Monday, July 27, 2009

ඔබත් ඔබේ කොටස අවංකව ඉටුකරන්න..........


අද ලංකාදීපේ තිබ්බ මේ විස්තරය දැකලා හිතට පුංචි සතුටක් වගේම දුකකුත් දැනුනා. වසර 30ක් වදදීපු කාළකන්නි ත්‍රස්තවාදය අවසන් වෙලා නිදහස් නිවහල් රටක අලුතෙන් හුස්මගන්න වාසනාව ලැබිලා තියන මොහොතක ජාතිවාදය කියන සර්පයා රෙද්ද අස්සේ දාගේන දගලපු සහ තාමත් දගලන සමහරුන්ටනම් මේක තේරෙන එකක් නැහැ. අපි මෙච්චරකල් බෙදිලා වෙන්වෙලා ජාතිවාදය අවුස්සගෙන හිටිය අතීතය ඉවරකරන්න,අමතක කරන්න අද වෙත්දී හොද අවස්ථාවක් හැමෝටම ලැබිලා.

සිංහලද,දෙමළද කියලා බෙදීම ඇති වුනේ මේ භාෂා ප්‍රශ්නය නිසයි. අපි දෙමළ දන්නේ නැහැ,දෙමළ අය සිංහල දන්නේ නැහැ. ඉතින් කොහොමද සුහදත්වයක් ඇතිවෙන්නේ. එක අතකට ඒක අපේ අධ‍ය්‍යාපන ක්‍රමයෙත් වැරැද්දක්. පාසලේදි 8-9 වසර වෙනක්ම් නිකන් දෙමළ වචන දෙක තුනක් කියලා දුන්නට හරියන්නේ නැහැ. අනික අර ජාතිවාදය කියන නපුංසකයා ඇග ඇතුලේ ඉන්න පෙරේතයෝ කොහොමත් ඒකට අකුල් හෙලනවා.

කොහොම හරි දැන් අපි මේ දේවල් වෙනස් කරන්න ඕනේ අන්න ඒකට සිංහල අපිටත් ඉස්සෙල්ලා උවමනාව තියෙන්නේ සහෝදර දෙමළ ජනතාවට. එක අතකට අපි ලැජ්ජ වෙන්න ඕනේ. පත්තරේ තිබ්බ මේ විස්තරය දැක්කම හිතට සතුටක් වගේම දුකක් දැනුනා කිව්වේ ඒක නිසයි.

කොහොමහරි අන්තිමට අපේ පැත්තට මනුස්සකමේ අත් දික්වෙලා තියන වෙලාවක කුහක නොවී අත දෙන්න පුලුවන්නම් එතන තමයි නියම සිංහලයා ඉන්න ඕනේ තැන. අපිට පුලුවන්නම් අපේ අනාගත පරපුරට මේ ප්‍රශ්නනෙට විසදුම කියලා දෙන්න ඒක තමයි ගොඩක් වටින්නේ. හෙට අලුත් දවසක් ඒ දවස බෙදීම් නැති අවංක මනුස්සකම පුරෝගත්ත මිනිස්සුන්ගෙන් පිරිච්ච ලස්සන රටක් නිර්මාණය කරන්න හැමෝම එකතු වියයුතුයි. ඔබත් ඔබේ කොටස අවංකව ඉටුකරන්න.

Monday, July 20, 2009

අම්මා සහ ආදරය.....

අනේ මන්දා මේ දවස්වල ජීවිතේට මහා අමුත්තක් දැනෙනවා...හේතුව පස්සේ කියන්නම්කෝ.

කොහොම හරි ඊයේ රෑ හිතුනා අම්මට කියල බත් කටක් කවාගන්න..වෙසක් පෝය දවසේ ඉදන් මස්,මාළු කන එක නැවැත්තුව හින්දා දැන් බත් කන එකත් එච්චර උවමනාවක් නැහැ.ඊයේ රෑත් කන්නැතුව පනින්නයි හැදුවේ.කොහෙද අම්මගෙන් හොදවයෙන් දෙකක් අහගෙන අන්තිමට වාඩිවෙන්න උනා.ඉස්සර මම එළවලු කනවා හරි අඩුයි[තාමත් එහෙමයි].එළවලු නොකන නිසාමයි බත් නොකා ඉන්න හැදුවේ.අම්මා බත් එකත් අරගෙන ලගට අවාහම මම බත් පිගාන දිහාවත් බැලුවේ නැහැ.[මොකද කන්න ආසම නැති දේවල් ඒකෙ තියන බව දන්න නිසා]. අන්තිමට ඉතින් අමාරුවෙන් හරි කන්න ඔනේ කියලා පටන්ගත්තා.
එක කටක්,දෙකක්,තුනක්......අවුලක් නැහැ වගේ.
කොහොම හරි ටික ටික බත් පිගාන හිස් උනා. ඇත්තට හරිම රසයි.ඒ අම්මගෙ අතින් කාපු නිසා...මොන දේවල් උයලා තිබ්බත් අම්මා කවන කොට තියන රස...කියල වැඩක් නැහැ. ඒ අම්මගේ අත් ගුනේ නිසා වෙන්නැති....බත් එකට අම්මගේ ආදරයත් එකතු උනාම..........

ඉස්සර
වගේම
අම්මගේ
අතින්
කවන
බත්කට
කොයි තරම
රසද?
මොනවා
තිබ්බත්
රසම රස
වෙන්නේ
අම්මගේ
අත්ගුනේ නිසා
වෙන්නැති.....

Sunday, July 12, 2009

සඳ...

නපුරු වූ
වළාකුළු
අතර හිඳ
වරින් වර
පෙනි පෙනී
නොපෙනි යන
සඳ...

Saturday, July 4, 2009