Thursday, April 9, 2009

අද අප්‍රේල් 9 - යථාර්තය අවබෝධ වීම හෙවත් කාළකන්ණියා ප්‍රතික්ෂේප කිරීම

උතුරේ කාළකන්ණියාගෙන් මිදිලා දැන් හමුදා පාලන ප්‍රදේශයේ ඉන්න අසරන ජනතාව බලන්න අපේ දකුනෙන් කදමලු බැදගෙන නෑගම් ගිහින් කියල රූපවාහිනියේ දැක්කා අපි ජාතිවාදීන් නෙමෙයි.
අපි හැමෝම මේ රටේ මිනිස්සු. එහේ ඉන්න පුංචි දරුවෝ ඇදලා තිබ්බ චිත්‍ර වගයක් දැක්කා. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා පිරිබාහරන් ප්‍රතික්ශේප කරලා ඒදරුවෝ චිත්‍ර ඇදලා තිබ්බා.
එක චිත්‍රයක් තිබ්බා කොටිත්‍රස්තවාදියෙක් බිම වැට්ලා ඉදිද්දි දෙමළ දරුවෙක් හමුදා සෙබලෙකුගේ අතින් අල්ලගෙන නිදහසේ ඇවිදිනවා.තවත් චිත්‍ර ගොඩක දරුවෝ කොටි කොඩිය කුරුටු ගාලා ප්‍රතික්ශේප කරලා. ඒ දරුවන්ට දැන් නිදහස්, නිවහල් නැවුම් සුළගේ වටිනාකම තේරෙනවා.
තව ටික දවසකින් අපිත් එනවා උඹලා එක්ක සතුටු වෙන්න.
ඒ දවස වැඩි ඈතක නැහැ..........

Wednesday, April 8, 2009

අද අප්‍රේල් 8 - උන්ගේ වරිගෙම නසන කාළකන්නියා....

දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා පිරිබාහරන් තමන්ගේ ජාතියම නසන්නට තරම් කෘර වෙලා. අද ඒ පැත්තෙ ඉදන් නිදහස හොයාගෙන එන අහිංසක මිනිස්සු පිරිසකට වෙඩිතියලා. අවුරුදු 45 ක පියයි,අවුරුදු හතරක නොදරුවෙකුයි වෙඩිවැඩිලා මියගිහින්. අහිංස බිරිදට තමන්ගෙ ස්වාමියා,දරුවන්ට පියා,අම්මට තමන්ගෙ කිරි දරුවා කලපුවේ අත්හැරලා එන්න තරම් අහිංසක මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද. අඩුමතරමේ මිනියවත් අන්තිම මොහොතේ දැකගන්න නැහැ අපි හැමෝම ලේ,මස්,ඇට,නහර වලින් හැදිච්ච මිනිස්සු. සිංහල උනත් දෙමල උනත් හැමෝම මිනිස්සු. ඒ බිරිදගේ,දරුවන්ගේ ඇස් වලින් බිමට වැටෙන කදුලු බිංදුවක් ගානේ අර කාළකන්නියාට ශාප වෙනවා.
''තොපි සිංහලයෝ මැරුවද?
නැහැ උන් අපිව වට කරලා
කෝ අපේ දෙමලු
උන් දැන් එහා පැත්තට පැනලා යනවා
එහෙනම් දෙමලු මරපිය
ඒත් උන් අපේ එවුන්නෙ
යකෝ උන් ගියොත් අපි බේරෙන්නෙ කොහොමද
ඒත් අපි කොහොමද අපේ උන් මරන්නේ
කොහොමහරි මරපිය...මරපිය...මරපිය...
මට බැහැ ඒක කරන්න
ඉදා එහෙනම් උඹටත්......''
[තවත් උන්ගෙ එකෙක් උන් අතින්ම ඝාතනය වු වගයි]

Tuesday, April 7, 2009

අද අප්‍රේල් 7 - අනේ ඉස්සරවගේ නිදහසේ ඉන්න තියනවනම්...!

