Saturday, June 27, 2009

මයිකල් ජැක්සන් සහ දුෂ්‍යන්තගේ හොටු........

මයිකල් ජැක්සන් මැරුණා. නමුත් ඒ නම තව ගොඩක් කාලයක් තියේයි මොකද මිනිහා තමන්ගේ ස්වෞත්සහයෙන් ඉගෙන ගත්ත ගායනය සහ නර්තනය නිසා. මමත් මයිකල් ජැක්සන්ට ඒ තරම් කැමති කෙනෙක් නෙමේ. නමුත් කාලයක් මතක හිටින්න යමක් කරපු කෙනෙක් නැති උනම පොඩි වේදනාවක් තියනවා. මුලු ලෝකෙම ජැක්සන් වෙනුවෙන් අඩත්දි පුංචි දුකක් දැනෙන එක ඇත්ත. හැබැයි මෙහෙම දෙයක් තියනවා ජැක්සන් කලේ තමන්ගේ දේවල් තමන්ගේ ගායනය,නර්තනය ඒ හින්දා ඔහු අමතක නොවන චරිතයක්. නමුත් ඔහුව කොපි කරන එකෙකුටවත් ජැක්සන් කෙනෙක් වෙන්න බැහැ. මොකද උන් කොපි කරන හොරු හින්දා. එහෙම කොපි කරන අපේ රටෙ ඉන්න මහ හොරට ගොඩක් දුක හිතිලා. මිනිහට දුක හිතෙන එක සාදාරනයි කියමු නමුත් මිනිහා එදා ''හදරැදිපැයට'' ඇවිත් පෙන්නූවේ සෝබනයක් කෙලින්ම කියනවනම් මිනිහට ඕනේ උනේ ඇඩ් එකක් වෙන්න. කොහොම හරි උනා කියමුකො.

පහුගියකාලේ අපේ කොල්ලො යුද්ද කරත්දි උන් එකා දෙන්නා මැරෙද්දි මේ සුදුජන්තුවට ඇඩුනද දන්නේ නැහැ? අපේ කේමදාස මාස්ටර් වගේ රටක් වටින මිනිස්සු මැරෙද්දි ඇඩුනද දන්නේ නැහැ? කොහොම හරි කමක් නැහැ අපිටනම් මේ ගැන තියෙන්නේ ලොකු කලකිරිමක්..........

හැබැයි එකක් මතක තිය ගනින් හැමදාම මිනිස්සු රවට්ටන්න බැහැ. ඔය ඇදන් ඉන්න සුදු රෙදි ගැලවුන දවසට ගහන්නේ එලව එලව...........

[මේ ගැන දුෂ්‍යන්තට හෝ දුෂ්‍යන්තගේ පින්තූරවලට පවා වදින බුරුවන්ගේ හිත රිදුනනම් සමාවෙන්න..]

මොනවා කරන්නද කටට ඉතින් බ්‍රෙක් නැහැනේ.......


26 comments:

  1. "මේ ගැන දුෂ්‍යන්තට හෝ දුෂ්‍යන්තගේ පින්තූරවලට පවා වදින බුරුවන්ගේ හිත රිදුනනම් සමාවෙන්න.."

    මම හිතන්නෙ මේ පුද්ගලයන්ගෙන් ඔබ සමාව ඉල්ලිය යුතු නහැ කියන එකයි . . . ඒ කට්ටිය පරමාර්ථ අතින් ගත්තොත් නිකම් දූවිලි අOශු වගේ. . . ඉතින් එහෙව් අයට ඔවා සුලු දේවල් . .

    ReplyDelete
  2. ජැක්සන් නොහිටියනම් දුෂ්මන්ත් කොහොම නටන්නද? ඉතින් ඇඬෙන එක සාධාරණයි

    ReplyDelete
  3. ඇඩෙන එක සාධාරනයි. හැබැයි මේ වෙලේ ඇඩ් එකක් වෙන එක සොබනයක් විතරයි

    ReplyDelete
  4. සම්පූර්ණයෙන් එකඟයි. මේකා ජැක්සන්ගෙ මරණයෙනුත් අනියම් විධියට වාසියක් ගන්නයි බලන්නේ... ඒක ජැක්සන්ට කරන අපහාසයක් වගෙයි මට නම් පෙනෙන්නේ...

