Wednesday, October 14, 2009

''සතුට'' ශ්‍රී ලාංකිය අභිමානය සහ කොන්ඩම්...

ටිකක් අසම්මත කතාවක් වුනත් කතා කොකර ඉන්නම බැරි තැන මේක ලියන්න හිතුනේ.
පහුගිය සතිය පුරාම රූපවාහිනියේ[ශ්‍රී ලාංකිය අභිමානය නාලිකාවෙ] ප්‍රචාරනය වෙන හිරිකිත වෙලදදැන්වීමක් නිසා සමහර දෙමව්පියන් ගොඩක් අපහසු තාවයකට පත්වෙලා.

කොන්ඩම් කියන්නේ උපත් පාලන ආයුධයක්.ඒක එක අතකට සැගවිය යුතු දෙයක් නොවුනත් කොන්ඩම් සදහා වෙලද දැන්වීම් ප්‍රචාරනය කිරීම සදාචාර නැහැ කියන දෙයයි මගේ හැගීම.

ඇයි දැන් කොන්ඩම් විකිනෙන් නැද්ද?ඕනම භාන්ඩයක අලෙවිය පහත වැටුනම දැන්වීම් දාලා ප්‍රචාරනයක් දෙන එක ඇත්ත.....

ඇත්තටම දැන් කොන්ඩම් විකිනෙන් නැද්ද?
ඒ වගේ දෙයක් වෙනුවෙන් දෙනෝ දාහක් නරඹන රූපවාහිනියේ දැන්වීමක් දාන්න තරම් සදාචාරය පිරිහිලාද.....

මම තාම ඒ දැන්වීම දැක්කේ ස්වර්නවාහිනියේ විතරයි.ඒක ප්‍රචාරනය කරන්න ඔවුන් යොදාගෙන තිබුනෙත් බොහොම කැතම වෙලාවක්.පහුගිය සතියපුරාම ඔවුන් ඒ දැන්වීම ප්‍රචාරනය කලේ රටම නරඹන,කුඩා දරුවන්,දෙමව්පියෝ එකට වාඩිවී නරඹන රියැලටි වැඩසටහන් පෙළ අතරතුර.ඒ වෙලාවටම දෙවරක් ඒ දැන්වීම ප්‍රචාරනය කිරීම ''සතුට'' කොන්ඩම් වෙලෙන්දාගේ උවමනාවට සැලසුම් කර ප්‍රචාරනය කිරිමක්.
මේ දැන්වීම නැරඹු කුඩා දරුවනුත් සතුට ලබාගන්න දෙමව්පියන්ගෙන් තමන්ටද ඒකක් ගෙනත්දෙනලෙස ඉල්ලා ඇත...

රටකට උපත් පාලනය අවශය වුවත් රූපවාහිනියක කොන්ඩම් සදහා දැන්වීමක් ප්‍රචාරනය කිරීම මාධය සදාචාරයට පටහැනි ක්‍රියාවක් යන්නයි මගේ හැගීම....

ඔබේ දරුවා,ඔබේ මුනුපුරා,ඔබේ සහෝදරයා බෙන් ඇහුවොත් ඒ මොනවද කියලා. ඔබට කිව්වොත් මටත් ඒකක් ගෙනත් දෙන්න කියලා.මොනවද ඔබ දෙන උත්තර......

අපේ මාධය ඇමතිවරු දෙදෙනාත්,සංස්කෘතික ඇමතිවරු දෙදෙනාත් ශ්‍රී ලාංකිය අභිමානයේ සෝමා එදිරිසිංහ මැතිනියත් මේ ගැන අවධානය යොමුකල යුතුය.

9 comments:

  1. දාලා හමයනකං උලන්න හොඳයි. ඇඩ් එකක් දැම්මාම තමයි නරක.

    ReplyDelete
  2. ‍තොට අම්මෙක් අප්පෙක් සදාචාරයක් නැති වුණාට තවම මේ රටේ ලැජ්ජාවක් සදාචාරයක් තියෙන මිනිස්සු ඉන්නව.

    ReplyDelete
  3. ඇඩ් එකක් දාන්න තරම් අපේ මිනිස්සු කොන්ඩම් ගැන නොදන්නවයැ. නේද? ඔය ඇඩ් එක නොදැම්මනම් හොඳයි.

    ReplyDelete
  4. athtenma naraka wadak . . . adu taramin ra 10n passe wat pennanawanam hodai

    ReplyDelete
  5. ඕවා දාන උන් ටිවි බලන්නේ ළමයින්ගේ ඇස් වහලද කියල තමයි මට සැක.

    ReplyDelete
  6. It seems nothing wrong putting adverisments,on Condoms.
    If you say not good for childerns do you think other advertisments/teledrams ect. Suitable for children ?
    And also kids must watch suitable programs (4-7 pm programs ) under parent guidance
    ... Not all adults in this country are kids Dasun ..

    ReplyDelete
  7. මම නිතරම රූපවාහිනිය නරඹන අයෙක් නොවන නිසා ඔය කියන දැන්වීම නම් දැක්කේ නැහැ. නමුත් ස්වර්ණවාහිනිය ලගකදි ඉදන් නොහොබිනා වැඩ ටිකක් කරමින් යනවා. මමත් මීට සමගාමී අදසක් ලියුවා. බලන්න ඒකත් කියවලා

    ප්‍රවෘත්ති විකාශනයන්ගේ අදෝනාවන් තවත් ඉවසා සිටිමුද?
    geethge.blogspot.com

    ReplyDelete
  8. සිරස,ස්වර්ණවහීණය බලන උන්ට ළමයි ගැන ආදරයක් නැහැ.එහෙම පොඩි හරි ආදරයක් තියනව නමි ඔවා බලන්න නෑ

    ReplyDelete
  9. ads daana onada ban owata.... aththa kathawa lamai ahnawa thami ,

    ReplyDelete