 දිනදර්ශන,කුඩා පොකට් දින දර්ශන වගේම සාමාජීකයන් අතරේ සීමිතව හුවමාරු වු දින පොත් වගේම නොදැක්ක තව හුගක් දේවල් විශාල වටිනාකම් වලට විකුනන්න තරම් ජනතා විමුක්ති පෙරමුන බංකොලොත් වෙලා.

ඊයේ විරුසමරුවට සහභාගීවූ කිහිප දෙනෙක්ම තමන්ගේ නායකයා විකීනීම සම්බන්දව දැඩි කලකීරීමකින් කතාකලා.සිහිවටන වශයෙන් තබාගැනීම කියන අරමුනෙන් තොරව මුදල් හම්බකීරීම කියන අරමුනෙන් මේ විකිනීම් කල බවයි ඔවුන්ගේ මතය.

මේ වෙළද ආර්ථික ක්‍රමයත් එක්ක තම මව් පියන්වත් විකුනන්න උත්සහකරන සමාජෙක ජනතා විමුක්ති පෙරමුණට තමන්ගෙ පියාවන් විජේවීර විකුනගෙනකෑම එක අතකට පුදුමයට කරුනක් නෙමෙයි.

''හැබැයි එකදෙයක් මතක තියාගනිල්ලා.ඔය කාපුවා වමාරන කොට නොකාහිටියනම් හොදයි කියලා හිතෙයි.හැබැයි එතකොට හුගාක් පරක්කුවෙලා තියෙයි.''

Thursday, November 5, 2009

ඔන්න මම අලුත්ම වැඩක් පටන්ගත්තා
ඇවිල්ලම බලන්න......



http://www.dasungedasun.blogspot.com/




Sunday, October 25, 2009

එදා සහ අද.....

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....