    ReplyDelete
  5. උඹලට පුදුම ඇගේ අමාරුවක් නේ තියෙන්නෙ.කෙනෙක් ඇඩුවත් පුක කහනවා.හිනා වුනත් පුක කහනවා.
    තමන්ගෙ වැඩක් බලාගෙන හිටපන් බූරැවෝ ඉරිසියාවෙන් කුහක කමෙන් පැලෙන්නෙ නැතිව.

    ReplyDelete
  6. මචං මේ කොමඩි ස්ටාර්... ගනන් ගන්න එපා

    ReplyDelete
  7. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා.

    ගෝතයෝ අඩපන් උතුරෙ මෑරිච්ච අපේ කොල්ලන්ට, අඩපන් කන්න අදින්න නෑතුව වේලෙන අපේ මිනිස්සුන්ට. මොකද පොර උබවත් චූටි කාලෙ පිප්පි කලාද හුගක් පොඩි එවුන්ව වගේ?

    මෙන්න බොලේ කාටද තරහත් ගිහිල්ලා.

    නොමියානු මහත්තයො, කවුරු හරි සෝබනේට අඩනවට ඉරිසියා හිතෙන කතාවක් මම නම් ඔය ඈහුවමයි. මෙතන ඉරිසියාවක් කුහක කමක් නෙමෙයි තියෙන්නෙ. කල දුටු කල වල ඉහගන්න ගිය එකෙක් ගෙ ව%^ කූඩෑල්ලෙක් එල්ලෙනවා දෑකලා හිනාවිල්ලක්.

    ReplyDelete
  8. සිම්පල්,දුෂ්‍යන්ත කියන එකා ජනප්‍රිය වුනේ කවුරැ හින්දද?ජැක්සන් හිනදා.
    ඌ නැටුවේ කාගේ ශෛලියද? ජැක්සන්ගේ ශෛලිය.
    ඌ ඔය සාකච්චට ආවේ කවුරු හින්දද? ජැක්සන් හින්දා.

    ඒක නෙවෙයි මචං උඹලා ඇඩුවද ඔය උතුරේ මැරිච්ච සිංහල දෙමල කොල්ලො වෙනුවෙන්?

    ReplyDelete
  9. උඹ දුෂ්‍යන්තගේ කොපි කිරීම ගැන කතා කරනවා.උඹත් කොපි කරල තියෙන්නෙ වෙනෙ එකෙක්ගෙ post එකක්නෙ

    ReplyDelete
  10. ඇයි බන් මුන්ට මෙච්චර කසන්නේ දුෂ්‍යන්තට‍ මොනව හරි කිව්වොත්? මට පේන්නේ දුෂ්‍යන්ත කොපි කරලා තියෙන්නේ මයිකල්ගේ ශෛලිය විතරක් නෙමෙයි වගේ. ළඟඳිම ඌට විරුද්ධව නඩුවක් එයි මන්ද මානසිකත්ව මිනිස්සුත් එක්ක සමලිංගික සේවනයෙ යෙදුනයි කියලා.

    ReplyDelete
  11. කවුද මීට කලින් කිව්ව මතකයි ලංකාවේ ඉන්නෙ සීනි බෝල කොල්ලො වගයක් කියලා.උන් ඉන්නෙ කවුරු හරි හිනාවෙනකන් අඩනකන්.ඊට පස්සෙ වලිගෙ පාගගෙන බෙරිහන් දෙනවා.
    කෙනෙක් අඩන හිනා වෙන එක සාපේක්ෂයි.උඹ හිනා වෙන දේට නෙවෙයි මම හිනා වෙන්නෙ.උඹ අඩන දේට නෙවෙයි මම අඩන්නෙ.එහෙව් එකේ තමාට ජනප්‍රිය කිරීමට මුලික වුනු එකා වෙනුවෙන් විහිළුවට හෝ ඇත්තටම ඇඩුවත් උඹලට මොකද?
    කෙනෙකුගේ සංවේදී බවත් එකිනෙකට වෙනස්.කැරපොත්තෙක් හුනෙක් දැක්කත් කෙනෙක් සැරෙන් කතාකලත් අඩන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා.
    අර ඇනොනිමස් කියපු එක හරි බ්ලොග් වටේ පුක කඩාගෙන වලිග පාගගෙන හතරවටේ දුව දුව කමෙන්ට් දමන මුන්නම් සිරාවට බූරැවෝ රැලක්.

