Tuesday, September 29, 2009

අලුත් ඇරඹුමක්.......

ජීවිතේ මහා පුදුමාකාරයි සිනහව පිරිලා ඉතිරිලා යන වෙලාවට,හිනා වෙලා හිනා වෙලා ඇස් වලින් කදුළු එන වෙලාවට එක පාරටම ඒ හිනාව මහා ගින්දරක් උනාම. ඒ ජීවිතවලට මහා ගින්දරක් එක්ක ජීවිතේ එපාවෙලා අරමුණක් නැතිව වේදනාවෙන් පිච්චෙන කොට, හිතෙන් අනන්තවත් ඇඬුවත් ඒක හංගගෙන අමාරුවෙන් හරි ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න වෙනවා...........

එහෙම ඉන්න කාලෙක අලුත් වැඩක් පටන් ගන්නයි මේ හදන්නේ.
ජායාරූපයක් කියන්නේ ජායාරූපශිල්පියගේ හිතේ කැකෑරෙන,පුපුරලා එලියට එන්න දගලන අදහසක් තෙවනි ඇහැකින් ඒ කියන්නේ කැමරා කාචයකින් ලෝකයට පෙන්වීමයි.

ඉතින් මේ උත්සහයත් ඒකට.
මම ප්‍රවීණ ජායාරූප ශිල්පියෙක් නෙමෙයි.නමුත් පහුගිය කාලේ මගේ කැමරා කාචයට අහුවුන සුන්දර ජායාරූපවල ලොකු කාථාවල් තියනවා.......

ඒ වගේ කථාත් එක්ක ජායාරූපයක් ජායාරූපයත් එක්ක කථාවත් එකතු කිරීමයි මේ උත්සහය.........

ඉතින් හෙට ඒ කියන්නේ 1 වෙනිදා ඉදන් අපි ජායාරූපයක් එක්ක කාථාකරමු.

මාත් එක්ක මේ ගමන යන්න ඔයගොල්ලොත් එයි කියලා ලොකු බලාපොරොතුවකින් මම මේ ගමන පටන් ගන්නවා.ඔයගොල්ලන්ගෙ අදහස් වලින් තමයි යන දුර තිරණය වෙන්නේ.
මේ අහස යට කොයි තරම් දේවල් වෙනවා ඇත්ද?කොයි තරම් දේවල් තියනවා ඇත්ද?අපි තෙවෙනි ඇසකින් ඒ සුන්දරත්වය දකිමු...

ඉතින් සුන්දර හෙට දවසේදී අපි මේ අහසයට හමුවෙමු.කාටවත් තහනමක් නැහැ එන්න සුන්දරත්වය විදින්න.........


මෙන්න එන්න ඕනේ තැන. http://www.meahasayata.blogspot.com/

Thursday, September 17, 2009

සංවේදී වු මොහොතක........

ජීවිතේ සුන්දරම කාලවකවානු ගෙවිලා යත්දි දුක,වේදනාව,කදුළු අතරින් අමාරුවෙන් හරි හිනාවෙන්න උත්සහා කරන වෙලාවක හිතට සැනසීමක් ලැබෙන්න,හිත නිවන්න ගීතයකට තියෙන්නේ පුදුම හැකියාවක්.ඉතින් පහුගියකාලේ ලොකු ගින්දරක පිච්චිලා පිච්චිලා අලුවෙලා ගියාට පස්සේ මියගිය අලු ගොඩට ඉසින පැන් පොදක් වගේ මේ ගීතය නිතරම අහමින්,නිතරම කියමින් අකුරක් ගානේ නහරදිගේ ගලාගෙන ගිහින් හදවතේ ගැඹුරුම තැනටම දැනෙන්න මම නිතරම ඉඩ දෙනවා....

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්//
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්//
සඳ එළිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැඳුනාට රත්තරනේ

පෙම් කවක්..............

[ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ.නිරන්ජන්ගේ බ්ලොග් එකේ දාලා තිබ්බ සටහන දැකලා මට මේක ලියන්න හිතුනා. ගීතයේ පද ටික ගත්තේ නිරන්ජන් ගේ බ්ලොග් එකෙන්.නිතරම අහන ගීතය නිසා සටහනක් ලියන්න හිතුනා]

මෙන්න අහනවනම් ගීතය - http://www.mediafire.com/?wjiygymymte