Thursday, December 3, 2009
සත්‍යම සත්‍ය කථාවක්...
දිනය - හීනියට පොද වැටුන ඊයේ රෑ...
වෙලාව - හරියටම වෙලාව අටට විතර ඇති...
තැන - සිහිල් සුළන් හමන වෙල් යාය අද්දර...
''සුදූ...''
''හ්ම්...''
''ඔයා මට ඇත්තටම ආදරේද?....''
''ඔයාට මාව විශ්වාස නැත්ද...''
''නැහැ සුදූ මට ඔයාව විශ්වාසයි.මම දන්නවා ඔයා මේ පාර වෙනස් වෙන්නැහැ කියලා.''
''ඔව් අයියේ මං ආයේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ...''
''මම ඔයාව ගොඩක් විශ්වාස කරනවා සුදූ.....''
''ඒ විශ්වාසය මම රකිනවා අයියේ.''
''මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ මගේ ඇස්දෙක දිහා බලාගෙන කියන්න ඇත්තටම මට ආදරෙයි කියලා''
''මමත් ඔයාට ආදරෙයි අයියේ...''
''කොච්චරක්ද?...''
''ගොඩාක්....''
''ගොඩාක් කිව්වේ?කොච්චරක්ද?''
''ගොඩාක්....ගොඩාක්....ගොඩාක්....''
''මමත් එහෙමයි සුදූ.....''
''ඊයේ මාත් එක්ක තරහවෙලා කෑවේත් නැහැ නේද?....''
''හ්ම්.....''
''හැබැයි ඔන්න මාත් එක්ක ඉන්නකොට එහෙම බැහැ...''
''ඔයත් එක්ක ඉන්නකොට? ඔයා එනවද රත්තරන් මාත් එක්ක ඉන්න?..''
''ඔව් අය්යේ....''
''මම ඔයාව ගොඩාක් ආදරෙන් පරිස්සම් කරගන්නවා සුදූ''
''මම දන්නවා අය්යේ.....''
''ජීවිතේ මාර පුදුමාකාරයි නේද සුදූ...''
''ඇයි?....''
''මීට මාස පහකට හයකට ඉස්සෙල්ලා අපි යාලුවෝ...,මීට මාස දෙකකට ඉස්සෙල්ලා ඔයයි මායි තරහයි....ඔයා මගෙන් ඈත් උනා...මම ගොඩාක් ඇඩුවා සුදූ....''
''මං හින්දා නේද?''
''නැහැ සුදූ...මගේ හිතේ තිබ්බ අවංක ආදරේ නිසා...''
''මම ඔයාගෙන් ආයෙත් කවදාවත් ඈත් වෙන්නැහැ අයියේ...''
[ ඇය මගේ දකුනු අත තදින්ම අල්ලාගෙන් මට තවත් තුරුල් උනා....]
''සුදූ.....''
''හ්ම්.....''
''අපිට හැමදාම මෙහෙම ඉන්න තියනවනම්....''
''අපි මෙහෙම ඉමු අයියේ...මම ඔයාලගටම වෙලා හැමදාම මෙහෙම ඉන්නවා ගොඩක් ආදරෙන්.......''
''අපිට වරදින්නැහැ සුදූ.....''
[මම තවත් ඇයව ලංකරගත්තා....ඇගේ දෙයත් මගේ දෙයත් වලට තවත් තද උනා]
''මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්.......''
''මමත්....''
''මචෝ.....දැන් යමුද රෑ වෙලා''
[මගේ අතිජාත මිතුරු කැල......මේ වෙලාවට තමයි මුන්ට දෙකක් අයින්න හිතෙන්නේ.......]
''යමල්ලා... යමල්ලා...''
''අපි යනවා රත්තරන්....''
ආයේත් සුදූ දිහා බලපු මම ආදරයෙන් ඇයව ලංකරගෙන ඇගේ නළලේ උනුසුම් හාදුවක් නතරකරලා ඇගෙන් සමු ගත්තා.....
ආදරේ මොනතරම් සුන්දරද....ආදරේ ජීවිතේ නිවනවා....එනගමන් මට සිතුනා.....
[ සත්‍යම සත්‍ය කථාවක් ]
Subscribe to:
Post Comments (Atom)
Love is in the air
ReplyDeleteහුඟක් ආදර කතා වල ආරම්භය මෙහෙම වෙන්න පුළුවන්. ඒත් මිත්‍රයා ඒක සදාකාලික නෑ. අනේ මන්ද මට හිතුනෙ එහෙම.
ReplyDeleteජය!
@නොදරුවා ........සිරාවට..........
ReplyDeleteනොදරුවා කියන කතාව ඇත්ත.
ReplyDeleteබොහෝ වේලාවට ආදර කතාවල ඇරඹුම මෙහෙම තමා, ඇතැම් තවත් බොහොමයකට මෙවැනි සරලත්වයක් නෑ. ඇතැම් වේලාවට කතාවේ අවසානය "නුවර වසන්තය"ක් වගේ වෙන්න පුළුවං.
වේලාවට මිතුරන් නිසා ආදර සම්බන්ධතාවට කරදරයක්යැයි හිතුණත්, කියටවත් එසේ හිතෙන්න දෙන්න එපා.
සුභ පැතුම්!
lassanai ban . . .
ReplyDeleteදුකා@ Thanks ban....
ReplyDelete