    ReplyDelete
  12. දශක ගණනාවත් තිස්සේ එක් එක් දේශපාලකයින් දුන් ගුණ්ඩු වලට නැවත නැවතත් අසු වන අපගේ ධර්මද්වීපයේ පින් ඇත් ජනතාව දුටු මාධ්‍ය මගින් දුෂ්‍යන්ත නැමැති ජනප්‍රිය චරිතය හරහා මෙවැනි බාල ගණයේ ඇක්ටින් පෙන්වමින් MJ මරණය මාකට් කර ගැනීමට තැත් කිරීම එක අතකින් වැරැද්දක් ලෙස නොපෙනෙන්නේ ඉහත සංවේදී තොත්ත බබා තම සංවේදීත්වය වර්ග කර දක්වා ඇති සැටි දුටු විටය. කැරපොත්තන් හූනන් මැරෙන විට අඬන වුන් යුධ ආතල් එක දවස් ගනන් ගත් බවත් රණවිරු ආ‍රෝග්‍යශාලා වලට ආධාර ලැබීම එන්න එන්නම මන්දනයකට ලක්ව ඇති බවත්, උතුරට යවන ආධාර ඊටත් වඩා වැඩි මන්දනයකට නතුව ඇති බවත් පමණක් මතක් කිරීමට කැමැත්තෙමු.

    ReplyDelete
  13. අනේ මෙන්න ඇනෝනිමස් පොන්නයෙකුට තද වෙලා !
    පවු නේද?

    ReplyDelete
  14. මෙහෙමයි..
    ඒක එක එක්කෙනාගෙ සංවේදීකම..
    අපිට කාටවත් කිසිම දේකට සංවේදී වෙන්න කියල බල ක‍රන්න බෑ..

    කෙනාගෙන් කෙනාට ඒක වෙනස්

    ReplyDelete
  15. මයිකල් ජැක්සන්June 28, 2009 at 12:04 AM

    අනේ මම දන්නෙ නැති හින්දා අහන්නෙ.මට තේරෙන්නෙ නෑ යුද්දෙ රණවිරැවො මැරැණු එකෙයි ඒවාට අධාර එකතු වෙන්නෙ නැති එකෙයි මූ මෙතෙන්ට ඇවිල්ලා තමන් පොරක් වෙන්න මම වෙනුවෙන් අඩපු එකෙයි සම්බන්ධය.අනේ දන්න කවුරු හරි කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ.

    ReplyDelete
  16. බොබ් මාලේ මැරෙන කොට රෙගී කාරයෝ ඇඩුවා.
    චේගුවේරා මැරෙනකොට කොමියුනිස්ට්කාරයෝ ඇඩුවා.
    ජොතිපාල මැරෙන කොට ජෝතිපාලට කැමති කට්ටිය ඇඩුවා.
    කේමදාස මාස්ටර් මැරෙන කොට මාස්ටර්ට කැමති කට්ටිය ඇ‍ඩුවා.
    පේමදාස මැරෙනකොට යුඑන්පී කාරයෝ ඇඩුවා.
    විජේවීර මැරෙනකොට ජේවීපී කාර‍යෝ ඇඩුවා.
    ප්‍රබාකරන් මැරෙනකොට එල්ටීටි කාරයෝ ඇඩුවා.
    මයිල්කල් ජැක්සන් මැරෙන කොට පොප් සංගිත බ්‍රෙක් ඩාන්ස් කාරයො අඩනවා..

