Thursday, June 11, 2009

පුලුවන්නම් තේරුම්ගනින්.........

ඊයේ මගේ හොදම යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා.

''මචං උඹ අර හිටවපු රෝස පැලේ පැලවෙලාද?''

''තාම ඒ රෝස පැලේ මැරිලා නම් නැහැ''


''නැහැ බං මම ඇහුවේ රෝස පැලේ දැන් පැලවෙලාද කියලා''

''ඒක තමයි මමත් කිව්වෙ තාමනම් ඒ රෝස පැලේ මැරිලා නැහැ''

යාලුවා උඹට ඒක තේරුම් ගන්න ගොඩක් කල්යයි.

''හැබැයි ඒ රෝස ගහ මැරිච්ච දවසට මම මුලින්ම කියන්නෙ උඹට''

පුලුවන්නම් තේරුම්ගනින්.........

8 comments:

  1. හරිම විසංවාදයක් නේ...

    ReplyDelete
  2. positive thinking negative thinking
    අතරමැද අවස්තාවටක උදාහරනයක් වගේ

    ReplyDelete
  3. මට හිතෙන්නේ මමත් ඉන්නේ ඔය අතර මැද අවස්තාවේ තමයි.

    ReplyDelete
  4. චතුස්කෝටිකයේ යෙදීමක් වගෙයි පෙනෙන්නේ. ද්විකෝටිකයේ හිරවෙලා ඉන්න බොහෝදෙනෙකුට තේරුම් ගන්න අපහසුයි වගේ! මොකද බටහිර අධ්‍යාපන රටාවක් තුල අපි දැන් ඉගෙනගන්න හැම දෙයක්ම වගේ (විද්‍යාව, ගණිතය ඇතුළු බොහෝ දේ) ද්විකෝටිකය මත ගොඩනගල තියෙන්නේ. චතුස්කෝටිකය ගැන මමත් ලිව්වා. කියවන්න

    ReplyDelete
  5. චතුස්කෝටික පැහැදිලි කිරීම සර්වසම්පුර්නයි.ද්විකෝටිකයෙන් හිරවෙලා ඉන්න ගොඩක් අයට බැලූ බැල්මට නොපෙනෙන සත්‍ය තියෙන්නෙ එතනයි

    ReplyDelete
  6. ඔය චතුර්කොටිකයේ( other than binary logic) ප්‍රශ්නය මගේ මනසේ දිගටම රැව් දෙන එකක් කාලයක් තිස්සේ . ඔය LG washing Machine [ i am not washing 0kg or 6kg ] වල තියෙන කියන එක ඔය කියන දේ අනුව වැඩකරනව වගෙයි. කියල Neural network එකක් තියෙනව තිරන ගැනීමේදී
    හොද ලිපියක් දන්න අය ලියන්න අපිටත් දැනගන්න.

    ReplyDelete
  7. @දසුන්,
    චතුස්කෝටිකය ගැන මේ පැහැදිලි කිරීම මට තේරෙන විධියට මම නිර්මාණය කරපු එකක්. මේ ගැන තවත් විවිධාකාරයේ පැහැදිලි කිරීම් තිබිය හැකිය. උදාහරණයක් විධියට මම චතුස්කෝටිකය ගොඩනගන්නේ ද්විකෝටික ඇසුරෙන්. නමුත් මගේ මිතුරෙකුගේ අදහස වන්නේ චතුස්කෝටිකය ද්විකෝටිකයෙන් ස්වායක්තව වෙනමම නිර්මාණය වන්නක් බවයි.

    @මුතුනායක,
    මම දන්න විධියට නම් washing machine වල පාවිච්චි කරන්නේ fuzzy logic, ඒකයි චතුස්කෝටිකයයි අතර සම්බන්ධයක් මමනම් දන්නේ නෑ. ඇත්තටම කියනවානම් fuzzy logic ගැන මම හරියට දන්නේ නෑ. සමහරවිට විකිපීඩියාවෙන් විස්තර හොයාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  8. ද්විකෝටික, චතුස්කෝටික හා ඒක කෝටික ගැන වැදිදුරටත් දැනගන්න කැමතියි. ඒ ගැන පැහැදිලි කරගැනීම සදහා යම් පොත් සටහන් සොයගැනිමට හැකිද?
    ඒ සදහා යම්සහයෝගයක් ලබාදෙන්න.

    ReplyDelete