අද යාලුවෝ කට්ටියත් එක්ක ඇදුමක් ගන්න කියල මහරගම ගියා. මොන ඇදුමක් ගන්න තියා ඇවිදගන්නවත් ඉඩ නැහැ. කොහොමහරි අමාරුවෙන් ඇදුම් කඩේකට ගියා. ඇදුම්වල ගනන් දැක්කම හිතෙනව මොකට ලොකුවුනාද කියලා. හැමදාම පොඩියට හිටියනම් පොඩි ඇදුමක් ගන්න තිබ්බා දැන් ඒකත් බැහැ. පොඩිකාලේ බලබල හිටියේ කවදා ලොකුවෙයිද කියල දැන් තමයි ඒකෙ තියන අමාරුකම තේරෙන්නෙ.
ඒ අස්සෙ සතියක් විතර රැවූල කැපුවෙ නැහැ. පොඩිකාලේ කවදා රැවූල එයිද කියල ඇගිලි ගැන ගැන ඉන්නේ. දැන් ඒකත් වදයක් වෙලා. කොච්චර කැපුවත් වැවෙනවා. ඒ නිසා නොකපා ඉන්නවා.
දවසින් දවස අපි වයසට යනවා. වගකීම් වැඩිවෙනවා.
අනේ ඉස්සරවගේ නිදහසේ ඉන්න තියනවනම්..........!

Monday, April 6, 2009

අද අප්‍රේල් 6 -''දේව කාරියට වඩා රාජකාරිය උතුම්''

''දේව කාරියට වඩා රාජකාරිය උතුම්'' කියල හිතපු කෙනෙක් අද ලංකාවට ආව. ඒ තමයි ලාහෝර් ප්‍රහාරයෙදි ලංකාවේ කන්ඩායම බේරගත්ත බස් රථයේ රියදුරු කලීල්.
අපෙ අය කලීල් උනුසුම් විදිහට පිලිගත්තා.
කලීල් එදා ඔබ නොහිටියානම්...........
ස්තුතියි කලීල්..............


Sunday, April 5, 2009

අද අප්‍රේල් 5 - අවංක ආදරය සදාකාලිකයි....

ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්,පුදුමාකාර හැගීමක් අවංක ආදරය කියන්නේ සදාකාලික බැදීමක් ඒකට හොදම උදාහරනය වෙන පින්තූර වගයක් මට හම්බවුනා.
මේ කාන්තාව හදිස්සි අනතුරකට ලක්වෙලා ඉනෙන් පහල ඉවත්කරලා. නමුත් දයාබර ස්වාමියා ඇයව අතහැරලා ගිහින් නැහැ. බොහොම සංවේදී පින්තූර ටිකක්. හොදින් බලන්න ඔවුන් කොච්චර සතුටින් ඉන්නවද............
අවංක ආදරය සදාකාලිකයි කියන්න තවත් උදාහරන ඕනෙද?

Saturday, April 4, 2009

අද අප්‍රේල් 4 - ''පිනි වැස්ස සැපයි ගිනි අව්ව දුකයි දන්නේ බොල් සුලග තමයි''

අදත් හොදටම වැස්ස කම්මැලිකමෙන් ඉන්න ගමන් රේඩියෝ එක දැම්මා අහන්න කියලා. නියම සින්දුවක් ගියා. අලුත් එකක් අදමයි ඇහුවෙ. සින්දුව කියන්නේ වේරලියද්ද අපේ කාලේ වීරයෝ ගැන කියන්නේ. අමාරුවෙන් ලියගත්තා. සින්දුවනම් මගෙ හිතට හොදටම වැදුනා.සින්දුවේ පදෙන් පදේට මාර තෙරුමක් තියෙන්නේ.

''පිනි වැස්ස සැපයි
ගිනි අව්ව දුකයි
දන්නේ බොල් සුලග තමයි
මුර මැස්ස කැපයි
නිදි සුව ඇකපයි
ඉන්නේ සීරුවෙන් තමයි
සෙබලානනේ සංග්‍රාමයේ ජය පැරදුම දෙකම එකයි
සුහදානයේ සුභසාමයේ තීරකයා ඔබම තමයි........