    සාමාන්‍ය කැමැත්තකට වැඩිය ජනප්‍රිය චරිත අණුකරනය කරමින් ඔහු අදහමින් ඔහු දේවත්වයෙන් සලකමින් උමතුවෙන් වගේ ඉන්න රසික‍යොත් ඉන්නවා.ඒ වගේ පුද්ගලයන්ට තමාගේ නායකයා මැරුනම දුකයි.සමහරැ එවැනි අය මැරැනම සියදිවි හානිකරගන්න පවා උත්සාහ කරනවා.සමහරැ ඇගේ පච්ච කොටාගන්නවා..දුෂ්‍යන්ත් කියන්නෙත් එහෙම පොඩිකාලේ ඉදන් මයිකල් ජැක්සන් වීරයා හැටියට සලකමින් ඔහුගේ වීඩියෝ බලමින් අණුකරණය කරමින් තවත් ජැක්සන් කෙනෙක් වෙන්න උත්සාහ කරපු කෙනෙක්..ඇත්තටම දුෂයන්ත් කියන චරිතය බිහිවෙන්නෙ ජැක්සන් හින්දා.ඔහුට ඇත්තටම දුක දැනෙනවා ඇති.
    අපි කොහොමද කියන්නෙ ඔහු යුද්දෙන් මැරුණු මිනිසුන්‍ වෙනුවෙන් දුක් වුනේ නැහැ කියලා..ඔබ දැක්කද ඔහු දුක් නොවෙනවා..
    ඔහු ජැක්සන්ව කොපිකලාට ඔහුගේම ශෛලියක් ගොඩනගාගෙන ප්‍රසිද්ධ වුනු කෙනෙක්..

    තව දෙයක් කලාව දේශපානය වගේ දේවල් රටක් ජාතියක් අනුව නොව එය ජාත්‍යන්තර වශයෙන් බැලිය යුතු දෙයක්.
    ජැක්සන් වෙනුවෙන් ඉන්දියාවෙත් අඩන මිනිස්සු ඉන්නවා අරාබියෙත් ඉන්නවා අප්ප්‍රිකාවෙත් ඇමරිකාවෙත් ඉන්නවා..

    ReplyDelete
  17. මෙහෙමයි... ළමා කාලෙදි කවුරු හරි ජනප්‍රිය චරිතයක් වීරත්වයෙන් සලකන එක සාමාන්‍ය දෙයක්. නමුත් වයස අවුරුදු 12 - 15 පහු වෙද්දිත් ඒක එහෙම නම් මොකක් හරි ලෙඩක්.

    අනෙක... දුෂ්‍යන්ත් තව ටිකක් පුරුදු වෙලා ආව නම් හරි කියල හිතෙනවා.... නර්තනය අති විශිෂ්ඨයි. ඒත් රංගනය එහෙම නෑ.

    ReplyDelete
  18. සමහරුන්ට එක්කෙනක් ඇඬුවා කියලා මාර ප්‍රශ්නයක් තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මේ මෝඩ යක්කුන්ට තෙරෙන්නෙ නෑ මයිකල් ජැක්සන් කියන්නෙ කවුද කියල මොකද මේ මී ගොන් හරක් ලෝකය ගැන දන්නේ 2002න් පස්සෙ එහෙමත් නැත්තම් කැම්පස් යන්න කොළඹ ආවට පස්සේ. ඉතින් මුන්ට තෙරෙන්නෙ නෑ 80 හා 90 දශකවල ලෝකයා කොතරම් මයිකල් ජැක්සන්ට ආකර්ශනය වෙලා හිටියද කියලා. ඇත්තටම මේ වගෙ හරක් ගැන අපි අනුකම්පා කරන්න ඕනේ

    ReplyDelete
  19. සමහර පොෂ් එවුන්ට ටීවි එක ඉස්සරහට ඇවිත්වත් ගොඩේ පාට් නොදා ඉන්න බැරි හැටි දැකලා තවත් පොෂ් එවුන් ටිකක් (මයිකල් ජැක්සන් කවුද කියලා දන්න අය) ඒ අඬන්නෙ දුකට කියලා හිතාගෙන ඉන්න හැටි තමයි දුක.

    සීනි බෝල රාජ්‍යයක අනාගතය භාරගන්න ඉන්න සීනි බෝල තරුණ පරම්පරාව !!!

    ReplyDelete
  20. මචං ඇනොනිමස්..
    සමහර විට දුෂ්‍යන්ත් දමන්නෙ තවත් ලකුණුගන්න බොරැ පාට් එකක් වෙන්න ඇති.ඒත් මචං උඹට අපිට මොකද?
    ඌ කොහොම හරි ඒ තැනට ආ‍වේ ඌගේ දක්ෂ කමයි වාසනාවයි නිසානේ.

