Monday, July 20, 2009

අම්මා සහ ආදරය.....

අනේ මන්දා මේ දවස්වල ජීවිතේට මහා අමුත්තක් දැනෙනවා...හේතුව පස්සේ කියන්නම්කෝ.

කොහොම හරි ඊයේ රෑ හිතුනා අම්මට කියල බත් කටක් කවාගන්න..වෙසක් පෝය දවසේ ඉදන් මස්,මාළු කන එක නැවැත්තුව හින්දා දැන් බත් කන එකත් එච්චර උවමනාවක් නැහැ.ඊයේ රෑත් කන්නැතුව පනින්නයි හැදුවේ.කොහෙද අම්මගෙන් හොදවයෙන් දෙකක් අහගෙන අන්තිමට වාඩිවෙන්න උනා.ඉස්සර මම එළවලු කනවා හරි අඩුයි[තාමත් එහෙමයි].එළවලු නොකන නිසාමයි බත් නොකා ඉන්න හැදුවේ.අම්මා බත් එකත් අරගෙන ලගට අවාහම මම බත් පිගාන දිහාවත් බැලුවේ නැහැ.[මොකද කන්න ආසම නැති දේවල් ඒකෙ තියන බව දන්න නිසා]. අන්තිමට ඉතින් අමාරුවෙන් හරි කන්න ඔනේ කියලා පටන්ගත්තා.
එක කටක්,දෙකක්,තුනක්......අවුලක් නැහැ වගේ.
කොහොම හරි ටික ටික බත් පිගාන හිස් උනා. ඇත්තට හරිම රසයි.ඒ අම්මගෙ අතින් කාපු නිසා...මොන දේවල් උයලා තිබ්බත් අම්මා කවන කොට තියන රස...කියල වැඩක් නැහැ. ඒ අම්මගේ අත් ගුනේ නිසා වෙන්නැති....බත් එකට අම්මගේ ආදරයත් එකතු උනාම..........

ඉස්සර
වගේම
අම්මගේ
අතින්
කවන
බත්කට
කොයි තරම
රසද?
මොනවා
තිබ්බත්
රසම රස
වෙන්නේ
අම්මගේ
අත්ගුනේ නිසා
වෙන්නැති.....

6 comments:

  1. me punchima punchi sataha kiyawala mage es deka theth una machan...

    ikmanata gedara gihin ammata kiyala bath katak kawaganna onii matath....

    maasa 1 1/2kin hariyata kawe naa...

    ReplyDelete
  2. අනේ . . . . ! අම්ම අනලා කවන බත් එකේ රස දැනිලා . . කටට කෙලත් උනනවා වගේ . . . !

    ReplyDelete
  3. A really sensitive post... I am away from home for 2 yrs now... Visiting home next month... ammagen bath katak kawa ganna thamai balagena innee.... me post eka dekala gedara yanna thiyena hadissiya wedi una... :D

    ReplyDelete
  4. මෙ සටහන දකල මගෙ දෙනෙතටත් කදුලු ආව මමත් ආසයි අම්ම උයපු බත් ටිකක් කන්න.මොනව කරන්නද මම විදෙස රටකනෙ ඉන්නෙ, දන් මට මම උයපුව කාල එපාවෙල තියෙන්නෙ.

    ReplyDelete
  5. boru mokatada? matanam gedaradi aniwa amma kawanawa............... amma nathnam samahara dawasata nokaa innawa

    ReplyDelete
  6. මටත් අම්මට කියල බත් කවාගන්න ගොඩක් ආස හිතුන මෙක කියෙව්වම.මොනව කරනන්නද මාත් ඉන්නෙ පිටරටක.අපි උයන ඒව කාල එපාවෙල තියෙන්නෙ.ඒව අම්ම උයන ඒව තරම් රස නෑ.

    ReplyDelete