තුන්යම හිටගෙන සමහර විට එක පිම්මේ
වෙඩි සැර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියෙවෙන රණ ගී මදනල පමනයි දන්නේ
කදුලෙන් හිනහී සටනේ උණුසුම රැකගන්නෙ

රුධිරය පුදා දිවියෙන් දිවි ලැබගන්න
සතුරන් පරදා නිරතුරු දිවි රැක ගන්න
ඉදිරියටම තැබු පය පස්සට යලි නොගන්න
රස්සාවට නාවත් නොබියව යුද්ධ කරන්න

සුහදානනේ සංග්‍රාමයෙන් තොර ලෝකය තනනු මැන
සෙබලානනේ සුභ සාමයේ සන්දේශය ලියනු මැන''

Thursday, April 2, 2009

අද අප්‍රේල් 2 - අතීතය සිහිනයක් පමණයි..

අද දවසම වැස්ස ඒ අස්සේ කරන්ට් එකත් නැහැ කිසිම වැඩක් කරන්න විදිහක් නැහැ. කම්මැලිකමට පරණ පොත් ටිකක් ඇවිස්සුවා. දැන් හිතෙනවා එහෙම කරපු එක අපරාදේ කියලා. පරණ දේවල් එක්ක මතකය අලුත් වෙනවා. හිනාවෙන්න බැරි මතකයන් මතක් වෙනකොට...........

පොත් අතරේ තිබිලා පරණ නිසදැස්,කවි පොතක් හම්බ උනා. ඒ ජීවිතේ සුන්දරම කාලයේ අවසානයෙත් අසුන්දර කාලයේ ආරම්භයෙත් ලිවුව ඒවා. සමහර ඒවට උත්තර ලියල තිබුනා. සමහර ඒවට අදටත් උත්තර නැහැ......

පොතේ තිබ්බ අන්තිම කවිය තාම හොදට මතකයි.

'' බුර බුරා නැගෙන හදවතේ ගින්දරයි
දෙනෙත් පුපුරා ගලන කදුළු හරි සුන්දරයි
ජීවිතේ හැමදාම ආදරේ දුර තමයි
මා ඔබෙන් සමුගනිමි ඉතින් මට අවසරයි...''

Wednesday, April 1, 2009

අද අප්‍රේල් 1 - උපන්දින දෙකක්

කව්ද දන්නේ නැහැ අද මෝඩයගේ දවස කියල මුලින්ම කිවුව මෝඩයා. අනේ මන්දා මටනම් ඒකේ විශේෂත්වයක් නැහැ. සමහරු අනුන්ට ලණු දීලා තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශනය කරනවා. කොහොමහරි අද උදෙන්ම උපන්දින දෙකක් ගැන අහන්න ලබුනා.

එක

විශ්ව සාහිතයට මහගු සේවයක් කල ලේඛකයකුගේ උපන්දිනය අද. හරියටම 1809 අද වගෙ දවසක තමයි රුසියාවේ ශේෂ්ඨ නවකතා,කෙටිකතා කරුවෙකුවු නිකොලෝයි ගොගොල් උපත ලැබුවේ. ඔහු අතින් ලියවුනු පොත් ප්‍රමාණය අති විශාලයි. ඒ අතරින් විශේෂම පොත හැටියට පිලිගන්නේ ''dead souls''හෙවත් ''මළ මිනිස්සු'' නම් පොතයි. මිනිස්සුන්ගේ ජීවිත ගැන, ගැහැණිය සහ පිරිමියා අතර වෙනසගැන මළ මිනිස්සු නම් කෘතියෙන් ඔහු කතාකලා. අද ඒ වගේ හොඳ පොතක් ලියවෙන්නෙ කලාතුරකින්. කියවන්න පුලුවන්නම් හොඳ පොතක්.

දෙක

අපෙ සුසීට ඊයේ රෑ පුතෙක් හම්බ වෙලා. පව් සුසීට හරි සතුටු ඇති. මෙච්චරකල් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා අපිට ජයග්‍රහන ගෙනත්දීලා දැන් තමයි තමන් වෙනුවෙන් දෙයක් කලේ. පුංචි හුරතල් කොලු පැට්ටෙක්. පුතේ කවදාහරි දවසක අම්මා වගේම රටට වැඩක් කරන, අම්මගේ නමත් බබළවන කෙනෙක් වේයන්.