    කෙල්ලො ඌට ලවුකලාට අපි ඉරිසියා කරන්න නරකයි නේ.අපිත් ට්‍රයි එකක් දෙමු මොකෙක් හරි කොපි කරලා එතෙන්ට යන්ට.
    එතොකොට අපිටත් බැරිය ඔයවගේ පාට් දමන්න.නැත්නම් රටට ආදරය කරන්න.

    ReplyDelete
  21. මධ්‍යම පාන්තිකයාට
    මම කියපු දේ ඉරිසියාව වැනි පෞද්ගලික සිතුවිල්ලකට වඩා එහා යමකට කොටු කර ගන්න බැරි උඹම සීනි බෝල තරුණ පරම්පරාවට උදාහරණයක් නෙවෙයිද කියපන්.
    දුෂ්‍යන්තගේ හැකියාව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිහගෙ සින්දු මමත් අහනවා.
    ඒත් මම ප්‍රශ්නෙ යොමු කලේ මාධ්‍ය පාට් එකට මිසක් වෙන දේකට නෙමෙයි. සමහර විට දුෂ්‍යන්ත ඇත්තටම අඬන්න ඇති. ඒත් රූපවාහිනි වැඩසටහනක් ඉස්සරහා අඬන්නේ ඇඩ් එකටද නැද්ද කියන එක උඹටත් මටත් තේරෙන්න ඕනේ.
    මිනිහා ඇඩ් දැම්මට මොකද? දාන ඇඩ් එක චාටර් එකක් වුනත් එතනින් සංකේතවත් වෙන්නේ මාධ්‍ය භාවිතයෙ තියන සිල්ලර ගතිය. රටේ ඉන්නේ ගොබ්බයොද නැද්ද කියන එක රටේ මාධ්‍ය භාවිතයෙන් හොඳට පෙන්වන්න පුලුවන්.
    හරවත් මාධ්‍ය භාවිතයක් එදා ඉඳන් තිබුනනම් මේ උඩ "මේකයි යුද්ධෙ අතරෙ සම්බන්ධෙ" හොයාගන්න බැරි මන්දයො බිහි වෙන එක අඩු වෙන්න තිබුනා.
    ඒක නිසා මචන් ඉරිසියාව කියලා නෝන්ඩි නොදා වෙන නෝන්ඩියක් තියෙනවනම් දාපන්. එකක් නැත්තන් අනිකක් කියලා හිතන්න පුරුදු වෙන්න එපා.

    ReplyDelete
  22. සමහරුන්ට එක්කෙනක් ඇඬුවා කියලා .......

    සම්බන්ධවයි
    දන්න උතුමා ඉතින් නොදන්න කට්ටියට කියාදුන්නනම් නේද හොද? ආහ් එහෙම කරන්නබෑනෙ, ඈයි උන්නෑහෙ නොමියානු කෙනෙක් නෙ. අනික මේක ක්‍රි. ව. 1 යෑ නොපෙනෙන උත්තමයෙක් කියාදෙන දේවල් පිලිගන්න. ලොකෙ ගෑන අනුන්ට කියාදෙන්න කලින් තමා පොඩ්ඩක් විතර "රීති" ගෑන ඉගනගත්තොත් නරකද?

    ".. නැත්තම් කැම්පස් යන්න කොළඹ ආවට පස්සේ"

    හූ හූ ඔයාට .. යන්න බෑරි උනානේ... ඉරිසියයි නෙ???

    ReplyDelete
  23. මචං ඇනොනිමස්..
    මාධ්‍ය බාවිතයේ නම් ලොකු අවුලක් තියනවා.ඒක ඇත්ත!
    මම නම් පොප් සංගීතෙට කැමති වත් දුෂ්‍යන්ත්ට කැමති වත් කෙනෙක් නෙවෙයි.ඌට විරැද්ධව කතා ගොඩක් ගියපු හින්දයි ලිව්වේ..
    මම ඉන්නෙ ලංකාවෙන් පිට.ඇමරිකාවේ නම් නෙවෙයි.මම ඉන්න රටේ ප්‍රධාන සංගීත ධාරාව පොප් හා බටහිර සංගීතය.මේහේ කොල්ලෝ කෙල්ලෙ මැරිලා වගේ අඩනවා.
    අපි මචං අපේදේ අපේසංගීතය කියා හැමතිස්සෙම ඉන්දියානු හා දේශීය සංගීතයෙන් වැනි අපේ රාමුවෙන් බලන කොට තමයි කෙනෙක් සුද්දෙක් වෙනුවෙන් ඇඩුවත් මල පනින්නෙ.එත් මචං ඒක සමස්ථ ලෝකය වශයෙන් ගෝලීයකර්නය වු ඒකකයක් වශයෙන් බලද්දි එහෙම දේවල් සාමාන්‍ය දේවල්.අපේ දේ රැකගන්න ඕන ඒත් ගොත්‍රික නොවී දුවන ලෝකයට ගැලපෙන විදියට.නැත්නම් අපේ එක සිංදුවක් වත් ජත්‍යන්තරව හිට් කරගන්න බැරි වෙනවා.

    මගේ හලාවත මිත්‍රයෝ වගයක් ඉන්නවා උන් තාමත් බොබ්මාලේ වෙනුවෙන් අඩනවා.පච්ච ගහනවා කොන්ඩේ වවනවා ඒ විදියට හැසිරෙනවා.සමහර විට ජැක්සන්ට ඌ ඇත්තටම ආදරය කලා නම් එතනදී ඌට ඇත්තටම ඇඩුනනම් ඌ එතනින් නොයා වෙන මොනවා කරන්නද?
    අනික මචං ඒක ලයිව් වැඩසටහනක් නේ.අනික මිනිස්සුත් විවිදයි නේ.සංවේදීකමත් විවිදයිනේ.
    අපිට කෙනෙක් වෙනුවෙන් කේමදාස මාස්ටර් වෙනුවෙන් අඩපන් යුද්දෙ වෙනුවෙන් අඩපන් කියා බලකරන් පුළුවන්ද?

    ReplyDelete
  24. මේවා ගෝලීයකරණයෙ හේතු නිසා කියන එකට නම් මම එකඟයි. හැබැයි මචන් උඹයි මමයි වෙනස් වෙන්නෙත් එතන. උඹ ගෝලීයකරණයෙන් ඇතිවෙන විපාක සාමාන්‍ය දේවල් ලෙසට පිළිගන්නවා. පිළිඅරන් ඒවා වෙනස් කරන්න බැරි දේවල් විදියට පසු බහිනවා. මම ගෝලීයකරණයේ විපාක, විපාක විදියට සලකලා ඉවත ලන්න උත්සහ ගන්නවා.
    වැරදියට තේරුම් ගන්න එපා. අපේ දේ රැක ගන්න කියන එක හොඳයි තමයි. නමුත් මම ඒ රාමුවට කොටු වෙලා නැහැ.
    උඹටයි මටයි බෝතලයක් එක්ක සෙට් වෙන්න තිබුනනම් වටිනාකම කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  25. මෙකයි නියම වැඩේ...ශාකුන්තල, මේ යකා ඩාන්සින් ස්ටාර් එකේදි අැහුවම මයිකල් ජැක්සන් ගෙන් ෙකාපි කිරීම ගැන, කිව්වා තනියම හොයාගත් තමුන්ගෙම ස්ටයිල් එකක් මේක... කියලා. මයිකල් ජැක්සන්ට කලින් මූන් වොක් (Moon walk) හොයාගත්ත අයගෙන් ඉගෙන ගත් බව කව්වා සිරසෙන්ම. ඊට පස්සෙ දුෂ්‍යන්ත් ගෙ අම්ම ගෙන් අැහුවම කියනවා මුලු දවසම ජැක්සන් ගෙ සින්දු දාගෙන කාමරෙට වෙලා නටපු බව. එතනම පටි රෝල් වුන නිසා අපිට හිනා ගිහිල්ලම සිද්ධිය මතකයි.. තාමත් ලැජ්ජ නැතුව අඩන්න එනවනෙ...

    ReplyDelete
  26. ඹව් ඹව් !!!!!! හැමදාම කරන්ෙන් මයිකල් ජැක්සන්ව ෙකාපි කරපු 1ෙන්.....ෙම්ක නමි නියමයි. සහතික අැත්ත.

    ReplyDelete